Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | වැඩවලින් සතුටක් ලබන්න

ගත වෙහෙසුව කාලේ දැන් ඉවරද?

ගත වෙහෙසුව කාලේ දැන් ඉවරද?

බඩු ප්‍රවාහණ ආයතනයක වැඩ කරන ඇලෙක්ස් ඊළඟ පෙට්ටිය ලොරියට පටවන ගමන් සුසුමක් හෙළමින් ‘මේ රස්සාව කරලා නම් මට දියුණු වෙන්න බැහැ. මැරිලා මැරිලා වැඩ කරන එකේ ඇති පලේ මොකක්ද? වැඩ නොකර ඉන්න තිබුණා නම් කොච්චර හොඳද’ කියලා හිතුවා.

ඇලෙක්ස් වගේ අද ඉන්න හුඟදෙනෙක් මහන්සි වෙලා වැඩ කරන්න ආස නැහැ. ඒරන් මෝටර් රථ කාර්මිකයෙක්. ඔහු මෙහෙම කියනවා. “ඇඟපත වෙහෙසලා වැඩ කරන එක පහත් දෙයක් කියලයි හුඟක් අය හිතන්නේ. දැනට මේක කළත් මෙතනින් පනින්න චාන්ස් එක ලැබුණ ගමන් වෙන එකකට පනිනවා කියන අදහසයි ඒ අයට තියෙන්නේ.”

මහන්සි වෙලා වැඩ කරන්න හුඟක් අය අකමැති ඇයි? ඒකට හේතුව ඒ අය මාධ්‍යයේ බලපෑමට අහු වෙලා ඉන්න නිසා වෙන්න පුළුවන්. මොකද “නියම” ජීවිතය කියන්නේ වැඩපළ නොකර සැප පහසුවේ ඉන්න එක කියලා මාධ්‍යයෙන් පෙන්වනවා. නඩත්තු කටයුතුවල යෙදෙන මැතිව් මෙහෙම කියනවා. “මහන්සි වෙලා කරන රස්සාවලින් ඉහළට යන්න බෑ කියලා ගොඩක් අය හිතනවා.” පිරිසිදු කිරීමේ සේවාවන් සපයන ආයතනයක සේවකයෙක් වන ෂේන් කියන්නෙත් මේ වගේ දෙයක්. “දවසේ පඩියට හරියන වැඩක් නොකරන එක අද සාමාන්‍ය දෙයක් වෙලා.”

හැබැයි සාර්ථකත්වයක් ලැබුව අය, මහන්සි වෙලා වැඩ කරන එකෙන් සතුටක් ලබනවා. “හරි අරමුණක් ඇතුව මහන්සි වෙලා වැඩ කරනවා නම් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්.” එහෙම කිව්වේ ඉදි කිරීමේ ආයතනයක වැඩ කරන 25 හැවිරිදි ඩැනියල්. “වැඩ කරනවා නම් එතන සතුට තියෙනවා. ඒත් අඩුවෙන් වැඩ කරනවා නම් ගත කරන්න වෙන්නේ මහා කම්මැළි ජීවිතයක්” කියලා 23 හැවිරිදි ඔන්රේත් කිව්වා.

ඩැනියල් සහ ඔන්රේ වගේ අයට මහන්සි වෙලා වැඩ කරන එක ගැන හොඳ ආකල්පයක් තියාගන්න පුළුවන් වුණේ කොහොමද? ඔවුන් බයිබල් ප්‍රතිපත්ති ජීවිතයට අදාළ කරගත්තා. මහන්සි වෙලා වැඩ කරන එක පහත් දෙයක් හැටියට සලකනවා වෙනුවට බයිබලයේ කියන්නේ කඩිසරව වැඩ කරන්න කියලයි. ඒ විතරක් නෙමෙයි කරන වැඩේ සතුටින් කරන විදිහ ගැනත් බයිබලයේ විස්තර කරනවා.

සතුටින් වැඩ කරන්න ඔබට උදව් වෙන්නේ මොන බයිබල් ප්‍රතිපත්තිද? ඊළඟ ලිපියේ ඒවා ගැන සාකච්ඡා කරනවා.