Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | දේවරාජ්‍යය ගැන ඔබ උනන්දු විය යුතුද?

දේවරාජ්‍යය ගැන දැනගන්න එක වැදගත්ද?

දේවරාජ්‍යය ගැන දැනගන්න එක වැදගත්ද?

හුඟක් මිනිස්සු දේවරාජ්‍යය ගැන විශ්වාස කරනවා. “ඔබගේ රාජ්‍යය පැමිණේවා! ඔබගේ කැමැත්ත . . . පොළොවෙහිද සිදු වේවා!” කියලා යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කියලා දුන්න යාච්ඤාව ඔවුන් කියන්නේ ඒ නිසයි.—මතෙව් 6:10.

දේවරාජ්‍යය ගැන විශ්වාස කළත් ගොඩක් ක්‍රිස්තියානි ආගම්වල ඒ ගැන වැඩිය කතා කරන්නේ නැහැ. ඉතිහාසඥයෙක් වන එච්. ජී. වෙල්ස් ඒ ගැන මේ වගේ අදහසක් කිව්වා. “යේසුස් දේවරාජ්‍යය ගැන උගන්වන්න ලොකු උනන්දුවක් දැක්වුවත් අද හුඟක් ක්‍රිස්තියානි පල්ලිවල දේවරාජ්‍යය ගැන උගන්වන්නේ නැති තරම්.”

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වන අපේ ඉගැන්වීම් ඒ ක්‍රිස්තියානි ආගම්වල ඉගැන්වීම්වලට වඩා හාත්පසින්ම වෙනස්. අපි දේවරාජ්‍යයට විශේෂ අවධානයක් දෙනවා. අපේ ප්‍රධාන සඟරාව වන ‘මුරටැඹ’ සඟරාවේ මුල් පිටුවේම යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි කියලා සඳහන් කරලා තියෙනවා. * මේ සඟරාව භාෂා 220කින් මුද්‍රණය කරනවා. හැම මාසයකම පිටපත් මිලියන 46ක් පමණ මුද්‍රණය කරන අතර ලෝකයේ වැඩියෙන්ම බෙදාහරින සඟරාවත් මේකයි.

දේවරාජ්‍යය ගැන අනිත් අයට දැනුම් දෙන්න සාක්ෂිකරුවන් මේ තරම් උනන්දුවක් දක්වන්නේ ඇයි? මේ ලෝකේ තියෙන වටිනාම පොත වන බයිබලයේ තේමාව දේවරාජ්‍යය කියලා ඔවුන් දන්න නිසයි. අනික, අද තියෙන ප්‍රශ්න ගැටලුවලට විසඳුමක් ලැබෙන්නේ දේවරාජ්‍යයෙන් කියලා ඔවුන් විශ්වාස කරන නිසයි.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යේසුස්ගේ ආදර්ශය අනුකරණය කරන්න උපරිමය කරනවා. යේසුස් මේ පොළොවේ ඉද්දී මූලිකවම අවධානය දුන්නේ දේවරාජ්‍යය ගැන අනිත් අයට කියන්නයි. (ලූක් 4:43) යේසුස් දේවරාජ්‍යය ගැන ඒ තරම් උනන්දු වුණේ ඇයි? දේවරාජ්‍යය ගැන ඔබ උනන්දු වෙන්න ඕන ඇයි? ඒවාට පිළිතුරු අපි ඊළඟ ලිපිවලින් බලමු.

^ 5 ඡේ. සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ සඳහන් වෙනවා.