Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | හොඳ මිනිසුන්ට නරක දේවල් වෙන්නේ ඇයි?

ඇයි මෙතරම් දුෂ්ටකම්?

ඇයි මෙතරම් දුෂ්ටකම්?

බංග්ලාදේශයේ ජීවත් වුණු 35 හැවිරිදි ස්මිටාව * කවුරුත් හැඳින්නුවේ අන් අයට ආදරයෙන් සලකපු, දෙවියන් ගැන අනිත් අයට කියලා දෙන්න මහන්සි වුණු ගෘහණියක් විදිහටයි. ඒත් හදිස්සියේ වැලඳුණු මාරාන්තික රෝගයක් නිසා සතියක් ඇතුළත ඇය මෙලොවින් සමුගත්තේ ඇගේ ආදරණීය නෑදෑ හිතවතුන්ව කම්පාවට පත් කරමින්.

ඇමරිකාවේ හිටිය ජේම්ස් සහ ඔහුගේ භාර්යාවත් අනිත් අය අතරේ හොඳ නමක් දිනාගෙන හිටපු 30 ගණන්වල පසු වුණ යුවළක්. ඈත ප්‍රදේශයක ඉන්න යාළුවන්ව බලන්න ගිය ඔවුන් දරුණු රිය අනතුරකින් මිය ගියේ ඔවුන්ගේ යාළුවන්ට හා නෑදෑයන්ට දරාගන්න බැරි දුකක් ඉතුරු කරලයි.

ඒ වගේ දුක්ඛිත ප්‍රවෘත්ති ආරංචි වෙන්නේ ඈත රටවලින් විතරක් නෙමෙයි. යුද්ධවලින් අහිංසක ජනයා හා සොල්දාදුවන් මිය යනවා. අපරාධ නිසා අහිංසක අයගේ ජීවිත නැති වෙනවා. වයස් භේදයකින්, උස් පහත් භේදයකින් තොරව කොයි කවුරුත් මාරාන්තික රිය අනතුරු හා දරුණු රෝගවලට ගොදුරු වෙනවා. ස්වාභාවික විපත්වලින් මුළුමනින්ම ගම්මාන විනාශ වෙනවා. උස් පහත් භේදය හා අසාධාරණය නැති තැනක් නැහැ. ඔබත් ඒ වගේ දෙයකට ගොදුරු වෙලා ඇති.

ඒ නිසා මේ වගේ හිතෙන්න පුළුවන්.

  • හොඳ අයට නරක දේවල් වෙන්නේ ඇයි?

  • මේවාට වගකියන්න ඕන දෙවියන්ද?

  • විපත්ති ඇති වෙන්නේ අහම්බෙන්ද? නැත්නම් ඒවා ඇති කරන්නේ මිනිසුන්ද?

  • දුක් විඳින්නේ කර්මය පල දීපු නිසාද?

  • බලවත් දෙවි කෙනෙක් ඉන්නවා නම් හොඳ මිනිස්සුන්ව දුක් කරදරවලින් බේරගන්නේ නැත්තේ ඇයි?

  • දුක් කරදර නැති කාලයක් එයිද?

ඒ ප්‍රශ්නවලට පිළිතුරු දැනගන්න කලින් මේ ප්‍රශ්න දෙකට පිළිතුරු දැනගන්න ඕනේ. නරක දේවල් සිද්ධ වෙන්නේ ඇයි? දෙවියන්ගේ විසඳුම මොකක්ද?

^ 3 ඡේ. නම් වෙනස් කර ඇත.