Skip to content

පටුනට යන්න

 මුල් පිටුවෙන් | හොඳ මිනිසුන්ට නරක දේවල් වෙන්නේ ඇයි?

දෙවියන් ගෙනෙන විසඳුම මොකක්ද?

දෙවියන් ගෙනෙන විසඳුම මොකක්ද?

සාතන් නමැති යක්ෂයා ඇති කරලා තියෙන දුක් වේදනා යෙහෝවා දෙවියන් හා ඔහුගේ පුත් යේසුස් තුරන් කරනවා කියලා බයිබලයේ කියනවා. “දෙවිගේ පුත්‍රයා [යේසුස්] පැමිණියේ යක්ෂයාගේ ක්‍රියා සහමුලින්ම නැති කර දැමීමටය.” (1 යොහන් 3:8) එදාට තණ්හාව, වෛරය හා දුෂ්ටකම සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඒ වගේම “මේ ලෝකයේ පාලකයාව” එනම් සාතන්ව “නෙරපා දමනු ලබනවා” කියලත් බයිබලයේ කියනවා. (යොහන් 12:31) සාතන්ගේ බලපෑම් නැති මේ ලෝකය එදාට සාමකාමීව ජීවත් වෙන්න පුළුවන් ලස්සන තැනක් වෙයි.2 පේතෘස් 3:13.

ඒත් මුරණ්ඩු ලෙස දිගටම වැරදි කරන අයට වෙන දේ ගැන බයිබලයේ පැහැදිලිවම කියනවා. “ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන අය දිගු කල් ජීවත් වන්නෝය. පොළොව මත බේරී ජීවත් වන්නේ නිර්දෝෂ අයයි. නමුත් දුෂ්ටයන්ව පොළොවෙන් තුරන් කරනු ලබන්නේය. ද්‍රෝහිකම් කරන්නන්වද පොළොවෙන් උදුරා දමනු ලබන්නේය.” (හිතෝපදේශ 2:21, 22) දුෂ්ට මිනිසුන්ගේ බලපෑම් නැති ඒ සාමකාමී කාලයේදී දෙවියන්ට කීකරු මිනිසුන්ට හැකිවෙනවා තමන්ට උරුම වෙලා තියෙන පාපයෙන් ටිකෙන් ටික නිදහස් වෙන්න.රෝම 6:17, 18; 8:21.

ඒ කාලයේදී දෙවියන් නපුර මුළුමනින්ම නැති කරන්නේ කොහොමද? මිනිසුන්ට දීලා තියෙන තීරණ ගැනීමේ නිදහස නැති කරලා ඔවුන්ව රොබෝ යන්ත්‍ර බවට පත් කරලාද? නැහැ. ඒක කරන්නේ ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිති මිනිසුන්ට උගන්වලා ඔවුන්ගේ වැරදි සිතුවිලි හා ක්‍රියා වෙනස් කරගන්න උදව් කරලයි.

දුක් වේදනාවලට හේතු වෙන හැම දෙයක්ම දෙවියන් ඉවත් කරනවා

දෙවියන් විපත්තිවලට විසඳුමක් ගේන්නේ කොහොමද? ඉතා කෙටි කලකින් ඔහුගේ රාජ්‍යය මේ පොළොව පාලනය කරන්න පටන්ගන්නවා කියලා ඔහු පොරොන්දු වෙනවා. ඒ රාජ්‍යයේ රජු දෙවියන් පත් කරපු යේසුස් ක්‍රිස්තුස්. යේසුස්ට රෝග සුව කරන්න බලය තියෙනවා. (මතෙව් 14:14) ඒ වගේම ස්වාභාවික විපත් නැවැත්වීමේ බලයත් තියෙනවා. (මාක් 4:35-41) ඒ නිසා මිනිසුන්ට ‘නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවලින්’ ඇති වෙන දුක් වේදනා අද්දකින්න වෙන්නේ නැහැ. (දේශනාකාරයා 9:11) යේසුස් මේ පොළොව පාලනය කරන කාලයේදී මිනිසුන්ට කිසිම විපතක් සිද්ධ වෙන්නේ නැහැ.හිතෝපදේශ 1:33.

මරණයට ගොදුරු වුණ මිලියන ගණන් අහිංසක අයට සිද්ධ වෙන්නේ මොකක්ද? යේසුස් ලාසරුස්ව මරණයෙන් නැවත නැඟිටුවන්න ටිකකට කලින් මෙහෙම කිව්වා. “නැවත නැඟිටීමත් ජීවනයත් ලැබීමට මඟ මමයි.” (යොහන් 11:25) ඒ කියන්නේ මැරුණු අයව ආපහු ජීවත් කරවන්න යේසුස්ට බලය තියෙනවා කියන එකයි.

හොඳ මිනිසුන්ට නරක දේවල් වෙන්නේ නැති කාලයක ජීවත් වෙන්න ඔබ කැමති නම් සැබෑ දෙවියන් ගැනත් ඔහුගේ අරමුණ ගැනත් බයිබලයෙන් දැනගන්න ඔබට පුළුවන්. ඒ ගැන කියලා දෙන්න ඔබේ ප්‍රදේශයේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් ඉන්නවා. ඔබට ඔවුන්ව හමු වෙන්න හරි මේ සඟරාවේ තියෙන ලිපිනයට ලියන්න හරි පුළුවන්.