Skip to content

පටුනට යන්න

හාස්කම් ඔබ විශ්වාස කරනවාද?

හාස්කම් ඔබ විශ්වාස කරනවාද?

හාස්කම් ඔබ විශ්වාස කරනවාද?

“හාස්කම් වෙන්නේ කොහොමද කියලා විද්‍යාවෙන් ඔප්පු කරන්න බැහැ.”—මහාචාර්යය රිචඩ් ඩෝකිංස්.

“හුඟක් අය හාස්කම් විශ්වාස කරනවා. ඒකෙ කිසිම වරදක් නැහැ. මං හිතන විදිහට දෙවියන් අපිට ආදරේ නිසයි ඒ වගේ පුදුම දේවල් කරන්නේ.”—දාර්ශනිකයෙක් වන රොබට් ඒ. ලාමර්.

හාස්කම් නැත්නම් ආශ්චර්යවත් දේවල් ගැන මිනිසුන් විවිධ මත දරනවා. ඔබ ඒ ගැන සිතන්නේ කුමක්ද?

ඔබ හාස්කම් පිළිගන්න බව පැවසුවොත් මිනිසුන් ඔබව නූගත් කෙනෙක් ලෙස සලකයි කියා ඔබ සිතනවාද? බොහෝ අය සිතන්නේ එලෙසයි.

ආශ්චර්යයන් ගැන විශ්වාස කරන්න ඔබට හොඳ හේතු ඇති. උදාහරණයකට මෝසෙස් රතු මුහුද දෙබෑ කළ සිද්ධිය ඔබ විශ්වාස කරනවා ඇති. ඒ වගේම අද කාලයේද ආශ්චර්යයන් සිදු වන බව ඔබ විශ්වාස කරනවා ඇති. එක් වාර්තාවක මෙසේ සඳහන් වුණා. “බටහිර රටවල්වල සැලකිය යුතු ප්‍රමාණයක් හාස්කම් විශ්වාස කරනවා. උදාහරණයකට එක්සත් ජනපදයේ ජනගහනයෙන් හතරෙන් තුනක් සහ බ්‍රිතාන්‍යයේ ජනගහනයෙන් සියයට 38ක් හාස්කම් සිදු වන බව විශ්වාස කරනවා.” හාස්කම් විශ්වාස කරන්නේ ක්‍රිස්තියානීන්යයි කියාගන්නාවූ අය පමණක් නොවෙයි. “හැම ආගමකම ඉන්න අය හාස්කම් විශ්වාස කරනවා” කියා එක් විශ්වකෝෂයක සඳහන් වෙනවා.—Britannica Encyclopedia of World Religions.

“මම නං කවදාවත් ආශ්චර්යයන් දැකලා නැහැ. ඒ දේවල් ඇත්තටම සිද්ධ වෙනවද නැද්ද කියලා හොයලා බලන්න මට එච්චර වුවමනාවකුත් නැහැ.” සමහරුන්ට එසේ හැඟී තිබෙනවා. ඔබටත් හැඟෙන්නේ එලෙසද?

ආශ්චර්යයන් ගැන ඇත්ත නැත්ත සොයා බැලීම වැදගත් ඇයි කියා තේරුම්ගැනීමට මෙසේ සිතන්න. ඔබට බරපතළ රෝගයක් වැලඳී තිබෙනවා. එම රෝගය නිට්ටාවටම සුව කරන බෙහෙතක් ගැන ඔබට දැනගන්න ලැබුණොත් ඒ ගැන සොයා බලන්න ඔබ උත්සාහ කරන්නේ නැද්ද? බයිබලය තුළත් ඉදිරියේදී සිදු වීමට නියමිත ආශ්චර්යයන් බොහොමයක් ගැන සඳහන් වෙනවා. එමගින් සියලුම මිනිසුන්ට සතුටින් ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ ගැන සොයා බැලීම වැදගත් කියා ඔබ සිතන්නේ නැද්ද?

බයිබලයේ සඳහන් එම ආශ්චර්යයන් ගැන සොයා බැලීමට කලින් ආශ්චර්යයන් ගැන මතු වී තිබෙන ප්‍රශ්න තුනක් බලමු.

[3වන පිටුවේ කොටුව]

ආශ්චර්යයක් කියන්නේ

ඉබේ සිදු විය නොහැකි දෙයක්. බොහෝවිට මිනිස්සුන්ට වඩා බලවත් කෙනෙක් ඒ පිටුපස සිටිය හැකියි.