Skip to content

පටුනට යන්න

ඔබට මතකද?

ඔබට මතකද?

මෑතකදී පළ වූ මුරටැඹ කලාප කියවීමෙන් ඔබ වටිනා කාරණා ඉගෙනගත්තාද? එසේනම් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔබට හැකිද කියා බලන්න.

දිව පාලනය කරගන්න නම් අපි කරන්න ඕනෙ මොනවද?

අපේ සිත සෝදිසි කරන්න ඕනෙ. අපි අන් අයව විවේචනය කරන්න පෙලඹෙනවා නම් ඒකට හේතු මොනවද කියලා බලන්න ඕනෙ. එහෙම කරන්නේ අපි තවත් කෙනෙකුට වඩා හොඳයි කියලා හරි උසස් කියලා හරි පෙන්වන්න කැමති නිසා වෙන්න ඇති. විවේචනය කරන එකෙන් වෙන්නේ තත්වය තවත් නරක අතට හැරෙන එක විතරයි.—8/15, 21වන පිටුව.

දෙවි කාන්තාවන්ට සලකන ආකාරය, ඔහු දුන් නීතියෙන් පැහැදිලි වෙන්නේ කොහොමද?

ඊශ්‍රායෙල් කාන්තාවන්ට යම් නිදහසක් දීලා තිබුණා. ඔවුන්ට අධ්‍යාපනය ලබාගැනීමට අවස්ථාව තිබුණා. ඔවුන්ට නිසි ගෞරවයක් හිමි වුණා වගේම ඔවුන්ගේ අයිතිවාසිකම් ලැබුණා.—9/1, 5-7 පිටු.

අවසානයට පෙර සිදු වෙන්නේ මොනවද?

“සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා” කියලා ලෝක නායකයන් කියයි. “මහ බැබිලෝනිය” ලෙස හඳුන්වන ආගම් විනාශ වෙයි. දෙවිගේ සෙනඟට විරුද්ධව ප්‍රහාරයක් එල්ල වෙයි. හර්–මගෙදොන් ආරම්භ වෙයි. ඊටපස්සේ සාතන් හා ඔහුගේ භූතයන්ව අගාධයට හෙළයි.—9/15, 4වන පිටුව.

විනාශය එන දවස නොදන්වා තිබීම අපිට ප්‍රයෝජනවත් වෙන්නේ මොන පැතිවලින්ද?

අපේ සිතේ තිබෙන දේ හෙළි වෙනවා. අපිට දෙවිව සතුටු කිරීමට අවස්ථාවක් ලැබෙනවා. දෙවි හා අන් අය වෙනුවෙන් කැප වී සේවය කරන්න අපිට පහසු වෙනවා. දෙවි මත රඳා ඉන්නත් ඔහුගේ උපදෙස් පිළිපදින්නත් පෙලඹීමක් ඇති වෙනවා. ඒ වගේම පීඩා විඳදරාගෙන දෙවි ගැන ඇති විශ්වාසය තවත් ශක්තිමත් කරගන්න හැකි වෙනවා.—9/15, 24-25 පිටු.

අපාය විශ්වාස කරන කෙනෙක්ට කරුණු පහදා දෙන්න උත්පත්ති 3:19 ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

ඒ පදයෙන් පෙන්වන්නේ ආදම් මැරුණාම භූමියේ දූවිල්ලට හැරී යනවා මිසක් අපායක දුක් විඳිනවා කියලා නෙවෙයි.—10/1, 13වන පිටුව.

එළිදරව් 1:16, 20හි සඳහන් යේසුස්ගේ දකුණතේ තිබෙන ‘තාරකා හතෙන්’ නියෝජනය වෙන්නේ කාවද?

මූලිකවම නියෝජනය වෙන්නේ අභිෂේක ලත් වැඩිමහල්ලන්ව වුණත් අනිත් වැඩිමහල්ලන්ද ඉන් නියෝජනය වෙනවා.—10/15, 14වන පිටුව.

පවුලක් ණය බරින් ගොඩ එන්නේ කොහොමද?

ස්වාමිපුරුෂයා හා බිරිඳ එකතු වී කිසිවක් හංගන්නේ නැතුව සන්සුන්ව ඒ ගැන කතා කරන්න ඕනෙ. අයවැය වාර්තාවක් හදාගැනීම ප්‍රයෝජනවත්. ආදායම වැඩි කරගන්න හෝ වියදම අඩු කරගන්න පුළුවන්ද කියලා හිතන්න. ණය ගෙවන විදිහ ගැන හිතන්න. ණය දුන්න අය සමඟ කතා කරන්න. ණය ගැන ඕනෑවට වඩා හිතහිතා දුක් වෙනවා වෙනුවට ජීවිතයේ අනිකුත් වැඩකටයුතු සමබරව කිරීමට උත්සාහ කරන්න. (1 තිමෝ. 6:8)—11/1, 19-21 පිටු.

යෙසායා 50:4, 5හි සඳහන් ආකාරයට යේසුස් නිහතමානීව කටයුතු කළේ කොහොමද?

‘විඩා වූ අයට සහනයක් ගෙන දෙන අයුරින් කතා කරන’ කෙනෙක් ‘මුරණ්ඩු ලෙස දෙවිගේ උපදෙස්වලට පිටු නොපාන’ බව ඒ පදවල සඳහන් වෙනවා. යේසුස් තම පියා ඉගැන්නුව සෑම දෙයකටම කිට්ටු අවධානයක් දුන්නා. නිහතමානී ලෙස පියාණන්ගෙන් ඉගෙනගන්නත් කැමති වුණා. ඒ වගේම පව්කාර මිනිසුන්ට දෙවි දයාව දක්වමින් යටහත්පහත් ලෙස කටයුතු කරන හැටි බලා ඔහුව ආදර්ශයට ගත්තා.—11/15, 11වන පිටුව.

සාක්ෂිකරුවන්ගේ නොසැලෙන විශ්වාසය, එස්තෝනියාවේ මුද්දරයකින් හෙළි වෙන්නේ කොහොමද?

වර්ෂ 2007දී එස්තෝනියානු රජය මුද්දරයක් නිකුත් කළා. එය නිකුත් කිරීමේ අරමුණ වුණේ ස්ටාලින් එස්තෝනියානු වැසියන්ව සමූල ඝාතනය කිරීමේ කුරිරුකම පෙන්වීමටයි. එහි 382 යන අංකය සඳහන් වෙනවා. එයින් නියෝජනය වුණේ 1951දී පිටුවහල් කළ සාක්ෂිකරුවන් හා ඔවුන්ගේ දරුවන්ගේ සංඛ්‍යාවයි. ඔවුන්ව ගෙන යනු ලැබුවේ රුසියාවේ හුඟක් ඈත ප්‍රදේශවල බර වැඩ සහිත කඳවුරුවල පදිංචි කරවීමටයි.—12/1, 27-28 පිටු.