යෙසායා 50:1-11

50  යෙහෝවා දෙවි ඔබෙන් මෙසේ අසයි. “මා ඔබේ මවට දික්කසාද ලියවිල්ලක්+ දී ඇයව පිටත් කර+ යැව්වාද? එසේනම් ඒ ලියවිල්ල කෝ? මගේ ණයක් බේරාගැනීම සඳහා මා ඔබව විකුණුවාද? මා ඔබව භාර දුන්නේ මාගේ ණයහිමියෙකුගේ අතටද?+ ඔබව භාර දෙනු ලැබුවේ ඔබේම වැරදි නිසයි.+ ඔබේ මවව පිටත් කරනු ලැබුවේ ඔබේ පාපතර ක්‍රියා නිසයි.+  මා පැමිණි විට කිසිවෙකු නොසිටියේ මන්ද?+ මා හඬගැසූ විට කිසිවෙකු උත්තර නොදුන්නේ මන්ද?+ ඔබව මුදවාගැනීමට මාගේ හස්තය දිග මදිද?+ එහෙමත් නැත්නම්, ඔබව ගලවාගැනීමට මට බලය නැද්ද? මාගේ එක වචනයකින්+ මුහුද වියළී යයි.+ ගංගා ගලා බසින ස්ථාන කාන්තාර බවට පත් වෙයි.+ වතුර නැතුව මිය ගිය මසුන්ගේ දුඟඳ සෑම තැනම පැතිර යයි.+  මම අහස අන්ධකාරයෙන් වැසී යන ලෙස+ එය ගෝනි රෙදිවලින් වසන්නෙමි.”+  විඩා වූ අයට සහනයක් ගෙන දෙන අයුරින් කතා කිරීමට+ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මට උගන්වා ඇත.+ ඔහු උදයක් උදයක් පාසා මාව අවදි කර මට උපදෙස් දෙන්නේය.+  විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මාගේ කන් විවෘත කළේය. මමද ඔහු දෙන උපදෙස් සිතට ගතිමි. මම මුරණ්ඩු ලෙස+ ඔහුගේ උපදෙස්වලට පිටු නොපෑවෙමි.+  මට පහර දෙන අයට මගේ පිට තළන්නත් මගේ රැවුල් ගස් උගුලා දමන්නත් මම ඉඩ දුන්නෙමි.+ මට නින්දා අපහාස කරන්නත් මාගේ මුහුණට කෙළ ගසන්නත් මම ඔවුන්ට ඉඩහැරියෙමි.+  එහෙත් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මාගේ උපකාරයට සිටින්නේය.+ මාව ලැජ්ජාවට පත් වීමට ඔහු ඉඩ නොහරින්නේය. ඒ නිසා මම ගිනිගලක් මෙන් ශක්තිමත් වී ඔවුන්ට මුහුණ දෙන්නෙමි. මා කිසිවිටෙක ලැජ්ජාවට පත් නොවන බව මට විශ්වාසයි.+  මා ධර්මිෂ්ඨයයි ප්‍රකාශ කරන තැනැත්තා මා අසලම සිටියි.+ මා සමඟ වාද කළ හැකි කෙනෙකු සිටී නම් මා ඉදිරියට එන්න කියා ඔහුට කියන්න.+ මට විරුද්ධව චෝදනාවක් ඇත්නම්+ මා ඉදිරියට ඇවිත් කියන්න කියා ඔහුට පවසන්න.+  විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මාගේ උපකාරයට සිටියි. එසේනම්, මා දුෂ්ටයෙකුයයි ප්‍රකාශ කළ හැක්කේ කාටද?+ ඔවුහු සියල්ලෝම කාවෙකු විසින් කා දැමූ+ දිරා යන වස්ත්‍රයක් මෙන් වන්නෝය.+ 10  ජනයෙනි, යෙහෝවා දෙවිට ගරුබිය+ දක්වමින් ඔහුගේ සේවකයාගේ+ හඬට කීකරු වන අයෙකු ඔබ අතරේ සිටියිද? කිසිවිටෙකත් එළිය දකින්න නොලැබූ අඳුරේම ගමන් කරන අයෙකු සිටියිද?+ එවැනි කෙනෙකු සිටී නම් යෙහෝවා දෙවි මත රඳා සිට+ දෙවිගේ නාමය කෙරෙහි විශ්වාසය තබන්න+ කියා ඔහුට පවසන්න. 11  “ගින්නක් අවුළුවා ගිනි පෙණෙලි අවුස්සන සියල්ලෙනි, ඔබ පත්තු කළ ගින්නෙන් විහිදෙන ආලෝකයෙන් ගමන් කරන්න. එහි ගිනිපුපුරු මැදින් ගමන් කරන්න. ඔබ මහත් වේදනාවෙන් බිම වැතිර සිටින්නහුය.+ එසේ සිදු වීමට සලස්වන්නේ මමය.

පාදසටහන්