උත්පත්ති 3:1-24

3  යෙහෝවා දෙවි සෑදූ සියලු සතුන්ට+ වඩා සර්පයා+ සුපරීක්ෂාකාරී+ විය. ඌ ස්ත්‍රියට කතා කර මෙසේ ඇසුවේය.+ “උයනේ ගස්වලින් කන්න එපා කියා දෙවි ඔබට පැවසූ බව ඇත්තද?”+  එවිට ස්ත්‍රිය සර්පයාට මෙසේ කීවාය. “උයනේ ගස්වල පලතුරු කන්න අපිට පුළුවන්.+  නමුත් උයන මැද තියෙන ගහේ+ පලතුරු කන්න අපිට බැහැ. ‘ඒ ගහට අත තබන්නවත් එහි පලතුරු කන්නවත් එපා. එසේ කළොත් ඔබ මිය යනවා’+ කියා දෙවි අපිට පැවසුවා.”  එවිට සර්පයා ස්ත්‍රියට මෙසේ කීවේය. “ඔබ කවදාවත් මිය යන්නේ නැහැ.+  එයින් කන දවසේම ඔබේ ඇස් ඇරෙන බවත් ඔබ හොඳ හා නරක දැනගෙන දෙවිට සමාන වන බවත් දෙවි දන්නේය.”+  ස්ත්‍රියද, ඒ ගසේ පල කෑමට හොඳ බවත් ඇසට ප්‍රිය බවත් දැක ඊට ආශා වුණාය.+ එබැවින් ඇය ගසෙන් ගෙඩි කඩා කෑවාය. පසුව ඇය තම ස්වාමිපුරුෂයාටත් එයින් කන්න දුන්නාය. ඔහුද එය කෑවේය.+  එවිට ඔවුන් දෙදෙනාගේම ඇස් ඇරී, තමන් නග්නව සිටින බව ඔවුහු දුටුවෝය.+ එබැවින් ඔවුහු අත්තික්කා කොළ එකට අමුණා තම නග්නභාවය වසාගත්තෝය.*+  මද සුළඟ හමන වේලාවේදී උයනෙහි ඇවිදිමින් සිටි යෙහෝවා දෙවිගේ කටහඬ ඔවුන්ට ඇසිණ.+ එවිට මිනිසා සහ ඔහුගේ බිරිඳ උයනේ ගස් අතරට ගොස් යෙහෝවා දෙවිගෙන් සැඟවුණෝය.+  යෙහෝවා දෙවි කිහිප වතාවක්ම මිනිසාට හඬගසමින්, “ඔබ කොතැනද”+ කියා ඇසුවේය. 10  අවසානයේදී මිනිසා මෙසේ කීවේය. “ඔබේ හඬ මට උයනේදී ඇසුණා. නමුත් මම නග්නව සිටි නිසා භය වී සැඟවුණා.”+ 11  එවිට දෙවි මෙසේ ඇසුවේය. “ඔබ නග්නව+ සිටි බව ඔබට පැවසුවේ කවුද? මා ඔබට නොකන්න කියා අණ කළ ගසෙන් ඔබ කෑවාද?”+ 12  මිනිසා මෙසේ පිළිතුරු දුන්නේය. “ඔබ මට දුන් ස්ත්‍රිය ගහෙන් ගෙඩියක් කඩා මට දුන්නා. එබැවින් මමත් එය කෑවා.”+ 13  එවිට යෙහෝවා දෙවි, “ඔබ කුමක්ද මේ කළේ” කියා ස්ත්‍රියගෙන් ඇසුවේය. ස්ත්‍රිය පිළිතුරු දෙමින් මෙසේ කීවාය. “සර්පයා මාව රැවටුවා. ඒ නිසා මම කෑවා.”+ 14  එවිට යෙහෝවා දෙවි සර්පයාට+ මෙසේ කීවේය. “ඔබ කළ මේ දේ නිසා සියලු හීලෑ සතුන් අතරේද වනසතුන් අතරේද ඔබ ශාප ලද්දෙකි. ඔබ බඩ ගා යමින් ඔබේ ජීවිත කාලය පුරාම දූවිලි කන්නෙහිය.+ 15  ඔබ+ සහ ස්ත්‍රිය+ අතරද ඔබෙන් පැවත එන්නන්+ සහ ඇගෙන් පැවත එන තැනැත්තා*+ අතරද මම+ සතුරුකම්+ තබන්නෙමි. ඔහු+ ඔබේ+ හිස+ පොඩි කරන්නේය. ඔබ+ ඔහුගේ+ විලුඹ+ පොඩි කරන්නෙහිය.” 16  ස්ත්‍රියට දෙවි මෙසේ කීවේය. “ගැබිනි සමයේදී ඔබ අද්දකින වේදනාව+ බොහෝ සෙයින් වැඩි වන්නේය. ඔබ වේදනා විඳිමින් දරුවන් බිහි කරන්නෙහිය.+ ඔබේ ස්වාමිපුරුෂයා කෙරෙහි ඔබට අධික ඇල්මක් ඇති වන්නේය. ඔහු ඔබව පාලනය කරන්නේය.”+ 17  ආදම්ට ඔහු මෙසේ කීවේය. “ඔබේ බිරිඳගේ හඬට සවන් දී, ‘නොකන්න’ කියා මා ඔබට අණ කළ+ ගසෙන් ඔබ කෑ බැවින් භූමිය ශාප ලද්දේය.+ ජීවිතාන්තය දක්වාම දුක් ගැහැට විඳිමින් ඔබ වගා කරන්නෙහිය.+ 18  කැලේ වැවෙන කටු පඳුරු හා වල් පැළෑටි+ අතරින් ඔබට ආහාර සොයාගන්න සිදු වෙයි. 19  භූමියෙන් ගන්නා ලද ඔබට,+ භූමියට හැරී යන තෙක්ම දහඩිය මහන්සියෙන් කෑම සොයන්න සිදු වෙයි. ඔබ දූවිලිය, දූවිල්ලටම හැරී යන්නෙහිය.”+ 20  ආදම් තම බිරිඳට ඒව යන නම දුන්නේය.+ ඇය මතු ජීවත් වන සියලුදෙනාගේම මවය.+ 21  යෙහෝවා දෙවි ආදම්ට සහ ඔහුගේ බිරිඳට දිග සම් වස්ත්‍ර සාදා දුන්නේය.+ 22  යෙහෝවා දෙවි මෙසේද කීවේය. “මිනිසා දැන් අප මෙන් හොඳ හා නරක කියන්නේ කුමක්ද කියා විනිශ්චය කරගෙන තිබේ.*+ ඔහු සදහටම ජීවත් නොවන පිණිස ජීවන වෘක්ෂයේ+ පල කන්න ඔහුට ඉඩ නොදිය යුතුයි.” 23  එසේ කියා, යෙහෝවා දෙවි භූමියේ දූවිල්ලෙන් සෑදූ මිනිසාව ඒදන් උයනෙන්+ පිටතට දැමුවේය. එහිදී ඔහුට වගා කිරීමට සිදු විය.+ 24  මෙසේ, දෙවි මිනිසාව උයනෙන් පිටතට එළවා දැමුවේය. දෙවි ජීවන වෘක්ෂයට යන මඟ මුර කරන පිණිස ඒදන් උයනේ නැඟෙනහිර පැත්තට වෙන්න+ කෙරුබ්වරුන්වද+ දැවෙමින් නොනැවතී කරකැවෙන කඩුවක්ද තැබුවේය.

පාදසටහන්

හෝ, “උකුළ වටා ප්‍රදේශය වසාගත්තෝය.”
මුල් භාෂාවේ භාවිත කර ඇති වචනය ‘පැවතෙන තැනැත්තන්’ ලෙසද පරිවර්තනය කළ හැක.
මූ.අ., “අප මෙන් හොඳ හා නරක දන්නවා.”