Skip to content

පටුනට යන්න

ඔබට මතකද?

ඔබට මතකද?

ඔබට මතකද?

මෑතක පළ වූ මුරටැඹ සඟරා කියවීමෙන් ඔබ රසවින්දනයක් ලැබුවාද? එසේනම් පහත දැක්වෙන ප්‍රශ්නයන්ට පිළිතුරු දිය හැකිදැයි බලන්න.

ෂාපාන්ගේ පවුලේ තොරතුරු දැනගැනීම අපට ප්‍රයෝජනවත් විය හැක්කේ කෙසේද?

ෂාපාන් යුදයේ සිටි යොෂියා රජුගේ පිටපත්කරුවෙකු සහ ලේකම්වරයෙකු ලෙස සේවය කළේය. රාජධානියේ සෑහෙන බලපෑමක් කළ හැකි කෙනෙකු වශයෙන් ෂාපාන් සැබෑ නමස්කාරය නඟා සිටුවීමට රජු ගත් වෑයමට සහාය දැක්වීය. ෂාපාන්ගේ පුත්‍රයන් දෙදෙනෙක් යෙරෙමියා සමඟ පක්ෂපාතව කටයුතු කළහ. එලෙසම ඔහුගේ තවත් පුත්‍රයෙකු සහ මුනුබුරන් දෙදෙනෙකු විසින් ඔවුන්ගේ බලය ලත් තත්වයන් සැබෑ නමස්කාරයේ උන්නතිය තකා යොදවන ලදි. ඒ හා සමානව අපත් අපගේ සම්පත් සහ බලතල සැබෑ නමස්කාරයට සහාය දැක්වීම සඳහා යෙදවිය යුතුයි.—12/15, පිටු 19-22.

ඉරෙන් හොක්ස්ටන්බක් ඇගේ දරුණු ආබාධිත තත්වයෙන් ජයගෙන යෙහෝවාට සේවය කළේ කෙසේද?

ඇයට අවුරුදු හතක් වන විට ඇගේ ශ්‍රවන හැකියාව නැති විය. බිහිරි වුවත් අන් අය සමඟ අදහස් හුවමාරු කරගන්නා සැටි ඉගෙනගත් ඇය නෙදර්ලන්තයේ සභාවන්වල සංචාරක අවේක්ෂකයෙකු ලෙස සේවය කරන ඇගේ ස්වාමිපුරුෂයා සමඟ දැන් සේවයේ නිරතව සිටින්නීය.—1/1, පිටු 23-6.

“ජ්වලිත රාජ්‍ය ප්‍රකාශකයෝ” යන දිස්ත්‍රික් සමුළුවේදී මුදාහැරිය නව අධ්‍යයන ආධාරකයන් දෙක කුමක්ද?

එකම සැබෑ දෙවිට නමස්කාර කරන්න යන ප්‍රකාශනය ලැබීම ගැන ලොව වටා සිටින ක්‍රිස්තියානීහු සතුටු වූහ. එය සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම නමැති ප්‍රකාශනය පාඩම් කර අවසන් කර ඇති නවකයන් සමඟ පාඩම් කිරීමේ අරමුණෙන් සැලසුම් කර තිබෙන්නක්. මුදාහළ අනෙක් ප්‍රකාශනය නම් යෙහෝවාට ළං වන්න යන ප්‍රකාශනයයි. එහි යෙහෝවාගේ ගුණාංග සහ මනුෂ්‍යයන් සමඟ ඔහු කටයුතු කරන ආකාරය කෙරෙහි අවධානය යොමු කර ඇත. ඔහුගේ ගුණාංග විදහා පෙන්වමින් ඔහුව අනුකරණය කළ හැකි ආකාරයද එහි පෙන්වා තිබේ.—1/15, පිටු 23-4.

හිතෝපදේශ 12:5හි සඳහන් “ධර්මිෂ්ඨයන්ගේ අදහස් යුක්තියට එකඟය” යන්නෙහි අදහස කුමක්ද?

යහපත් අයගේ සිතුවිලි පවා සදාචාරමය වශයෙන් පවිත්‍ර වන අතර ඒවා සාධාරණ හා යුක්තිසහගත දේ කෙරෙහි යොමු වී තිබේ. ධර්මිෂ්ඨයන් යමක් කිරීමට පෙලඹෙන්නේ දෙවි කෙරෙහි සහ සෙසු මිනිසුන් කෙරෙහි වූ ප්‍රේමය නිසා වන බැවින් ඔවුන්ගේ අභිප්‍රායන් යහපත් වේ.—1/15, පිටු 30.

යම් පුද්ගලයෙකුට රැකියාව පිළිබඳව සමබර දෘෂ්ටියක් වර්ධනය කරගැනීමට උපකාරවත් වන්නේ කුමක්ද?

වැඩ කිරීම අගය කොට සැලකීමට දරුවන්ව කුඩා කල පටන් පුහුණු කිරීම ප්‍රයෝජනදායකයි. වැඩ හා සම්බන්ධ යහපත් පුරුදු ඇති කරගැනීමටත් අලසකමෙන් වැළකී සිටීමටත් බයිබලය අපට උනන්දු කරයි. (හිතෝපදේශ 20:4) ඒ වගේම එහි ක්‍රිස්තියානින්ට දිරිගන්වන්නේ වැඩවල ඇලී ගැලී නොසිටින ලෙසයි. දෙවිගේ සේවය සඳහා අපේ ජීවිතයේ වැදගත් ස්ථානයක් දිය යුතු බව අප තේරුම්ගත යුතුයි. (1 කොරින්ති 7:29-31) ඊට අමතරව දෙවි ඔවුන්ව කිසිවිටෙක අත් නොහරින බවට සැබෑ ක්‍රිස්තියානින්හට නිසැකකමක් තිබේ.—2/1, පිටු 4-6.

පූජාසනය යන වචනය බයිබලයේ මුලින්ම සඳහන් වන්නේ කොහේද?

උත්පත්ති 8:20හියි. එහි සඳහන් වන්නේ ජල ගැල්ම නිමාවීමෙන් පසු නැවෙන් පිටතට පැමිණි නෝවා විසින් සාදන ලද පූජාසනය පිළිබඳවයි. මීට පෙර කායින් සහ ආබෙල් යෙහෝවාට පඬුරු ඔප්පු කිරීමට පූජාසනයක් ගොඩනඟන්න ඇතැයි කියා සිතිය හැකියි. (උත්පත්ති 4:3, 4)—2/15, පිටුව 28.

වෙනස් වන තත්වයන්ගෙන් සමහර ක්‍රිස්තියානින්ට ප්‍රයෝජන නෙළාගත හැක්කේ කෙසේද?

සමහර අය ක්ෂේත්‍ර සේවයේ වැඩි කාලයක් ගත කිරීම සඳහා රැකියාවේ සිදු වූ වෙනස් වීම් ප්‍රයෝජනයට ගෙන හෝ ඔවුන් විසින්ම යම් වෙනස්කම් සිදු කිරීමට පියවර ගෙන ඇත. වෙනත් අය ඔවුන්ගේ වැඩිහිටි දරුවන් විවාහ වී නිවසෙන් වෙන්ව ගියාට පසු පවුල් වගකීම්වලින් ලැබෙන්නාවූ එම නිදහස දෙවිගේ සේවය වැඩි කාලයක් කිරීම සඳහාත් විවිධ පැවරුම්වල නිරත වීම සඳහාත් යොදාගෙන තිබේ.—3/1, පිටු 19-22.

අන් අය දෙස යෙහෝවා බලන ආකාරයට බැලීම සඳහා යෝනා සහ පේතෘස්ගේ ආදර්ශ අපට උපකාරවත් වන්නේ කෙසේද?

යෝනා සහ පේතෘස්ගේ සිතුවිලිවලත්, ඔවුන් ඇදහිල්ලේ පරීක්ෂා හමුවේ ක්‍රියා කළ ආකාරයෙත්, කීකරුකම විදහා පෑ ආකාරයෙත් යම් දුර්වලතා තිබූ බව නොරහසකි. ඒ කෙසේ වුවත් ඔවුන් තුළ තිබුණ යහපත් ගුණාංග යෙහෝවා හොඳින් දුටු අතර ඔහුගේ සේවය තුළ දිගටම ඔවුන්ව යොදාගත්තේය. අන් අය අපව කුපිත කළ විට හෝ අධෛර්යයට පත් කළ විට අපව මුලින්ම ආකර්ෂණය කළ ඔවුන්ගේ යහපත් ගුණාංගවලටත් යෙහෝවා ඔවුන් තුළ දකින යහපත් දේවල්වලටත් අපි අපේ සිත යොමු කරමු.—3/15, පිටු 16-19.

විවිධ බයිබල් පරිවර්තනවල ගීතාවලිය පොත අංකනය කර තිබෙන ආකාරයේ වෙනසක් ඇත්තේ මන්ද?

මුල් හෙබ්‍රෙව් ලියවිල්ල අංකනය කර තිබෙන ආකාරයේ සහ ඒ මත පදනම්ව කළ ග්‍රීක් පරිවර්තනයක් වන සෙප්ටූඅජින්ට්හි අංකනය කර තිබෙන ආකාරයේ වෙනසක් තිබේ. මෑත පරිවර්තනවල පදනම වශයෙන් හෙබ්‍රෙව් ලියවිල්ල හෝ සෙප්ටූඅජින්ට් ලියවිල්ල යොදාගැනීම මත එම වෙනස්කම ඇති වේ.—4/1, පිටුව 31.