හිතෝපදේශ 20:1-30

20  වයින් සමච්චල් කරන්නෙකි.+ මත්පැන් කෝලහල ඇති කරන්නෙකි.+ එයින් මුළාව යන්නෝ අඥානයෝය.+  රජෙකු කෝපය පිට කරන විට එය කේශර සිංහයෙකුගේ ගර්ජනාව මෙනි.+ ඔහුව කෝපයට පත් කරන තැනැත්තා තමාගේම ජීවිතය අනතුරට ලක් කරගනියි.+  විවාද කිරීමෙන් වැළකී සිටීම මිනිසෙකු සතු උතුම් ගතිලක්ෂණයකි.+ නමුත් අඥාන සියල්ලෝ බැණවැදීමට ඉක්මන් වෙති.+  ශීත කාලයේදී අලසයා බීජ වපුරන්නේ නැත.+ අස්වැන්න නෙළන කාලයේදී ඔහු සිඟමනේ ගියත් ඔහුට කිසිවක් ලැබෙන්නේ නැත.+  මිනිසෙකුගේ සිතේ කල්පනාව ගැඹුරු ජලය මෙනි.+ එහෙත් වටහාගැනීමේ හැකියාව ඇති මිනිසා එය ඇදගනියි.+  බොහෝ අය තමන්ගේම කරුණාවන්තකම* ගැන කතා කරති.+ එහෙත් විශ්වාසවන්තව කටයුතු කරන මිනිසෙකුව සොයාගත හැක්කේ කාටද?+  ධර්මිෂ්ඨයා දෙවිට විශ්වාසවන්තව සිටියි.+ එහෙයින් ඔහුගේ පුත්‍රයන්ද සන්තෝෂය ලබයි.+  රජතුමා විනිශ්චයාසනයේ හිඳගෙන+ සියල්ල විමසා බලා සෑම නපුරු ක්‍රියාවක්ම දුරු කරයි.+  “මාගේ සිත මම පවිත්‍ර කරගත්තෙමි.+ මට කිසි පාපයක් නැත”+ යයි කිව හැක්කේ කාටද? 10  මිනුම් පඩි දෙවර්ගයක් හා ඒපා මිනුම්* දෙවර්ගයක්+ තබාගැනීම යෙහෝවා දෙවිට පිළිකුලක්ය.+ 11  දරුවෙකුගේ ක්‍රියාවලින් ඔහු නිර්මල, ප්‍රතිපත්තිගරුක කෙනෙකුදැයි පෙනී යන්නේය.+ 12  ඇසීමට කනද දැකීමට ඇසද සෑදුවේ යෙහෝවා දෙවිය.+ 13  නින්දට අධික ආශාවක් ඇති කරගන්න තැනැත්තා දිලිඳුකමට වැටෙයි.+ ඒ නිසා නින්දට ආශා නොකර අවදිව සිටින්න. එවිට කෑම කා තෘප්තියට පත් වෙන්න ඔබට පුළුවන.+ 14  “මෙය වටින්නේ නැත, වටින්නේ නැත” යයි කියමින් යමෙක් භාණ්ඩයක් මිල දී ගනී.+ පසුව ඔහු එතැනින් ගොස් තමා කළ දේ ගැන පුරසාරම් දොඩයි.+ 15  රන් ඇත. බොහෝ කොරල්ද තිබේ. එහෙත් දැනුම පතුරුවන තොල් අගනා ආභරණ වැනිය.+ 16  නාඳුනන කෙනෙකු වෙනුවෙන් ඇප වී සිටින තැනැත්තාගේ වස්ත්‍රය පැහැරගන්න.+ දුරාචාරයේ යෙදෙන ස්ත්‍රියක සමඟ එක් වී සිටින තැනැත්තාගෙන් ඇපයක් ගත යුතුයි.+ 17  වංචාවෙන් උපයාගත් කෑම මිනිසෙකුට රසවත් වුවද+ පසු කලෙක ඔහුට ගල්කැට කන්න සිදු වෙයි.+ 18  උපදෙස් ලබාගෙන කරන සැලසුම් සාර්ථක වෙයි.+ යුද්ධ කරන විට අන් අයගෙන් නැණවත් උපදෙස් පතන්න.+ 19  තැනින් තැන ගොස් නින්දා බස් දොඩන්නා අන් අයගේ රහස් හෙළි කරයි.+ පමණට වඩා කතා කරන තැනැත්තාව ඇසුරු නොකරන්න.+ 20  පියාට හෝ මවට හෝ ශාප කරන+ කෙනාගේ පහන අඳුර වැටීගෙන එද්දී නිවී යයි.+ 21  කෑදරකමින් උරුමයක් ලබාගත්තත්+ අනාගතයේදී එයින් කිසිදු ආශීර්වාදයක් ලැබෙන්නේ නැත.+ 22  ඔබට නපුරක් සිදු වූ විට, “මම පළිගන්නෙමි” යයි නොකියන්න.+ යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්න.+ ඔහු ඔබව ගලවනු ඇත.+ 23  මිනුම් පඩි දෙවර්ගයක් තබාගැනීම යෙහෝවා දෙවිට පිළිකුලක්ය.+ හොර තරාදියක් තබාගැනීමද සුදුසු නැත.+ 24  මිනිසා ගත යුතු පියවර යෙහෝවා දෙවි පෙන්වා දෙයි.+ තමා යා යුතු මඟ කුමක්ද කියා මිනිසාට තනිවම වටහාගත හැකිද?+ 25  යමෙකු දුර දිග නොබලා, “මෙය කැප කරන්නෙමි”+ යයි කියමින් භාරයක් වුණොත්+ එය ඔහුටම උගුලක් වේ. ඔහු එහි බැරෑරුම්කම ගැන සිතා බලන්නේ භාරය වූ පසුවයි.+ 26  ප්‍රඥාවන්ත රජෙකු දුෂ්ටයන්ව මඩින්නේය.+ ඔහු ඔවුන් පිට ධාන්‍ය මඩින රෝදයක් කරකවයි.+ 27  මිනිසෙකුගේ මුවින් පිට කරන දේ*+ යෙහෝවා දෙවි දැල්වූ පහනක් මෙනි. එමගින් ඔහුගේ ඇතුළාන්තය මුළුමනින්ම සෝදිසි කරනු ලැබේ.+ 28  කරුණාව* හා විශ්වාසවන්තකම රජුව ආරක්ෂා කරයි.+ කරුණාවන්තකම මගින් ඔහු තම පාලනය ස්ථිර කරගනී.+ 29  තරුණයන්ගේ අලංකාරය වන්නේ ඔවුන්ගේ ශක්තියයි.+ මහලු අයව ගෞරවයට පත් කරන්නේ ඔවුන්ගේ පැසුණු හිසකෙස්ය.+ 30  වරදකරුවෙකු නපුරෙන් ඉවත් වන පිණිස ඔහුට තළන්න.+ එසේ දෙන හික්මවීම ඔහුගේ සිතට හොඳින් කාවදියි.+

පාදසටහන්

හෝ, “ළැදි ප්‍රේමය.”
නික් 16:36හි පාදසටහන බලන්න.
මූ.අ., “හුස්ම.”
හෝ, “ළැදි ප්‍රේමය.”