හිතෝපදේශ 12:1-28

12  හික්මවීමට ප්‍රිය කරන තැනැත්තා දැනුමට ප්‍රිය කරන්නේය.+ එහෙත් අවවාදයට ද්වේෂ කරන්නාට කල්පනා ශක්තිය නැත.+  යහපත් කෙනෙකුට යෙහෝවා දෙවිගේ අනුමැතිය ලැබේ.+ නමුත් කූට අදහස් ඇති අයව දෙවි දුෂ්ටයන් ලෙස විනිශ්චය කරයි.+  දුෂ්ට දේ කර කිසිවෙකුට ස්ථිරව සිටීමට නොහැක.+ එහෙත් ධර්මිෂ්ඨයා ගැඹුරට මුල් බැස ඇති ශක්තිමත් ගසක් මෙන් කිසිදා නොසෙල්වෙන්නේය.+  හොඳ බිරිඳක් ඇගේ ස්වාමිපුරුෂයාට ඔටුන්නකි.+ නමුත් නින්දිතව හැසිරෙන තැනැත්තියකගේ පුරුෂයා ඇටකටු දිරා යන්නාක් මෙන් වේදනා විඳින්නේය.+  ධර්මිෂ්ඨ අයගේ සිතුවිලි යුක්තිසහගතය.+ එහෙත් දුෂ්ටයන්ගේ මඟ පෙන්වීම් රැවටිලිකාරය.+  දුෂ්ටයා තම වචන හසුරුවන්නේ නිදොස් අයගේ ලේ වගුරුවන්නයි.+ එහෙත් අවංක තැනැත්තා පවසන වචනවලින් ගැලවීම අත් වෙයි.+  දුෂ්ටයාව පාගා දමා නැති කර දමයි.+ එහෙත් ධර්මිෂ්ඨයාගේ පෙළපත සැමදා පවතින්නේය.+  නැණවත් ලෙස වචන හසුරුවන මිනිසා ප්‍රශංසාව ලබයි.+ නමුත් කපටි සිතක් ඇති තැනැත්තාව හෙළාදකිනු ලබයි.+  කුසට අහරක්වත් නැති විටදී පවා තමා ගැනම පුරසාරම් දොඩන තැනැත්තෙකුට වඩා එක් සේවකයෙකුවත් සිටින නිහතමානී කෙනෙකු හොඳය.+ 10  ධර්මිෂ්ඨයා, තමා ඇති කරන සතා ගැන පවා සැලකිලිමත් වෙයි.+ එහෙත් දුෂ්ටයාගේ කරුණාවන්තම ක්‍රියාව පවා කෲරයි.+ 11  තම ඉඩමේ වගා කරන තැනැත්තා කෑම කා තෘප්තියට පත් වෙයි.+ එහෙත් වැදගැම්මකට නැති දේවල් ලුහුබඳින තැනැත්තා අඥානයෙකි.*+ 12  දුෂ්ටයා නපුරු අයගේ දැලට හසු වූ දේට ආශා කරයි.+ එහෙත් ධර්මිෂ්ඨයාගේ මුල සවිමත් වෙයි.+ 13  නපුරු තැනැත්තාගේ දුෂ්ට කතා ඔහුවම හසු කරගනී.+ එහෙත් ධර්මිෂ්ඨයා දුක් වේදනාවලින් ගැලවෙයි.+ 14  මිනිසෙකු තම මුවින් පිට කරන වචන නිසා සතුටක් ලබයි.+ ඔහුගේ ක්‍රියාවලට අනුව ඔහුට ප්‍රතිඵල ලැබෙන්නේය.+ 15  අඥානයා තමා කරන දේ හරියයි සිතයි.+ නමුත් උපදෙස්වලට සවන් දෙන්නා ප්‍රඥාවන්තයෙකි.+ 16  අඥානයා තමාට ගැටලුවක් සිදු වූ දවසේම කෝපය පිට කරයි.+ එහෙත් බුද්ධිමත්ව කටයුතු කරන තැනැත්තාට අගෞරව කළත් ඔහු නිහඬව සිටියි.+ 17  විශ්වාසවන්ත සාක්ෂිකරුවෙක් සත්‍යය පවසයි.+ නමුත් බොරු සාක්ෂිකරුවෙකුගේ මුවින් නික්මෙන්නේ රැවටිලිකාර වදන්මය.+ 18  නොසැලකිලිමත් ලෙස කතා කරන තැනැත්තා කඩුවෙන් අනින්නාක් මෙන් වචන පිට කරයි.+ නමුත් ප්‍රඥාවන්තයාගේ වචන සුවය ගෙන දෙයි.+ 19  සත්‍යය කතා කරන+ තැනැත්තා සදහටම පවතියි.+ නමුත් බොරු කියන දිව සැණෙකින් නිහඬ කරනු ලබයි.+ 20  උගුල් අටවන්නාගේ සිත වංචාවෙන් පිරී ඇත.+ එහෙත් සමාදානයට ප්‍රිය කරන තැනැත්තාගේ සිත ප්‍රීතියෙන් පිනා යයි.+ 21  ධර්මිෂ්ඨයාට කිසි අනතුරක් සිදු වන්නේ නැත.+ නමුත් දුෂ්ටයා බොහෝ විපත්තිවලට මුහුණ දෙයි.+ 22  බොරු කියන දිව යෙහෝවා දෙවිට පිළිකුලක්ය.+ නමුත් විශ්වාසවන්තව ක්‍රියා කරන අය ඔහුට ප්‍රසන්නය.+ 23  සිහිබුද්ධියෙන් කටයුතු කරන අය තම දැනුම ප්‍රදර්ශනය නොකරයි.+ නමුත් අඥානයා තම මෝඩකම ප්‍රසිද්ධියේ කියයි.+ 24  උත්සාහයෙන් වැඩ කරන තැනැත්තා හොඳ පාලකයෙක් වන්නේය.+ එහෙත් අලසයන්ට සිදු වන්නේ වහලුන් මෙන් වැඩ කරන්නයි.+ 25  මිනිසෙකු තම සිතේ ඇති කනස්සල්ල නිසා මානසිකව වැටෙයි.+ නමුත් දිරිගන්වනසුලු වචනයකින් ඔහුගේ සිත ප්‍රීතිමත් වෙයි.+ 26  ධර්මිෂ්ඨයා තම වටපිටාව ගැන සුපරීක්ෂාකාරීව සිටියි. නමුත් දුෂ්ටයෝ තමන් යන ගමන නිසා මංමුළා වී සිටිති.+ 27  අලසයාට දඩමස් කන්න ලැබෙන්නේ නැත.+ එහෙත් උත්සාහවන්තකම මිනිසෙකුගේ වස්තුවයි. 28  ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමෙන් ජීවනය අත් වෙයි.+ ඒ මඟෙහි ගමන් කරන්නාට කිසිදා මරණය අත් නොවෙයි.+

පාදසටහන්

හිතෝ 6:32හි පාදසටහන බලන්න.