Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

ලොව වටා

“සෑම වසරකම මිලියන 3කට ආසන්න ළදරුවන් සංඛ්‍යාවක් ඉපදී මුල් මාසයේදීම මිය යනවා. ඉන් බොහොමයක් සිදු වන්නේ වළක්වා ගැනීමට හැකියාවක් තිබෙන හේතුවලින්. ඒ වගේම එම ළදරුවන්ගෙන් තුනෙන් එකකට වඩා මිය යන්නේ ඉපදෙන දවසේදීමයි.”—Save the Children International.

බ්‍රිතාන්‍යය

2011දී ලන්ඩනයේ ප්‍රදේශ 15ක වායු දූෂණය නිසා සිදු වෙන මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා කියා මහජන සෞඛ්‍යය ගැන සොයා බලන ආයතනයක් සඳහන් කරනවා. වෙනත් ඉන්ධනවලට වඩා ඩීසල්වලින් පරිසරයට සිදු වන හානිය අවමයි කියා සැලකුවත් ඒ ප්‍රදේශවල සිදු වන වායු දූෂණයෙන් සියයට 91කටම හේතුව ඩීසල් වාහනයි.

රුසියාව

2013දී කළ සමීක්ෂණයකින් සොයාගත්තේ එරට වැසියන්ගෙන් සියයට 52ක් තමන් ඕතඩොක්ස් ආගමට අයිතියි කියා කිව්වත් ඔවුන් බයිබලයේ කොටසක්වත් කියවා නැති බවයි. ඒ වගේම ඔවුන්ගෙන් සියයට 28ක් පැවසුවේ ඔවුන් යාච්ඤා කරන්නෙත් කලාතුරකින් කියායි.

අප්‍රිකාව

ඉඩම්වල අයිතිය තහවුරු කරගැනීමට නොහැකි නිසා වගා කටයුතු අඩාළ වීම දුගීකමට හේතුවක් කියා ලෝක බැංකුවේ වාර්තාවක සඳහන් වෙනවා. ලොව පුරා තිබෙන වගා කළ හැකි ඒත් ප්‍රයෝජනයට නොගත් ඉඩම්වලින් අඩක්ම තියෙන්නේ අප්‍රිකාවේ. මේ වන විට එම රටේ ඉඩම්වලින් ලබාගත හැකි ඵලදාවෙන් ලැබෙන්නේ සියයට 25ක් පමණයි.

එක්සත් ජනපදය

බොහෝ පාසැල් සහ විශ්වවිද්‍යාලවල පොත් පත් වෙනුවට අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය මෘදුකාංග ඇතුළත් කළ ඉලෙක්ට්‍රොනික් ටැබ්ලට් භාවිත කරන්න සැලසුම් යොදනවා. ඒත් මෙය වියදම් අඩු දෙයක්ද නැද්ද යන්න තවමත් ප්‍රශ්නයක්.