Skip to content

පටුනට යන්න

 නිර්මාණයක්ද?

ආලෝකය උරාගන්නා සමනල තටුව

ආලෝකය උරාගන්නා සමනල තටුව

ගල් අඟුරු, තෙල් වැනි ඉන්ධන භාවිතය අඩු කර, හිරු එළියෙන් බල ශක්තිය නිපදවන උපකරණවල කාර්යක්ෂමතාව වැඩි කරන්න පුළුවන් ක්‍රම ගැන විද්‍යාඥයන් සොයා බලනවා.

මී වදයක හැඩයට ඇති කුටීර පේළි

මේ ගැන සිතන්න: සමනල්ලු ශීත කාලයේදී උණුසුම ලබාගන්න හිරු එළිය ලැබෙන අවස්ථාවලදී උන්ගේ තටු විහිදුවා තබාගන්නවා. සමහර සමනල විශේෂයන්ට (swallowtail) ආලෝකය උරාගැනීමේ විශේෂ හැකියාවක් තියෙනවා. ඒ උන්ගේ තටුවල තියෙන තද වර්ණය නිසාම නෙමෙයි තටු හැදිලා තියෙන විදිහ නිසයි. උන්ගේ තටු මතුපිට කොරපොතු රාශියක් පිහිටලා තියෙනවා. ඇසට නොපෙනෙන මේ කොරපොතු පිහිටලා තියෙන්නේ වහලක උළු අතුරලා තියෙන විදිහටයි. ඒ හැම කොරපොතුවක්ම හැදිලා තියෙන්නේ මී වදයක කුටීර හා සමාන කුඩා කුටීර පේළිවලින්. ඒ පේළි අතර මුදුන් උළු හා සමාන ගැටිති තියෙනවා. ඒ ගැටිති හරහා ආලෝකය පහසුවෙන්ම කුටීරවලට ගලා එනවා. ඒ නිසා සමනල තටුව තද කලු පැහැයක් ගන්නා අතර එමගින් උන්ට උණුසුමක්ද ලැබෙනවා.

“සමනල තටු සොබාදහමේ තියෙන සියුම්ම දේවලින් එකක්. ඒ වුණත් ඒ ගැන අධ්‍යයනය කිරීමෙන් ජලය සහ හිරු එළිය යොදාගෙන පරිසරයට හානියක් නොවන හයිඩ්‍රජන් වායුවේ නිෂ්පාදනය දෙගුණ කළ හැකි ක්‍රමයක් සොයාගන්න පර්යේෂකයන් පෙලඹී තිබෙනවා” කියා එක් වාර්තාවක සඳහන් වුණා. (Science Daily) සූර්ය කෝෂ සහ ආලෝක සංවේදක වැනි උපකරණවලටත් මෙම තාක්ෂණය යොදාගන්න හැකි වෙයි.

ඔබේ නිගමනය කුමක්ද? ආලෝකය උරාගැනීමේ විශේෂ හැකියාව සමනල තටුවලට ලැබුණේ අහම්බෙන්ද නැත්නම් එය නිර්මාණයක්ද?