Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

අරාබිකරයේ මාර්ග ආරක්ෂාව පිළිබඳ සංවිධානය වාර්තා කළේ සෑම වසරකදීම අරාබි රටවල මාර්ග අනතුරු 5,00,000කට අධික සංඛ්‍යාවක් සිදු වන අතර ඉන් 36,000ක් පමණ මිය යන බවයි.—REUTERS NEWS SERVICE, TUNISIA.

චීනයේ දරුවන්ට, ගුරුවරුන්වත් දෙමාපියන්වත් ලිංගික කාරණා ගැන දැනුවත් කරන්නේ නැති නිසා ඔවුන් අන්තර්ජාලය තුළින් ලිංගික කාරණා පිළිබඳව තොරතුරු සොයා බලන බව එක් සමීක්ෂණයකින් හෙළි වුණා.—CHINA DAILY, CHINA.

තරුණියන් අනතුරේ

වෙබ් කැමරාවක් මාර්ගයෙන් තරුණියන්ගේ කාමරවල සිදු වන දේවල් රහසේ නැරඹූ පුද්ගලයෙකුව ජර්මනියේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මෙය කර තිබෙන්නේ කෙසේද? පහසුවෙන්ම අනුමාන කළ හැකි වූ එක් තරුණියකගේ පාස්වර්ඩ් එකක් ඔහු අහම්බෙන් සොයාගත්තා. එමගින් ඔහු එම තරුණියගේ මිතුරියන්ගේ තොරතුරුද ලබාගත්තා. ඉන්පසුව ඔහු ස්ක්‍රීන් සේවර් එකක් ලෙස නිර්මාණය කළ මෘදුකාංගයක් එම තරුණියන්ගේ පරිගණකවලටද යවා තිබෙනවා. එම මෘදුකාංගය මගින් තරුණියන්ගේ පරිගණකවල තිබූ වෙබ් කැමරා පාලනය කර ඔවුන්ගේ කාමරවල සිදු වන දේ නැරඹීමට ඔහුට හැකි වී තිබෙනවා. ඔහුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී “ඔහු තරුණියන් 80දෙනෙකුගේ පරිගණකවලට සම්බන්ධ වී තිබුණු” අතර ඔහු ගත් පින්තූර මිලියන තුනක් පමණ සොයාගත්තා.—Aachener Zeitung.

අලුත්ම භාෂාවක්

ඉන්දියාවේ ඊසානදින ප්‍රදේශයේ භාෂාවේදීන් පිරිසක් ආකා හා මීජී නමැති භාෂාවන් පිළිබඳව අධ්‍යයනයක් කරමින් සිටියා. එහිදී ඔවුන් කෝරා නමැති අලුත් භාෂාවක් තිබෙන බවද සොයාගත්තා. භාෂා පිළිබඳ පර්යේෂකයෙක් වන ග්‍රෙගරි ඇන්ඩර්සන් පැවසුවේ “මෙම භාෂාව ගැන මීට පෙර කිසිම වාර්තාවක සඳහන් වී නැති” බවයි. ඊට හේතුව මෙම භාෂාව කතා කරන පිරිස 800ක් පමණ වීම හා එය තහනම් කලාපයක් වීමයි. ඒ වගේම 2009 වසරේදී චීනයේ එක් ප්‍රාන්තයකින් පමණක් අලුත් භාෂා 24ක් සොයාගෙන තිබෙනවා.

විකිරණශීලී වල් ඌරන්

වසර 25කට පමණ පෙර යුක්රේනයේ චර්නොබිල්හි න්‍යෂ්ටික බලාගාරයක් පිපිරීම හේතුවෙන්, විකිරණශීලී ද්‍රව්‍ය පරිසරයට මුදාහැරුණා. දැන් මේ විකිරණශීලී ද්‍රව්‍ය වල් ඌරන්ට ශරීර ගත වී තිබෙනවා. එසේ වීමට හේතුව උන් ආහාරයට ගන්නා හතුයි. හතු වර්ග ඉක්මනින්ම විකිරණශීලී ද්‍රව්‍ය උරාගන්නවා. ඒ නිසා එවැනි විෂ සහිත වල් ඌරු මස් විකිණීම රජය විසින් තහනම් කර තිබෙනවා. දැන් දඩයක්කරුවන්ගේ ආදායම අඩු වී ඇති නිසා ඔවුන්ට වන්දි ගෙවීමට රජයට සිදු වී තිබෙනවා. විද්‍යාඥයන් පවසන්නේ විකිරණශීලී වල් ඌරන්ගේ ප්‍රශ්නය තව අවුරුදු 50ක්වත් පවතීවි කියායි.—එම පුවත්පත Spiegel Online.