Skip to content

පටුනට යන්න

“ඔබට බොහොම ස්තුතියි!”

“ඔබට බොහොම ස්තුතියි!”

“ඔබට බොහොම ස්තුතියි!”

● ලොව පුරා සිටින බොහෝදෙනෙක් පිබිදෙව්! සඟරාවේ 30 සහ 31 පිටුවල පළ වන “පවුලේ සැමට” යන කොටස හුඟක් අගය කරනවා. එහි තිබෙන පින්තූර, බයිබල් චරිත, කුඩා දරුවන් වෙනුවෙන් වෙන් කළ කොටස හා මුළු පවුලටම එකතු වී කිරීමට තිබෙන කොටස වැනි දේ තුළින් බොහෝ අය අධ්‍යාපනයක් වගේම විනෝදයක්ද ලබනවා. එවැනි කිහිපදෙනෙකුගේ අදහස් පහත දැක්වෙයි.

“මගේ මුනුපුරන් දෙදෙනාට වයස අවුරුදු 12යි. මම ඒ දෙන්නා එක්ක ලිපි මාර්ගයෙන් බයිබල් පාඩමක් කරනවා. ඒ සඳහා මම පාවිච්චි කරන්නේ පවුලේ සැමට කියන කොටසයි. ඒ දෙන්නා ඒකේ තියෙන ප්‍රශ්නවලට පිළිතුරු ලියලා මට එවනවා. ඊටපස්සේ මම තවත් ටිකක් විස්තර ලියලා යවනවා. ඒ දෙදෙනාම මේ පාඩමට හුඟක් ආසයි. මේ වගේ කොටසක් ඇතුල් කළාට ඔබට බොහොම ස්තුතියි.”

ඇමරිකාවේ වී. සී

“මගේ පුතාට වයස අවුරුදු පහයි. ළඟදී එයා මට කිව්වා ‘මේ පින්තූරයේ ඇති අඩුපාඩු මොනවාද?’ කියන කොටස එයත් එක්ක කරන්න කියලා. පින්තූරය ගැන සාකච්ඡා කරනකොට මම ඒකේ තියෙන බයිබල් කොටස පුතාට කියෙව්වා. පුතා හරිම ආසාවෙන් ඒ ටික අහගෙන හිටියා. දැන් හැමදාම බයිබලයේ තියෙන කතාවක් කියලා දෙන්න කියනවා. බයිබලය ගැන ඉගෙනගන්න ආසාවක් ඇති කිරීම සඳහා මේ වගේ විශේෂාංග ඉදිරිපත් කරනවාට අපේ අවංක ස්තුතිය පුද කරන්න කැමතියි.”

ප්‍රංශයේ එම්. එෆ්

“දවසක් මම බස් නැවතුම්පළක පිබිදෙව්! සඟරා බෙදා දෙමින් ඉන්න විට ඩේවිඩ් (අවුරුදු 12යි) සහ ජෙනීෆර් (අවුරුදු 6යි) කියලා ළමයි දෙන්නෙක්ව හමු වුණා. දරුවන්ගේ පියා, සඟරා ඉල්ලන්න ඒ දෙන්නාව මං ළඟට එව්වා. තාත්තයි පුතයි සඟරා කියවන්න පටන්ගත්තා. ඒ වෙලාවේ මම ජෙනිෆර් එක්ක තවත් සඟරාවක තිබුණු ලස්සන පින්තූර ටික බැලුවා. ‘සිඟිති ඔබට වැඩක්’ යන 31වෙනි පිටුවේ තියෙන කොටස දැක්කාම එයා ඉක්මනින්ම සඟරාව පෙරළලා මටත් කලින් ඒ පින්තූර ටික සොයාගත්තා. එයා ඒකට කොච්චර කැමති වුණාද කියනවා නම් තවත් කලාප දහයකම එහෙම කළා. අවසානයේදී ජෙනිෆර් මගෙන් තවත් කලාප දෙකක් ගෙදරත් අරන් ගියා. මම එතනින් එනකොට, මේ වගේ වටිනා සඟරා ඔවුන්ට දුන්න එක ගැන ඒ තුන්දෙනාම ස්තුති කළා.”

ඉක්වදෝරයේ එම්. සී