Skip to content

පටුනට යන්න

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

නොමඟ ගිය යෞවනයන්ට අත හිත (2005 අප්‍රියෙල් 8) මේ ලිපි මාලාව ඉතා ප්‍රයෝජනවත්. අද දින නහඹරයන්ට අභියෝග රැසක් තිබුණත් මේ වගේ දිරිගන්වන ලිපි කියවීමෙන් ඔවුන්ට මානසික සුවයක් ලබාගත හැකියි. “කටයුතු කිරීමට අසීරු” කාලයක ජීවත් වන අපට දිරිය වඩවාගැනීමට මේ වගේ උපදෙස් තමයි අවශ්‍ය වෙන්නේ. (2 තිමෝති 3:1) මේ ලිපිවල සිහිගන්වා තිබෙන දේවල් “යක්ෂයාගේ උපායවලට” හසු නොවී සිටීමට අපිට උපකාරයක් වේවි. (එෆීස 6:11) නියම වෙලාවට ඇදහිල්ල ශක්තිමත් කරන ආහාර සැපයුවාට ඔබට ස්තුතියි.

එක්සත් ජනපදයේ කේ. එස්.

පිරිසිදු නිවසක්—අප සැමගේ සහයෝගයෙන් (2005 ජූනි 8) මගේ කුඩා කාලයේදී අපේ දෙමාපියන් දෙන්නම වැඩට ගිය නිසා අපි තුන්දෙනා ගේ ඇතුළේ සෙල්ලම් කර ගේ හැඩි කළා. දැනුත් මං හරි කම්මැළියි පිරිසිදුව පිළිවෙළකට දේවල් තියාගන්න. ඒත් මේ ලිපිය කියෙව්වහම, මගේ අම්මා මට පිරිසිදුව තියාගන්න විදිහ කාරුණිකව උගන්වනවා වගේ හැඟීමක් ඇති වෙනවා. දැන් මට ලොකු ළමයි ඉන්නවා. ඒගොල්ලෝ ආස නැහැ පිරිසිදු කරන්න. ඒගොල්ලන්ට හුඟක් දේවල් උගන්වන්න මට සිද්ධ වෙනවා. මේ ලිපිය කියෙව්වහම මට හරි සතුටක් දැනුණා.

ජපානයේ වයි. ඊ.

පවුලේ විනෝදය සඳහා (2005 මැයි 8, සිංහලෙන් නැහැ.) මෙම ලිපිය දැක්කහම මගේ ඇස්වලට කඳුළු ඉණුවා. මගේ දියණියට මම ඒක පෙන්නුවා. එතකොට එයා කිව්වේ දැනටමත් මම තුවාල වුණ ගේකුරුල්ලා ගැන ලිපිය කියවලා “පවුලේ විනෝදය සඳහා” ප්‍රශ්න දෙකටම උත්තරත් හොයලා ඉවරයි කියලයි.

එක්සත් ජනපදයේ එල්. එස්.

දැනුමට මඟ—පුස්තකාල (2005 ජූනි 8) දහඅටවන පිටුවේ පින්තූරයේ අසිරියාවේ අෂූර්බානිපල් රජුව දක්වා තිබෙන්නේ වැරදීමකින් කියලා මම හිතනවා. ඒ පින්තූරයෙන් පෙන්වන්නේ අසිරියාවේ ඒසර්හද්දොන් රජුවයි.

ජර්මනියේ ඒ. ඩබ්ලිව්.

“පිබිදෙව්!” පිළිතුරු දෙයි: මේ කාරණය අපේ අවධානයට යොමු කිරීම ගැන ඔබට ස්තුතියි. බයිබලයේ කාරණා විස්තර කර ඇති “ශුද්ධ ලියවිලි පිළිබඳ අවබෝධය” නමැති ඉංග්‍රීසි පොතේ 1වන වෙළුමේ 757 පිටුවේ දක්වන්නේ ඒසර්හද්දොන් අසිරියානු සෙනකෙරිබ් රජුගේ බාල පුතෙක් සහ සෙනකෙරිබ්ගෙන් පසුව පත් වූ රජු ඔහු බවයි. *

මායාවරුන්ගේ පුදුමාකාර දිනදර්ශනය (2005 අප්‍රියෙල් 8, සිංහලෙන් නැහැ.) අන්තර්ජාලයෙන් පර්යේෂණයක් කරන්න මේ ලිපිය මාව පෙලඹෙව්වා. මායා දිනදර්ශනය හා ජ්‍යෝතිඃශාස්ත්‍රය අතර කිට්ටු සම්බන්ධයක් තියෙන බව මම හොයාගත්තා. මේ වගේ ලිපි පළ කිරීමෙන් පාඨකයන්ට ජ්‍යෝතිඃශාස්ත්‍රය සහ භූතවාදය කෙරෙහි උනන්දුවක් දක්වන්න පෙලඹීමක් ඇති කරනවා.

පෝලන්තයේ ජේ. කේ.

“පිබිදෙව්!” පිළිතුරු දෙයි: මෙම “පිබිදෙව්!” සඟරාවේ 4වන පිටුවේ සඳහන් පරිදි මෙම සඟරාවේ අරමුණ පුවත් වාර්තා කිරීම, විවිධ රටවල ජනයාගේ වගතුග හෙළි කිරීම, ආගම සහ විද්‍යාව විමසුමට ලක් කිරීමයි. ඒකෙන් කොහෙත්ම අඟවන්නේ නැහැ මේ ක්ෂේත්‍රයන්හි සිදු වන ඕනෑම දෙයක් අපි අනුමත කරන බව. ඔබ සඳහන් කරන කෙටි ලිපියේ අපි පුරාණ මායාවරුන්ගේ දිනදර්ශනය ගැන වාර්තා කළේ නිවැරදි කාල නිර්ණය පිළිබඳ ඔවුන්ගේ දක්ෂතාව ගැන යමක් පැවසීමටයි. මෙම දිනදර්ශනය ජ්‍යෝතිඃශාස්ත්‍රය සඳහා භාවිත කරන බව පවසා තිබෙන්නේ අපේ පාඨකයන්ව ජ්‍යෝතිඃශාස්ත්‍රය අධ්‍යයනය කිරීමට පෙලඹවීම සඳහා නොවෙයි.

අපේ ප්‍රකාශනවල පළ වෙන පින්තූරු පිළිබඳව මෙවැනි ප්‍රශ්න විටින් විට අසනු ලබනවා. ප්‍රතිමා, ආගමික සංකේත හෝ භූතවාදය සඳහා යොදාගන්නා දේවල් පිළිබඳ පින්තූරු මුද්‍රණය කරන්නේ කුතුහලය ඇවිස්සීමට නොවෙයි. ඒවා යොදන්නේ ඒ දේවල් වටා ගොඩ නැඟී ඇති ගුප්ත අදහස් ඉවත් කිරීමට මෙන්ම එවැනි කිසිම දේකට සම්බන්ධ නොවන්න කියා අපේ පාඨකයන්ට අනතුරු අඟවන්නයි. අපට ලැබී ඇති තොරතුරු රැසෙන් ඇඟවෙන්නේ අපේ ලිපිවලින් හා පින්තූරුවලින් හොඳ ප්‍රතිඵල ලැබී තිබෙන බවයි.

[පාදසටහන්වල]

^ 10 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.