Skip to content

පටුනට යන්න

3වෙනි පාඩම

ප්‍රශ්න පාවිච්චි කිරීම

ප්‍රශ්න පාවිච්චි කිරීම

මතෙව් 16:13-16

සාරාංශය: උනන්දුවක් ඇති කිරීමට, ඒක දිගටම තියාගැනීමට, තර්කානුකූලව කරුණු පැහැදිලි කිරීමට සහ ප්‍රධාන කරුණු කාවැද්දීමට ප්‍රශ්න පාවිච්චි කරන්න.

ඒක කරන විදිහ:

  • උනන්දුව ඇති කරලා ඒක දිගටම තියාගන්න. හිතන්න පෙලඹෙන ප්‍රශ්න එහෙම නැත්නම් කුතුහලයක් ඇති කරන ප්‍රශ්න අහන්න.

  • කරුණු තර්කානුකූලව ගොඩනඟන්න. තර්කානුකූලව හිතලා නිවැරදි නිගමනයට එන්න උදව් කරන්න සවන් දෙන කෙනාගෙන් ප්‍රශ්න කීපයක්ම අහන්න.

  • ප්‍රධාන කරුණු කාවද්දන්න. ප්‍රධාන කරුණක් හඳුන්වා දෙන්න ප්‍රශ්නයක් අහන්න. ප්‍රධාන කරුණක් ගැන කතා කළාට පස්සේ එහෙම නැත්නම් ඉදිරිපත් කිරීම අවසානයේදී කතා කරපු දේ මතක් කරගන්න උදව් වන ප්‍රශ්න අහන්න.