Skip to content

පටුනට යන්න

19වෙනි පාඩම

හදවතට කතා කරන්න

හදවතට කතා කරන්න

හිතෝපදේශ 3:1

සාරාංශය: ඉගෙනගන්න දේවල වටිනාකම තේරුම් අරන් ඒවා අදාළ කරගන්න සවන් දෙන අයට උදව් කරන්න.

ඒක කරන විදිහ:

  • තමන්වම සෝදිසි කරලා බලන්න උදව් කරන්න. තමන්ගේ හිතේ තියෙන්නේ මොනවාද කියලා එයාලටම තේරුම්ගන්න උදව් වන ප්‍රශ්න සබයෙන් අහන්න.

  • හරි චේතනාවෙන් දේවල් කරන්න දිරිගන්වන්න. එයාලා යහපත් දේවල් කරන්නේ ඇයි කියලා හිතලා බලන්න සවන් දෙන අයව උනන්දු කරන්න. යෙහෝවා දෙවි ගැන, මිනිසුන් ගැන, සත්‍ය ඉගැන්වීම් ගැන තියෙන අගය සහ ආදරේ නිසයි අපි යහපත් දේවල් කරන්න ඕනේ. නීති දානවා වෙනුවට බයිබලයේ තියෙන විදිහට දේවල් කරන එක ඥානවන්තයි කියලා තේරුම්ගන්න උදව් කරන්න. ‘මං දේවල් හරියට කරන්නේ නෑනේ’ කියන හැඟීම නෙමෙයි ‘මටත් පුළුවන් දේවල් හරියට කරන්න’ කියන හැඟීමයි එයාලට ඇති වෙන්න ඕනේ.

  • යෙහෝවා දෙවි ගැන හිතන්න දිරිගන්වන්න. බයිබලයේ ඉගැන්වීම්, ප්‍රතිපත්ති සහ නීතිවලින් දෙවිගේ ගතිලක්ෂණත් ඔහුගේ ආදරෙත් පැහැදිලි වන විදිහ පෙන්වන්න. දෙවිට හැඟෙන විදිහ ගැන හිතලා ඔහු සතුටු වන දේ කරන්න ආසාවක් සවන් දෙන අයගේ හිතේ ඇති කරන්න.