හිතෝපදේශ 3:1-35

3  මාගේ පුත්‍රය, මාගේ ඔවදන් අමතක නොකරන්න.+ මාගේ ආඥා මුළු හදවතින්ම පිළිපදින්න.+  එවිට ඔබ බොහෝ කල්+ සමාදානයෙන් ජීවත් වනු ඇත.+  ප්‍රේමයද* විශ්වාසවන්තකමද ඔබෙන් ඈත් නොවේවා!+ ඒවා ඔබේ ගෙල වටා බැඳගන්න.+ ඔබේ සිත නමැති පුවරුවේ ලියාගන්න.+  එසේ කළොත් ඔබේ වටහාගැනීමේ හැකියාව දියුණු කරගෙන දෙවි සහ මිනිසුන් ඉදිරියේ හොඳ නමක් දිනාගැනීමට ඔබට හැකි වනු ඇත.+  ඔබේම නුවණෙහි රඳා නොසිට+ මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න.+  ඔබේ ජීවන ගමනේදී ඔබ තබන සෑම පියවරකදීම දෙවිව සිහි කරන්න.+ එවිට ඔහු ඔබ යා යුතු හරි මඟ පෙන්වා දී ඔබේ දිවිය සාර්ථක කර දෙනු ඇත.+  ඔබ ප්‍රඥාවන්තයෙකුයයි නොසිතන්න.+ යෙහෝවා දෙවිට ගරුබිය දක්වා දුෂ්ටකමෙන් ඉවත්ව සිටින්න.+  එවිට ඔබේ ගතට* සුවයක්ද+ ඔබේ ඇටවලට ප්‍රාණවත්බවක්ද+ ලැබෙනු ඇත.  ඔබ සතු වටිනා දේවල්ද+ ඔබේ අස්වැන්නේ මුල්ම පලදාවද+ යෙහෝවා දෙවිට ලබා දී ඔහුව ගෞරවයට පත් කරන්න. 10  එවිට ඔබේ ගබඩා පිරී ඉතිරී යනු ඇත.+ වයින් සාදන ඔබේ යන්ත්‍රද අලුත් වයින්වලින් ඉතිරී යනු ඇත.+ 11  මාගේ පුත්‍රය, යෙහෝවා දෙවි දෙන හික්මවීම ප්‍රතික්ෂේප නොකරන්න.+ ඔහු දෙන අවවාදවලට ද්වේෂ නොකරන්න.+ 12  මන්ද පියෙකු තම ආදරණීය පුතුට අවවාද කරන්නාක් මෙන්+ යෙහෝවා දෙවි තමා ප්‍රේම කරන තැනැත්තාට අවවාද කරයි.+ 13  ප්‍රඥාව සොයාගෙන+ වටහාගැනීමේ හැකියාව දියුණු කරගන්න+ තැනැත්තා සන්තෝෂවත්ය. 14  මන්ද ප්‍රඥාවෙන් ලැබෙන ප්‍රයෝජන රන් රිදීවලටත් වඩා අගනේය.+ 15  එය කොරල්වලටත්+ ඔබ ආශා කරන අන් සියලු දේවලටත් වඩා වටින්නේය. ඊට සම කළ හැකි දෙයක් නොමැත. 16  එහි දකුණතේ දීර්ඝායුෂද+ එහි වමතේ වස්තුවද ගෞරවයද+ තිබෙන්නේය. 17  ප්‍රඥාවේ මාවත් ප්‍රසන්නය. එහි ගමන් කරන සැමට සමාදානය අත් වනු ඇත.+ 18  ප්‍රඥාව ජීවන වෘක්ෂයකි.+ එය අත් කරගෙන තදින් අල්ලාගෙන සිටියොත්+ එයින් ජීවනයද සන්තෝෂයද ලැබෙනු ඇත.+ 19  යෙහෝවා දෙවි ප්‍රඥාවෙන් පොළොවේ අත්තිවාරම් දැමුවේය.+ ඔහු මනා අවබෝධයකින් යුතුව අහස ස්ථිර ලෙස පිහිටෙව්වේය.+ 20  ඔහු තම දැනුම යොදා මහා ජල කඳන් බෙදුවේය.+ වලාකුළුවලින් වැහි බිඳු වැටෙන්න සැලැස්වූවේය.+ 21  මාගේ පුත්‍රය, මේ දේවල් දෙසම ඔබේ නෙත් යොමා සිටින්න.+ ප්‍රඥාවද* ඔබේ සිතීමේ හැකියාවද රැකගන්න.+ 22  ඒවා ඔබේ ගෙල පළඳනා අලංකාර මාලයක්+ මෙන් වන්නේය. එමගින් ඔබට ජීවනයද අත් වන්නේය.+ 23  ඔබ කිසි අනතුරකට භය නොවී සුරක්ෂිතව ගමන් කරනු ඇත.+ ඔබේ පාද කිසිවක පැටලෙන්නේද නැත.+ 24  ඔබ විවේකයෙන් සිටින කල කිසි බියක් නොදැනෙනු ඇත.+ ඔබට සුව නින්දක්ද ලැබෙනු ඇත.+ 25  හදිස්සියෙන් පැමිණෙන විපතකටවත්+ දුෂ්ටයන් පිටට පැමිණෙන කුණාටුවකටවත් බිය වීමට ඔබට අවශ්‍ය වන්නේ නැත.+ 26  මන්ද ඔබ යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබා ඇත.+ ඔහුද ඔබේ දෙපා කිසි උගුලකට හසු වීමට ඉඩ නොදෙනු ඇත.+ 27  අගහිඟකම් තිබෙන අයට+ යහපතක් කිරීමට ඔබට හැකියාව තිබියදී+ එසේ කිරීමට පසුබට නොවන්න. 28  දීමට යමක් ඔබ ළඟ තිබියදීත්, “ගිහින් හෙට එන්න. මම හෙට ඔබට යමක් දෙන්නම්” කියා ඔබේ අසල්වැසියාට නොකියන්න.+ 29  ඔබව විශ්වාස කර ඔබ සමඟ සුහද ඇසුරක් පවත්වන+ ඔබේ අසල්වැසියාට විරුද්ධව නපුරක් කිරීමට කුමන්ත්‍රණය නොකරන්න.+ 30  යමෙක් ඔබට නපුරක් කර නැත්නම්+ නිකරුණේ ඔහු සමඟ ආරවුලක් ඇති කර නොගන්න.+ 31  දාමරිකයන්ට ඊර්ෂ්‍යා නොකරන්න.+ ඔවුන්ගේ මාර්ගවල ගමන් නොකරන්න.+ 32  මන්ද වංක තැනැත්තා+ යෙහෝවා දෙවිට පිළිකුලක්ය.+ නමුත් අවංක අයට ඔහු ළංව සිටින්නේය.+ 33  යෙහෝවා දෙවි දුෂ්ටයාගේ නිවස පිටට දඬුවම් පමුණුවන්නේය.+ නමුත් ධර්මිෂ්ඨ අයගේ වාසස්ථානවලට ඔහු ආශීර්වාද කරන්නේය.+ 34  සමච්චල් කරන්නන්ට+ ඔහු සරදම් කරන්නේය.+ නමුත් නිහතමානී අයට ඔහු කරුණාව දක්වන්නේය.+ 35  ප්‍රඥාවන්තයන්ට ගෞරවය ලැබෙනු ඇත.+ නමුත් මෝඩයන් උසස් කොට සලකන්නේ අගෞරවයට පත් කරවන දේවල්මය.+

පාදසටහන්

හෝ, “ළැදි ප්‍රේමය.”
මූ.අ., “නාභියට.”
මූ.අ., “ස්ථානෝචිත ප්‍රඥාව.”