Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | යෝබ් 33-37

අවංක යාළුවෙක් දෙන්නේ ගොඩනැංවෙන උපදෙස්

අවංක යාළුවෙක් දෙන්නේ ගොඩනැංවෙන උපදෙස්

එලිහු යෝබ්ට උපදෙස් දෙද්දී කිව්ව දේවල් සහ යෝබ් එක්ක කටයුතු කරපු විදිහ එලිෆස්, බිල්දද් සහ ෂෝපර්ට වඩා සම්පූර්ණෙන්ම වෙනස්. ඔහු අවංක යාළුවෙක් කියලත් හොඳ උපදෙස් දෙන කෙනෙක් කියලත් ඔප්පු කෙරුවා. ඔහුගේ ආදර්ශය අනුකරණය කරන්න වටිනවා.

හොඳ උපදෙස් දෙන කෙනෙක්ගේ ගුණාංග

එලිහු හොඳ ආදර්ශයක් තිබ්බා

32:4-7, 11, 12; 33:1

 

  • ඉවසනවා

  • සවන් දෙනවා

  • ගෞරව කරනවා

 
  • යමක් කියන්න කලින් වයසින් මුහුකුරා ගිය අය කතා කරලා ඉවර වෙන කල් එලිහු ඉවසීමෙන් බලාගෙන හිටියා

  • උපදෙසක් දෙන්න කලින් හොඳින් සවන් දුන්න නිසා ඔහුට කාරණා ගැන හොඳ අවබෝධයක් තිබුණා

  • ඔහු යෝබ්ගේ නම පාවිච්චි කරලා මිතුරෙක් හැටියට ඔහුව සලකමින් කතා කෙරුවා

 

33:6, 7, 32

 

  • නිහතමානියි

  • බය නැතුව ඔහුට ඕනම දෙයක් කියන්න පුළුවන්

  • අනිත් අයගේ හැඟීම් තේරුම්ගන්නවා

 
  • නිහතමානි, කරුණාවන්ත එලිහු තමන් අසම්පූර්ණ බව පිළිගත්තා

  • ඔහු යෝබ්ගේ දුක තේරුම්ගත්තා

 

33:24, 25; 35:2, 5

 

  • අන්තයට යන්නේ නැහැ

  • කාරුණිකයි

  • දෙවිගේ මඟ පෙන්වීම් පතනවා

 
  • අසාධාරණ විදිහට හිතුව යෝබ්ව එලිහු කාරුණිකව නිවැරදි කළා

  • වඩා වැදගත් වෙන්නේ තමන්ගේ ධර්මිෂ්ඨකම ගැන හිතන එක නෙමෙයි කියලා තේරුම්ගන්න එලිහු යෝබ්ට උදව් කළා

  • එලිහු දුන්න නිවැරදි උපදෙස් මගින් යෝබ්ට යෙහෝවා දෙවිගෙන් තවත් උපදෙස් ලබාගන්න මඟ පෑදුණා