යෝබ් 33:1-33

33  “යෝබ්, දැන් මම කියන දේට ඇහුම්කන් දෙන මෙන් ඉල්ලමි.මා පවසන සියල්ලට හොඳින් අවධානය දෙන්න.   මට තවත් කතා නොකර සිටිය නොහැක.මාගේ දිව අග තිබෙන වචන මා පිට කළ යුතුය.+   මාගේ සිතෙහි ධර්මිෂ්ඨකමට අනුව මම කතා කරන්නෙමි.+මා දන්නා දේ මම අවංකව ප්‍රකාශ කරන්නෙමි.+   දෙවි තම බලය මාර්ගයෙන් මාව නිර්මාණය කළේය.+සියලු බලැති දෙවි තම හුස්මෙන් මාව ජීවත් කෙරෙව්වේය.+   ඔබට හැකි නම් මට පිළිතුරු දෙන්න.මා පවසන දේට විරුද්ධව තර්ක කිරීමට සූදානම් වෙන්න.   සැබෑ දෙවි ඉදිරියේ ඔබත් මාත් එක හා සමානය.+ඔබව මෙන්ම මාවද සාදා තිබෙන්නේ මැටිවලිනි.+   මට බිය වන්න කිසිදු හේතුවක් නැත.මම ඔබේ සිත බිඳ දමන්න කිසිවක් පවසන්නේද+ නැත.   එහෙත් ඔබ කියූ දේ මට ඇසුණේය.ඔබ නැවත නැවත මෙසේ කීවෙහිය.   ‘මා නිර්දෝෂය.+මම කිසි වරදක් කර නැත. මා පවිත්‍රය.+ 10  එහෙත් දෙවි මාව තමාගේ සතුරෙකු+ ලෙස සලකමින්මට විරුද්ධව කාරණා සොයන්නේය. 11  ඔහු මාගේ පාද දඬුකඳේ ගසා+මා යන එන තැන් දෙස නිතරම බලා සිටින්නේය.’+ 12  එහෙත් ඔබ දෙවි ගැන කී ඒ එක් දෙයක්වත් සත්‍යය නොවෙයි.+දෙවි මනුෂ්‍යයාට වඩා බොහෝ සෙයින් උසස්ය.+ 13  එසේනම් ඔබ දෙවි සමඟ වාද කරන්නේ මන්ද?+ඔබ එසේ කරන්නේ ඔහු ඔබට පිළිතුරු නොදෙන බව සිතන නිසාද?+ 14  ඇත්තෙන්ම, දෙවි නැවත නැවත කතා කරන්නේය.+එහෙත් මිනිසා ඔහු කතා කරන විට අවධානය යොමු නොකරන්නේය. 15  මිනිසා රාත්‍රියේ යහන මතඅඩ නින්දේ සිටින විටද තද නින්දේ සිටින විටද+දර්ශන+ මගින් දෙවි ඔහුට කතා කරන්නේය. 16  එවැනි අවස්ථාවල දෙවි ඔහුට කාරණා හෙළි කරන්නේය.+ඔහු දෙන අවවාද තවත් ස්ථිර කරන්නේය. 17  ඔහු එසේ කරන්නේ, මනුෂ්‍යයාව වැරදි මඟෙන් ඉවතට ගැනීම සඳහාය.+ඔහු තුළ තිබෙන උඩඟුකම පහ කිරීම උදෙසාය.+ 18  මෙසේ දෙවි ඔහුගේ ජීවිතය මිනී වළෙන් බේරාගනු ඇත.+මාරාන්තික ඊතලයකින් ඔහුගේ ජීවිතය අහිමි වීම වළක්වනු ඇත.+ 19  ඔහු මිනිසාට තම යහන මත වේදනාවෙන් වැතිර සිටීමට ඉඩහැර ඔහුව හික්මවන්නේය.නොනවත්වාම ඔහුගේ ඇටකටු රිදුම් දෙන්නේය. 20  කෑම සඳහා ඔහුට කිසි ප්‍රියක් නැත.+ප්‍රණීත ආහාර පවා ඔහුට අප්‍රිය වේ. 21  ඔහුගේ ශරීරය ක්ෂය වී යන්නේය.පිරිපුන්ව සිටි ඔහු දැන් ඇට සැකිල්ලක් වී ඇත. 22  මිනී වළට යෑමට ඔහුට ඇත්තේ තව කෙටි කලකි.+මිනී මරුවන් අතට ඔහුගේ ජීවිතය හසු වී ඇත. 23  එහෙත් නිවැරදි දේ කුමක්ද කියා ඔහුට කියා දීමට පණිවිඩකරුවෙකු සිටින්නේ නම්එසේය, දහසක් අතරින් ඔහුව නියෝජනය කිරීමට තැනැත්තෙකු පැමිණේ නම් 24  ඒ තැනැත්තා ඔහුට අනුකම්පා කොට මෙසේ කියනු ඇත.‘මිනී වළෙන් ඔහුව බේරාගන්න.+මන්ද ඔහු වෙනුවෙන් මම වන්දියක් ගෙවා ඇත.+ 25  ඔහුගේ සම දරුවෙකුගේ සමට වඩා මෘදු වන්නේය.+ඔහු නැවත තරුණ වියට පැමිණෙන්නේය.’+ 26  එවිට එම පණිවිඩකරු ඔහුට අනුමැතිය ලබා දෙන මෙන් දෙවිගෙන් අයැදින්නේය.+ඒ නිසා ඔහු දෙවි ඉදිරියේ ප්‍රීති ඝෝෂා නඟනු ඇත.දෙවිද ඔහුව නැවත ධර්මිෂ්ඨ තත්වයකට ගෙනෙනු ඇත. 27  ඔහු මිනිසුන් ඉදිරියේ ගී ගයමින් මෙසේ කියනු ඇත.‘මම පව් කර ඇත.+ මම නිවැරදි මඟෙන් ඉවතට හැරුණෙමි.මා ක්‍රියා කළේ නුසුදුසු ආකාරයටයි. 28  ඔහු මාව මරණයෙන් ගලවාගත් බැවින්+මාගේ ජීවිතයට ආලෝකය උදා වන්නේය.’ 29  දෙවි නැවත නැවතමිනිසා වෙනුවෙන් මේ සියලු දේ කරන්නේය. 30  ඔහු මිනී වළෙන් ඔහුව ගලවාගන්නේ,+ ජීවනයනමැති ආලෝකය ඔහුට ලබා දෙන පිණිසය.+ 31  යෝබ්, මා කියන දේ අසන්න. මට තවත් කීමට යමක් ඇත.නිහඬව ඒ දේට අවධානය දෙන්න. 32  ඔබට යමක් කීමට ඇත්නම් මට පවසන්න.මන්ද ඔබ ගත කළ ධර්මිෂ්ඨ ජීවිතය ගැන මම සතුටු වෙමි. 33  ඔබට කීමට දෙයක් නැත්නම් මා පවසන දේට නිහඬව සවන් දෙන්න.+මම ඔබට ප්‍රඥාව යනු කුමක්ද කියා උගන්වන්නෙමි.”

පාදසටහන්