යෝබ් 35:1-16

35  එලිහු තවදුරටත් පිළිතුරු දෙමින් මෙසේ කීවේය.   “ඔබ කතා කරන ආකාරය සාධාරණයි කියා ඔබ සිතනවාද?‘මම දෙවිට වඩා ධර්මිෂ්ඨයි’ කියා ඔබ කීවෙහිය.+   ‘මා ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කළා කියා එයින් කිසි ප්‍රයෝජනයක් තිබේද?+මා පාපයෙන් වැළකී සිටියත් එයින් ඇති වාසිය කුමක්ද? මා ගත කරන්නේ පව්කාරයන්ට වඩා හොඳ ජීවිතයක්ද’ කියාත් ඔබ ඇසුවෙහිය.+   ඔබටත් ඔබේ මිතුරන්ටත්+මේ කාරණය සම්බන්ධයෙන් මම උත්තර දෙන්නෙමි.   අහස දෙස බලන්න.+වලාකුළු ඔබට වඩා කොපමණ ඉහළින් තිබෙනවාද කියා බලන්න.+   ඔබ පව් කළොත් එයින් දෙවිට යම් හානියක් සිදු වෙනවාද?+ඔබ දිගින් දිගටම දෙවිට විරුද්ධව කැරලිගැසුවත් එයින් දෙවිට යම් අවාසියක් සිදු වෙනවාද?   යහපත් ජීවිතයක් ගත කිරීම දෙවිට කරන උදව්වක් කියා ඔබ සිතුවාද?දෙවි කවදාවත් ඔබෙන් උදව්වක් ඉල්ලා තිබෙනවාද?+   දුෂ්ටකම් කර, ඔබ හා සමාන වෙනත් මිනිසෙකුට හානියක් කළ හැකිය.+ධර්මිෂ්ඨ ක්‍රියාවක් කර, වෙනත් මිනිසෙකුට ප්‍රයෝජන අත් කර දීමටත් ඔබට හැකිය.+   මිනිසා දුක් පීඩාවලින් හෙම්බත් වූ විට උපකාර ඉල්ලති.+බලහත්කාරකම් කරන අයගේ අතින් ගලවාගන්න කියා හඬා වැලපෙමින් පිහිට පතති.+ 10  එහෙත්, ‘රාත්‍රියේදී ප්‍රශංසා ගී ගැයීමට සලස්වන්නාවූ,+මාව නිර්මාණය කළ ශ්‍රේෂ්ඨ දෙවි+ කොහේද’ කියා එක් කෙනෙක්වත් අසන්නේ නැත. 11  සතුන්ට+ ලබාගත නොහැකි දැනුම මිනිසාට ලබා දෙන්නේ ඔහුයි.+අහසේ පියාසර කරන පක්ෂීන්ට වඩා ප්‍රඥාවන්තව ක්‍රියා කිරීමට අපට හැකියාව ලබා දෙන්නෙත් ඔහුයි. 12  මිනිසුන් උපකාරය පතා මොරගැසුවදදුෂ්ටයන්ගේ අහංකාරකම+ නිසා දෙවි උත්තර දෙන්නේ නැත.+ 13  වංක සිතින් කතා කරන අයගේ කන්නලව්වලට දෙවි සවන් දෙන්නේ නැත.+සියලු බලැති දෙවි ඔවුන්ව ගණනකටවත් ගන්නේ නැත.+ 14  එසේනම් ඔහුව දැකගන්න බැහැ කියා පවසන ඔබට ඔහු සවන් දෙයිද?+නමුත් ඔබේ නඩුව ඔහුට භාර දී ඇත. ඔහු තීන්දුව දෙන තෙක් බලා සිටින්න.+ 15  දෙවි ඔබ සමඟ උදහස් වී ඔබ කියූ දේවලට දඬුවමක් නියම කර නැත.+ඔබ සිතා බලන්නේ නැතුව පැවසූ වචන ඔහු තම සිතෙහි තබාගන්නේ නැත.+ 16  යෝබ් කිසි තේරුමක් නැති වචන දොඩන්නේය.ඔහු කිසි අවබෝධයක් නැතුව බොහෝ දේ පවසන්නේය.”+

පාදසටහන්