Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 105

“දෙවි ප්‍රේමයයි”

“දෙවි ප්‍රේමයයි”

(1 යොහන් 4:7, 8)

  1. 1. දෙව්-ගේ ප්‍රේ-ම-ය පො-ල-ඹයි

    දෙව් මෙන් ප්‍රේ-මේ පෙන්-වන්-ට

    පෙන්-ව-මු අ-පේ ප්‍රේ-ම-ය

    දෙව්-ට හා මි-නි-සා-ට

    සන්-තෝ-ෂේ ලැ-බෙයි ජී-වි-තේ

    ඒ අ-පේ පැ-තු-ම වේ

    ප්‍රේ-ම-ය අ-පේ පෙන්-ව-මු

    ක්‍රිස්-තුස් යේ-සුස් පෙන්-වූ සේ

  2. 2. දෙව්-ට ප්‍රේ-ම-ය ක-රයි නම්

    ප්‍රේ-ම-ය පෙන්-වයි අ-පත්

    දුර්-ව-ල-කම් ජ-ය-ගන්-ට

    දෙව් අ-ප-ට දෙයි අ-ත

    නිර්-ම-ලයි සැ-බෑ ප්‍රේ-ම-ය

    කෲ-ර නෑ කි-සි-වි-ට

    පා-මු ප්‍රේ-ම-ය සැ-ම-ට

    අද්-ද-කි-මු ප්‍රී-ති-ය

  3. 3. ප්‍රේ-මේ නෑ අ-ම-නා-ප-ය

    සිත් තු-ළ ති-යා-ගන්-නේ

    දෙව්-ට හා සි-යල්-ලන්-ට-ම

    ප්‍රේ-මේ පෑ යු-තු-ම වේ

    පැ-තු-වො-තින් දෙව් ඔ-ව-දන්

    ඒ මාර්-ගේ කි-යා දෙන්-නේ

    ප්‍රේ-ම-ය ක-ර-මු දෙව් මෙන්

    අන් අ-ය-ට සෑ-ම-දා