Skip to content

පටුනට යන්න

යේසුස්ගේ ජීවිත පූජාවෙන් ප්‍රයෝජන ගන්න

යේසුස්ගේ ජීවිත පූජාවෙන් ප්‍රයෝජන ගන්න

 යේසුස් කියපු විදිහටම හැම අවුරුද්දකම ලෝකේ පුරා ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එයාලාගේ ආරාධනාව පිළිගත්ත තවත් මිලියන ගාණක් අය එක්ක යේසුස්ගේ මරණය සිහි කරනවා. (ලූක් 22:19) යේසුස් අපි වෙනුවෙන් ජීවිතේ පූජා කරපු එක කොච්චර වටිනවාද, ඒ වෙනුවෙන් ඔහු කොච්චර කැප කිරීමක් කළාද කියලා මේ විශේෂ රැස්වීමේදී අපිට මතක් කරලා දෙනවා. ඒ නිසා දැන් විතරක් නෙවෙයි අපිට අනාගතයේදීත් ලැබෙන ප්‍රයෝජන ගැන එදාට කතා කරනවා.—යොහන් 3:16.

 මේ අවුරුද්දේ යේසුස්ගේ මරණය සිහි කිරීමට එන්න ඔයාට පුළුවන් වුණත් නැතත් ඔහුගේ ජීවිත පූජාවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද? ඒකට කරන්න ඕන වැදගත් දේවල් දෙකක් ගැන යේසුස් කිව්වා.

  1.  1. දෙවියන් ගැනයි, යේසුස් ගැනයි ඉගෙනගන්න. දෙවියන්ට යාච්ඤා කරද්දී සැරයක් යේසුස් මෙහෙම කිව්වා. “සදාකාල ජීවනය ලබාගැනීමට ඔවුන් කළ යුතු දේ නම් එකම සැබෑ දෙවි වන ඔබවත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්වත් දැන හඳුනා ගැනීමයි.”—යොහන් 17:3.

  2.  2. ඉගෙනගත්ත දේවල් අදාළ කරගන්න. යේසුස්ගේ ඉගැන්වීම් ජීවිතේට අදාළ කරගන්න එකේ වැදගත්කම ඔහු නිතරම කාවැද්දුවා. උදාහරණෙකට හුඟදෙනෙක් අතර ප්‍රසිද්ධ කන්ද උඩ දේශනාව අවසානයේදී යේසුස් “පවසන දේවල් අසා පිළිපදින” අයව ඔහු ගොඩක් අගය කළා. (ලූක් 6:46-48) ඒ වගේම තවත් අවස්ථාවක ඔහු කිව්වා “ඔබ මේ දේවල් දැන සිටින නිසා ඔබ ඒවා පිළිපැද්දොත් ඔබට සතුටු විය හැකියි” කියලා.—යොහන් 13:17.

 දෙවියන් ගැනයි, යේසුස් ගැනයි තව දැනගන්න ඔයා ආසද? ඉගෙනගත්ත දේවල් ජීවිතේට අදාළ කරගන්න පුළුවන් කොහොමද කියලා තේරුම්ගන්න ආසද? එහෙමනම් මේ දේවල් ඒක කරන්න ඔයාට උදව් වෙයි.

බයිබල් සාකච්ඡාව

 නොමිලේ පවත්වන අපේ බයිබල් සාකච්ඡා හුඟදෙනෙක්ට උදව් වෙලා තියෙනවා බයිබලේ අධ්‍යයනය කරලා ඒකේ තියෙන දේවල් ජීවිතේට අදාළ කරගන්න.

  •   ඒ ගැන වැඩි විස්තර දැනගන්න බයිබල් සාකච්ඡාව ගැන තියෙන වෙබ් පිටුවට යන්න.

  •   බයිබල් සාකච්ඡාවකදී වෙන්නේ මොනවාද, ඒක කරන්නේ කොහොමද කියලා දැනගන්න ‘බයිබල් පාඩමට ඔයාව ආදරෙන් පිළිගන්නවා!’ කියන වීඩියෝ එක බලන්න.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්

 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සතියට දෙපාරක් එයාලාගේ නමස්කාර මධ්‍යස්ථානවල රැස් වෙලා බයිබලේ ගැන ඉගෙනගන්නවා. ඒ වගේම ඒ ඉගෙනගන්න දේවල් ජීවිතේට අදාළ කරගන්න පුළුවන් විවිධ පැති ගැනත් එයාලා සාකච්ඡා කරනවා.

 ඒ රැස්වීම්වලට සහභාගි වෙන්න ඔයා සාක්ෂිකරුවෙක් වෙන්නම ඕනෙ නැහැ. ඕනම කෙනෙක්ට ඒවාට සහභාගි වෙන්න පුළුවන්. ඔයා ඉන්න ප්‍රදේශයේ තත්වයන්වලට අනුව එක්කෝ නමස්කාර මධ්‍යස්ථානයට ඇවිත් හරි වීඩියෝ කොන්ෆරන්ස් හරහා හරි රැස්වීමට සහභාගි වෙන්න පුළුවන්.

  •   රැස්වීම් ගැන වැඩි විස්තර දැනගන්න ‘අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?’ කියන වීඩියෝ එක බලන්න.

වෙබ් ලිපි සහ වීඩියෝ

 යේසුස්ගේ ඉගැන්වීම් ගැනත් ඔහුගේ ජීවිත පූජාවේ වටිනාකම ගැනත් තවත් හොඳින් තේරුම්ගන්න උදව් වෙන ලිපි සහ වීඩියෝ මේ වෙබ් අඩවියේ ඕන තරම් තියෙනවා.

 උදාහරණෙකට එක් කෙනෙක්ගේ මරණය නිසා මිලියන ගාණක් අයට ප්‍රයෝජන ලැබෙන්නේ කොහොමද කියලා දැනගන්න “යේසුස් නිසා අපිට ගැලවීම ලැබෙන්නේ කොහොමද?” සහ “යේසුස් දුක් වේදනා විඳලා මැරුණේ ඇයි?” කියන ලිපි හරි ‘යේසුස් මිය ගියේ ඇයි?’ කියන වීඩියෝ එක හරි බලන්න.