Skip to content

පටුනට යන්න

අප සියලුදෙනාගේම පියා කවුද?

අප සියලුදෙනාගේම පියා කවුද?

අප සියලුදෙනාගේම පියා කවුද?

ඔබේ පියාව ඔබ කොතරම් හොඳින් හඳුනනවාද? ඔබ හැදීවැඩුණේ ප්‍රේමණීය පවුල් පසුබිමක නම් ‘මම හොඳින්ම තාත්තව හඳුනනවා’ කියා ඔබ පිළිතුරු දෙයි. බොහෝ අය තම පියා කැමති අකමැති දේවල් මෙන්ම ඇතැම් තත්වයන් යටතේ ඔහු කටයුතු කරන ආකාරයත් පවුල රැකබලා ගන්නා ආකාරයත් හොඳින් දන්නවා.

නමුත් සමහර අවස්ථාවලදී ඔබේ පියා ඔබ නොසිතූ ආකාරයට කටයුතු කරයි. උදාහරණයකට ඔහු ඉතා සන්සුන් ලෙස ක්‍රියා කරන කෙනෙක් වුණත් පවුලේ අය යම් කරදරයකට මුහුණ දෙන විට ඔහු ඉතා කාර්යක්ෂම ලෙස ක්‍රියා කරනවා ඔබ දැක ඇති.

කෙසේවෙතත් අප සියලුදෙනාගේම පියාව ඔබ හඳුනනවාද? ශුද්ධ බයිබලයේ සඳහන් වන ආකාරයට “අපට ජීවනය තිබෙන්නෙත් අප ක්‍රියා කරන්නෙත් අප පවතින්නෙත් ඔහු” නිසයි. (ක්‍රියා 17:28) අප සියලුදෙනාවම නිර්මාණය කර අපට ජීවනය ලබා දී තිබෙන නිසා බයිබලයේ දෙවිව අපේ පියා ලෙස හඳුන්වා තිබෙනවා. (යෙසායා 64:8) ඔහු ගැන තවත් බොහෝ දේවල් ඉගෙනගැනීමට තිබෙනවා. ඒවා දැනගැනීමෙන් අපට බොහෝ ප්‍රයෝජන ලබාගත හැකියි.

දරුවෙකුට පියා සමඟ කිට්ටු බැඳීමක් ඇති වන්නේ ඔහු කොතරම් හොඳින් තම පියාව හඳුනනවාද යන කාරණය මතයි. ඒ හා සමානව දෙවි සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගත හැකි වන්නේ ඔහුව කොතරම් හොඳින් හඳුනනවාද යන කාරණය මතයි. ඔබ දෙවිව හොඳින් හඳුනාගත්තොත් අවශ්‍ය අවස්ථාවලදී ඔබට උපකාර කිරීමට දෙවිට හැකියි.

දෙවි මොන වගේ කෙනෙක්ද? ඔහුගේ ගුණාංග ගැන ඉගෙනගැනීම ඔහු සමඟ ඇති ඔබේ සබඳතාවයට බලපාන්නේ කෙසේද? දෙවි ගැන දැනගැනීමෙන් ඔබට යම් වගකීමක් පැවරෙනවාද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු මීළඟ ලිපියෙන් සලකා බලමු.

[3වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

කෙනෙක් සමඟ කිට්ටු බැඳීමක් ඇති වෙන්නේ ඔබ ඔහුව කොතරම් හොඳින් හඳුනනවාද යන කාරණය මතයි