යෙසායා 64:1-12

64  ඔබ අහස දෙබෑ කරමින් පොළොවට පැමිණියා නම්+ කඳු ඔබ නිසා දෙදරුම් කයි.+  වනළැහැබ වනසා දමන, වතුර උතුරුවන ගින්නක් මෙන් පැමිණ ඔබේ සතුරන්ට ඔබේ නාමය දැනගන්න සලස්වන්න.+ එවිට ජාතීහු ඔබ නිසා කැලඹෙන්නෝය.+  පෙර කාලවලදී, ඔබ පැමිණ අප බලාපොරොත්තු නොවූ බිය උපදවන දේවල්+ කළෙහිය. කඳු ඔබ නිසා දෙදරුම් කෑවේය.+  පුරාණයේ සිට මේ දක්වාම කිසිවෙකු ඔබ හා සමාන දෙවි කෙනෙකු ගැන ඇසුවේවත්+ එවැනි දෙවි කෙනෙකුව දුටුවේවත් නැත. ඔබ හැර වෙන කිසි දෙවි කෙනෙකු+ තමන් කෙරෙහි බලාපොරොත්තු තබන අයගේ පිහිටට පැමිණෙන්නේ+ නැත.  ඔබව සිහි කරමින් ඔබ කියන ආකාරයට+ ජීවත් වන, ධර්මිෂ්ඨකම් කිරීමෙන්+ සතුටක් ලබන අයගේ උපකාරයට ඔබ පැමිණෙන්නෙහිය. ඔබ අප සමඟ උදහස් වුණේ+ අප කළ පව් නිසාය.+ අපි බොහෝ කාලයක් පුරා වැරදි ක්‍රියාවල ඇලීගැලී සිටියෙමු. එසේනම්, ඔබ අපව ගලවාගනියි කියා අපට බලාපොරොත්තු විය හැකිද?+  අප හැමෝම අපවිත්‍රය. අපගේ ධර්මිෂ්ඨ ක්‍රියා ඔසප් කාලයේදී අපවිත්‍ර වන වස්ත්‍රයක් මෙනි.+ අපි ගසක කොළයක් මෙන් මැලවී යන්නෙමු.+ අපේ පව් නිසා අපි සියල්ලෝම සුළඟට ගසාගෙන යන්නෙමු.+  ඔබේ නාමයට කිසිවෙකුවත් අයැදින්නේ නැත.+ ඔබ සමඟ බැඳීමක් ඇති කරගැනීමට ඔවුන්ට කිසි වුවමනාවක් නැත. ඔබ අපෙන් ඔබේ මුහුණ සඟවා+ අපගේ වැරදි ක්‍රියාවල ප්‍රතිඵල විඳ පීඩාවට පත් වෙන්න අපට ඉඩහැරියෙහිය.+  එහෙත් යෙහෝවා දෙවියනි, අපේ පියාණන් ඔබය.+ අප නිකම්ම නිකම් මැටි පිඩක් වැනිය.+ ඔබ අපේ කුඹල්කරුය.+ අප සියල්ලන්ම ඔබේ අතින් නිමැවුණු භාණ්ඩ මෙනි.+  යෙහෝවා දෙවියනි, අප සමඟ උදහස් නොවන්න.+ අපගේ වැරදි ක්‍රියා සැමදා සිතේ තබා නොගන්න.+ අපි ඔබේ සෙනඟ බව සිහි කරන මෙන් ඔබෙන් ඉල්ලා සිටිමු.+ 10  ඔබේ ශුද්ධ නුවරවල්+ පාළුවට ගොස් ඇත. සියොන්+ නුවර වියළි කාන්තාරයක් මෙනි. යෙරුසලම පාළු නටබුන් ගොඩකි.+ 11  අපගේ පියවරුන් ඔබට ප්‍රශංසා කළ ස්ථානය+ වන අපේ අලංකාර වූ ශුද්ධ ගෘහය+ ගිනිබත් වී ඇත.+ අපගේ එක් වටිනා දෙයක්වත්+ ඉතුරු වී නැත. 12  යෙහෝවා දෙවියනි, ඔබ මේ දේවල් දැක දැකත් නිහඬව බලා සිටින්නෙහිද?+ අප මෙතරම් දුක් විඳිද්දී ඔබ කිසිවක් නොකර බලා සිටින්නෙහිද?+

පාදසටහන්