මුරටැඹ - පාඩම් කලාපය 2014 සැප්තැම්බර් 

2014 ඔක්තෝබර් 27 සිට නොවැම්බර් 30 දක්වා සතිවල සාකච්ඡා කරන පාඩම් ලිපි මෙම කලාපයේ තියෙනවා.

වගකීම් ලබාගන්න වෑයම් කරන්න

වගකීම් ලබාගන්න හරි ආකල්පයකින් වැඩ කරන්නේ කොහොමද?

ඔයා ඉන්නේ දෙවි අනුමත කරන ආගමේ කියලා ඔයාට විශ්වාස ඇයි?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යේසුස්ව අනුගමනය කරන සැබෑ ක්‍රිස්තියානීන් කියලා හුඟදෙනෙක් පිළිගන්නේ ඇයි කියන දේත් සාක්ෂිකරුවන්ම ඒ ගැන කියන දේත් මේ ලිපියේ බලනවා.

“බොහෝ පීඩා” ආවත් දෙවිට විශ්වාසවන්තව ඉන්න

අපි ජීවත් වෙන්නේ දුෂ්ට සමාජයේ නිසා හැමෝම ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙනවා. සාතන් අපිව දෙවිගෙන් ඈත් කරන්න යොදාගන්නේ මොන වගේ ක්‍රමද? ඒවාට හොඳින් මුහණ දෙන්න දැන් ඉඳන් සූදානම් වෙන්නේ කොහොමද?

දෙමාපියෙනි, දරුවන්ව රැකබලා ගන්න

දරුවන්ට ‘යෙහෝවා දෙවිගෙන් ලැබෙන හික්මවීම් ලබා දෙන එකත් දෙවි සිතන ආකාරයට හිතන්න උගන්වන එකත්’ දෙමාපියන්ට තියෙන වගකීමක්. (එෆීස 6:4) දරුවන්ව හොඳින් රැකබලා ගන්නත් යෙහෝවා දෙවිට ආදරේ කරන්න එයාලට උගන්වන්නත් පුළුවන් පැති 3ක් ගැන මේ ලිපියේ කතා කරනවා.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ගීතාවලිය 37:25 දාවිත් සඳහන් කරන දෙයිනුත් මතෙව් 6:33 යේසුස් සඳහන් කරන දෙයිනුත් අදහස් වෙන්නේ යෙහෝවා දෙවි කවදාවත් ඔහුගේ සෙනඟට බඩගින්නේ ඉන්න ඉඩහරින්නේ නැහැ කියලද?

අන්තිම සතුරා වන මරණය නැති කරයි

මරණයත් ඒකට මඟ පාදන අනිත් හැමදෙයක්මත් නිසා මිනිසුන් දුක් විඳිනවා. මිනිසුන් මිය යන්නේ ඇයි? ‘අන්තිම සතුරා වන මරණය නැති කරන්නේ’ කොහොමද? (1 කොරින්ති 15:26) ඒකට උත්තර දැනගද්දී යෙහෝවා දෙවිගේ යුක්තිය, ප්‍රඥාව සහ ප්‍රේමය ගැන තවත් පැහැදිලි වෙන විදිහ දැනගන්න.

පූර්ණකාලීන සේවකයන්ව අගයමු

යෙහෝවා දෙවිට නමස්කාර කරන හුඟක් අය ඔහුට පූර්ණකාලීනව සේවය කරනවා. ඒ අයට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?—1 තෙසලෝනික 1:3.