Skip to content

පටුනට යන්න

නිර්මාණයක්ද?

සුපිරි ගණයේ නිවාස තනන බඹරා

සුපිරි ගණයේ නිවාස තනන බඹරා

● මෙම බඹරාව (Paper wasp) හඳුන්වන්නේ සුපිරි ගණයේ ඉන්ජිනේරු තාක්ෂණ හැකියාවකින් හෙබි කෘමියෙකු ලෙසයි.

මේ ගැන සිතන්න. මෙම බඹරා තම නිවහන තනන්නේ ඌ විසින් සාදන විශේෂිත වූ කඩදාසියකිනුයි. * ඌ ගස්වල හා වියළි ලී පතුරුවල ඇති කෙඳි එකතු කර පසුව ඒවා අධික ප්‍රෝටීන් ප්‍රමාණයක් ඇති උගේ ඇලෙනසුලු ඛේටය සමඟ මුසු කර පල්පයක් තනාගනියි. එය වියළුණු පසු සැහැල්ලු, ශක්තිමත් කඩදාසියක් බවට පත් වෙයි. උන්ගේ ඛේටයේ ඇති විශේෂ ද්‍රව්‍යයක් නිසා සීත කාලයේදී පිලවුන්ට අවශ්‍ය උෂ්ණත්වය රඳවා තබාගැනීමටත් උෂ්ණ කාලයේදී නිවහන සිසිල්ව තබාගැනීමටත් එය උපකාරවත් වෙනවා.

මෙම බඹරා සාදන නිවහනට වතුරට ඔරොත්තු දීමේ හැකියාවක් තිබෙනවා. ඒත් තෙත් කලාපවල වෙසෙන බඹරුන් නිවෙස් තනන විට උන්ගේ ඛේටය වැඩියෙන් පල්පයට මුසු කරනවා. එසේ කරන්නේ වතුරට වැඩියෙන් ඔරොත්තු දීමේ හැකියාවක් ඇතුව තම නිවහන තැනීමටයි. එහි කුටීර පැති හයකින් සමන්විත නිසා එය ඉතා ශක්තිමත්. එහි ඇතුළත ප්‍රමාණවත් ඉඩකඩක් තිබෙන්නේත් ඒ නිසයි. උන් ආරක්ෂිත ස්ථානයක් තෝරාගෙන අත්තක පහතට එල්ලෙන ආකාරයට තම නිවහන තනාගන්නවා. සාමාන්‍යයෙන් කඩදාසි සාදන කර්මාන්ත ශාලා නිසා වාතය, ජලය සහ වටපිටාව දූෂණය වුණත් මෙම බඹරා කිසිදු පරිසර හානියක් සිදු නොකර තම කාර්යය ඉටු කරගන්නා ආකාරය අද්විතීයයි.

ගෘහ නිර්මාණ ශිල්පීන් සහ පර්යේෂකයන් මෙම බඹරාගේ සුවිශේෂි හැකියාව අධ්‍යයනය කරනවා. ඔවුන් එසේ කරන්නේ සැහැල්ලු, ශක්තිමත්, නම්‍යශීලී මෙන්ම පරිසරයට හානියක් නොවන ආකාරයට උසස් තත්වයේ ගොඩනැඟිලි ද්‍රව්‍ය නිපදවීමට හැකිද කියා සොයා බැලීමටයි.

ඔබේ නිගමනය කුමක්ද? වැලි කැට දෙකක් තරම් කුඩා ප්‍රමාණයකින් යුත් මොළයක් තිබෙන මෙම බඹරාට එවැනි හැකියාවක් ලැබුණේ අහම්බෙන්ද? නැත්නම් එය බුද්ධිමත් තැනැත්තෙකුගේ නිර්මාණයක්ද?

[පාදසටහන]

^ 4 ඡේ. මෙම වර්ගයට අයත් බඹර විශේෂ කිහිපයක් තම නිවෙස් තනන්නේ එලෙසයි. බිත්තර, පිලව් දක්වා වැඩෙන්නේ එහි ඇති කුඩා කුටීර තුළයි.