Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

“රුසියාවේ ජනගහනයෙන් අඩකටත් වඩා සිතන්නේ අල්ලස් දීමෙන් ‘ඕනෑම ප්‍රශ්නයක් විසඳාගත’ හැකි බවයි.”—REUTERS NEWS SERVICE, RUSSIA.

“චීනයේ සිටින වැඩිහිටියන්ගෙන් සියයට 17.5ක් මානසික රෝගවලින් පෙළෙන බව අධ්‍යයනවලින් සොයාගෙන තිබෙනවා. ඒ තත්වය වැඩියෙන්ම බලපා තිබෙන්නේ පිරිමින්ට වඩා කාන්තාවන්ට බවත් වාර්තා වෙනවා.”—CHINA DAILY, CHINA.

“සෑම වසරකම ඇමරිකාවේ සිදු වන රිය අනතුරුවලින් සියයට 28කටම, එනම් මිලියන 1.6කටම හේතු වී තිබෙන්නේ රියදුරන් ජංගම දුරකථන භාවිත කිරීම බව සොයාගෙන තිබෙනවා.”—UC BERKELEY WELLNESS LETTER, U.S.A.

ලැජ්ජා සහගත ඉතිහාසයක්

අයර්ලන්තයේ එක් පුවත්පතක මුල් පිටුවේ සඳහන් වුණේ මෙයයි. “ලැජ්ජා නැති පල්ලියක් සහ රජයක්!” ඉතිහාසය පුරාම කතෝලික පල්ලි යටතේ පවතින පාසැල් හා ළමා නිවාස වැනි ස්ථානවල බහුලව සිදු වන ළමා අතවර ගැන එහි සඳහන් වුණා. සමහර දරුවන්ට “ඔළුවේ උකුණෝ සිටීම වැනි සුළු කාරණාවලදී පවා දැඩි දඬුවම් දී තිබෙන” අතර තවත් දරුවන්ව දිගින් දිගටම ලිංගික අපචාර සඳහා යොදාගෙන තිබෙන බවත් සඳහන් වුණා. මීට පෙර මේ කිසිවක් මිනිසුන් හෙළිදරව් නොකළේ ඔවුන්ට පල්ලිය කෙරෙහි තිබූ දැඩි විශ්වාසය නිසයි. එම ලිපිය සකස් කර තිබුණේ ළමා අතවර පිළිබඳව සොයා බැලීමට පත් කළ කොමිසමක් ඉදිරිපත් කළ වාර්තාවකට අනුවයි.—එම පුවත්පත The Irish Times.

හඳෙත් වතුර!

විද්‍යාඥයන් විසින් කුඩා රොකට් යානයක් සඳ මතට කඩා වැටෙන්න සැලැස්සුවා. ඉන් ඇති වූ දූවිලි වලාකුළ ඔවුන් නවීන තාක්ෂණය යොදාගෙන අධ්‍යයනය කළ අතර එහි ජල වාෂ්ප තිබෙන බව සොයාගත්තා. මෑතකදී සඳට යැවූ තවත් තාක්ෂණික උපකරණයක් මගින් සොයාගත්තේ සඳේ උත්තර ධෘවයේ ජලය ටොන් මිලියන ගණනක් තිබෙන බවයි. ඒ ගැන NASA ආයතනයේ විද්‍යාඥයෙක් වන මයිකල් වාර්ගෝ මෙසේ පැවසුවා. “අපේ අසල්වැසි ග්‍රහයා ගැන දැනගන්නවා කියන්නේ සෞරග්‍රහ මණ්ඩලය ගැන තිබෙන අපේ අවබෝධය තව තවත් වැඩි වෙනවා කියන එකයි.”

රන් විකුණන වෙළඳ යන්ත්‍ර

බොහෝ රටවල කෑම බීම සහ වෙනත් ද්‍රව්‍ය ලබාගැනීමට වෙළඳ යන්ත්‍ර (vending machines) නිපදවා තිබෙනවා. එම යන්ත්‍රයට මුදල් දැමීමෙන් එවෙලේම බඩු ලබාගත හැකියි. දැන් මෙම යන්ත්‍රවලින් රත්තරන් පවා මිල දී ගත හැකියි. අබුඩාබියේ එක් හෝටලයක එවැනි යන්ත්‍රයක් සවි කර තිබෙනවා. එම යන්ත්‍රයෙන් භාණ්ඩ වර්ග 320ක් ලබාගත හැකි අතර ඉන් එක් භාණ්ඩයක් වන්නේ ග්‍රෑම් දහයේ බරින් යුත් රත්තරන් කාසියි. ලෝක වෙළඳපොළේ මිල දර්ශකයට අනුව සෑම විනාඩි දහයකට වරක්ම එහි රත්තරන්වල මිල ඉහළ පහළ යනවා. රත්තරන් විකුණන වෙළඳ යන්ත්‍රයක් අබුඩාබිවල සවි කර තිබෙන්නේ “එහි රත්තරන්වලට වැඩි ඉල්ලුමක් තිබෙන නිසා” බව රොයිටර් පුවත් සේවය පවසනවා.