Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන ඔබ දන්නවාද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන ඔබ දන්නවාද?

“මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන හුඟක් දේවල් අන්තර්ජාලයෙන් කියවලා තියෙනවා. ඒ වගේම සමහර අය ඔවුන් ගැන කියන කටකතාත් මම අහලා තියෙනවා. ඒ නිසා මටත් ඔවුන් ගැන ඇති වුණේ වැරදි ආකල්පයක්” කියා ඩෙන්මාර්කයේ වාර්තාකාරියක් පැවසුවා.

ඇය දිනක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පවුලක් සමඟ සම්මුඛ සාකච්ඡාවක් කිරීමට ඔවුන්ගේ නිවසට ගියා. ඒ ගැන ඇය මෙසේ පවසනවා. “මම නිවසට ඇතුල් වෙනවාත් එක්කම ඔවුන් ගැන මට තිබුණ ආකල්පය වෙනස් වුණා. මම හිතන්නේ හුඟක් අය ඒ අය ගැන හරියට දන්නේ නැහැ. තවත් අය ඔවුන් ගැන වැරදි දේවල් කියන්නේ හොයන්නේ බලන්නේ නැතුවයි. මමත් එහෙම කළා. මම වැරදි බව මට තේරුණේ පසුවයි.”—Jydske Vestkysten නම් පුවත්පත වෙනුවෙන් සිසීලි ෆේලිං.

එක් ආයතනයක ප්‍රධානියෙක්, යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ නිතර කටයුතු කරන නිසා ඔවුන්ට රැකියා දෙන්න ඔහු හරි කැමතියි. ඊට හේතුව ඔහු මෙසේ විස්තර කරනවා. “සාක්ෂිකරුවන් හරිම අවංකයි. විශ්වාසයෙන් වැඩක් භාර දෙන්න පුළුවන්. ඒ වගේම හරිම කඩිසරයි.”

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ප්‍රසිද්ධ වී තිබෙන්නේ ගෙයින් ගෙට ගොස් බයිබලය ගැන උගන්වන පිරිසක් ලෙසයි. ඔවුන්ට මුණගැසෙන සමහර අය බයිබලය ගැන ඉගෙනගන්න අකමැති වුණත් එසේ කිරීමට කැමති අයද සිටිනවා. එවැනි අය සමඟ සාක්ෂිකරුවන් ලොව පුරා මිලියන හතක් පමණ බයිබලය ගැන සාකච්ඡා කරනවා. එසේ බයිබලය ගැන ඉගෙනගන්නා සමහර අයද පසුව තවත් අයට ඒ ගැන උගන්වනවා. උදාහරණයකට ඇමරිකාවේ ආගමික සංවිධානයක වාර්තාවකට අනුව එහි තිබෙන ප්‍රධාන ආගම් 25ක් අතරින් සාමාජිකයන් වැඩි වීමක් දකින්න ලැබෙන්නේ හතරක පමණයි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඉන් එකක්.

මිලියන ගණනක් දෙනා ඔවුන් සමඟ බයිබලය ගැන සාකච්ඡා කරන්නේ ඇයි? එවැනි සාකච්ඡාවක් සිදු වන්නේ කෙසේද? එවැනි සාකච්ඡාවක් කරන කෙනෙක් අනිවාර්යයෙන්ම ඔවුන්ගේ ආගමට බැඳෙන්න අවශ්‍යද? ඔබ ඔවුන්ගේ සාමාජිකයෙක් වීමට අකමැති වුණත් එම ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු දැනගැනීම ඔබට ප්‍රයෝජනවත් වෙයි. එමනිසා ඔවුන් ගැන ඔබට අසන්න ලැබෙන කටකතා විශ්වාස නොකර එහි ඇත්ත නැත්ත ගැන සොයා බලන්න. බයිබලයේද ඒ ගැන පවසන්නේ මෙසේයි. “අද්දැකීම් අඩු තැනැත්තා අනුන් පවසන සෑම දෙයක්ම විශ්වාස කරයි. නමුත් සිහිබුද්ධිය ඇති අය තමන් ගත යුතු පියවර ගැන හොඳින් කල්පනා කරයි.”—හිතෝපදේශ 14:15.

සාක්ෂිකරුවන් ගැන නිවැරදි අවබෝධයක් ලබන්න මෙම සඟරාව ඔබට උපකාරයක් වෙයි. ඔබ මෙම සඟරාව කියවීමට තීරණය කිරීමෙන්ම පැහැදිලි වන්නේ ඔබ විවෘත මනසකින් දේවල් දෙස බලන සාධාරණ පුද්ගලයෙක් බවයි. මෙය කියවන විට ඔබ ළඟ බයිබලයක් තිබෙනවා නම් එහි ඇති බයිබල් පද පෙරළා බලන්න. * එසේ කිරීම ‘පුළුල්ව සිතන’ පුද්ගලයෙකුගේ ලක්ෂණයක්.—ක්‍රියා 17:11.

^ 7 ඡේ. ඔබ ළඟ බයිබලයක් නැත්නම් www.watchtower.org යන අපගේ වෙබ් අඩවියෙන් බයිබලය කියවිය හැකියි. (සිංහලෙන් නැත.) ඊට අමතරව භාෂා 380කටත් වඩා වැඩියෙන් පළ කර තිබෙන බයිබලය මත පදනම් පොත් පත් කියවීමටද ඔබට හැකියි.