Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභාවන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභාවන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?

 සෑම සභාවකම වැඩකටයුතු බලාගන්නේ වැඩිමහල්ලන්. සභා 20ක් විතර එකතු කරලා චාරිකාවක් කියලා කොටසක් සංවිධානය කරලා තියෙනවා. චාරිකා සේවකයන් ලෙස සේවය කරන වැඩිමහල්ලන් සෑම සභාවකටම අවශ්‍ය දිරිගැන්වීම් විටින් විට ලබා දෙනවා.

 නිව් යෝර්ක් නගරයේ වෝර්වික්වල අපේ ලෝක මූලස්ථානයේ සේවය කරන අද්දැකීම් ලත් සහෝදරයන් කිහිපදෙනෙකුගෙන් පාලක මණ්ඩලය හැදිලා තියෙනවා. ඒ අය බයිබලය මත පදනම් උපදෙස් හා මඟ පෙන්වීම් ලබා දෙනවා.—ක්‍රියා 15:23-29; 1 තිමෝති 3:1-7.