Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර ඉන්න කාන්තාවනුත් දේශනා කරනවද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර ඉන්න කාන්තාවනුත් දේශනා කරනවද?

 ඔව්. ගෑනු පිරිමි භේදයක් නැතුව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැමෝම ශුභාරංචිය දේශනා කරනවා. ඒ අතරින් මිලියන ගාණක්ම කාන්තාවන්. “ශුභාරංචිය ප්‍රකාශ කරන ස්ත්‍රීහු විශාල හමුදාවක් මෙන් පිටත්ව එති” කියලා බයිබලේම සඳහන් වෙනවා.—ගීතාවලිය 68:11.

 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර සිටින කාන්තාවන් බයිබලේ සඳහන් වෙන විශ්වාසවන්ත ස්ත්‍රීන්ව ආදර්ශයට ගන්නවා. (හිතෝපදේශ 31:10-31) ඒ අය වෙහෙස මහන්සිය නොබලා දේවසේවයේ හවුල් වෙනවා වගේම ඒගොල්ලන්ගේ දරුවන්ට බයිබලේ තියෙන වටිනා මඟ පෙන්වීම් කියලා දෙනවා. (හිතෝපදේශ 1:8) ඒත් ඒ අය කවදාවත් සාක්ෂිකරුවන්ගේ සභාවල නායකයන් විදිහට වැඩ කරන්නේ නැහැ. ඒ අය කතාවෙන් හා හැසිරීමෙන් අනිත් අයට ආදර්ශයක් වෙන්න නිතරම උත්සාහ කරනවා.—තීතස් 2:3-5.