හිතෝපදේශ 31:1-31

31  මෙය ලෙමුවෙල් රජු විසින් ලියන ලද බැරෑරුම් උපදේශයකි.+ ඔහුගේ මව ඔහුට අවවාද කරමින් පැවසූ එම උපදෙස් මේවාය.+  මාගේ පුත්‍රය, දෙවිට භාර වෙමින් මා කන්නලව් කළේ ඔබ ගැනයි.+ මගේම කුසෙන් බිහි වූ පුත්‍රය,+ මා පවසන දේට සවන් දෙන්න.  ඔබේ පුරුෂ ශක්තිය ස්ත්‍රීන්ට නොදෙන්න.+ නොහොබිනා ජීවන රටාවක් අනුගමනය නොකරන්න. මන්ද එලෙස හැසිරෙන රජවරුන්ට අත් වන්නේ විනාශය පමණි.+  මාගේ පුත්‍ර ලෙමුවෙල්, වයින් බීම රජෙකුට නුසුදුසුය. නිතරම මත්පැන් සොයා යෑම නිලධාරියෙකුට සුදුසු නැත.+  මන්ද වයින් බී මත් වූ පසු නීතිය අමතක කර අසරණයන්ට යුක්තිය ඉටු කර දීමට අසමත් විය හැකියි.+  මරණාසන්නව සිටින කෙනෙකුට+ හෝ කලකිරුණු කෙනෙකුට හෝ මත්පැන් දෙන්න.+  යමෙක් මත්පැන් බීමෙන් පසු තම දුප්පත්කම අමතක කර දමයි. ඔහුට තම දුක් කරදර තවත් සිහි නොවෙයි.  තමන් වෙනුවෙන් කතා කළ නොහැකි+ අන්ත අසරණ තත්වයක සිටින ජනයා වෙනුවෙන් ඔබේ මුඛය හැර කතා කරන්න.+  ඔබේ මුඛය හැර ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන්න. පීඩිත අය වෙනුවෙන්ද දුප්පත් අය වෙනුවෙන්ද කතා කර ඔවුන්ට යුක්තිය ඉටු කර දෙන්න.+ א [ආලෙෆ්] 10  ගුණවත් බිරිඳක් සොයාගත හැක්කේ කාටද?+ ඇය අනර්ඝ මැණික්වලටත්* වඩා අගනේය. ב [බේත්] 11  ඇගේ ස්වාමිපුරුෂයා මුළු හදවතින්ම ඇයව විශ්වාස කරයි. ඔහුට කිසිම දෙයකින් අඩුවක් නැත.+ ג [ගීමෙල්] 12  ඇගේ මුළු ජීවිත කාලය පුරාම ඇය ඔහුට යහපතක් මිස අයහපතක් නම් සිදු නොකරන්නීය.+ ד [දාලෙත්] 13  ලොම්ද ලිනන් රෙදිද සොයා යන ඇය කැමැත්තෙන්ම ඇගේ දෑත්වලින් වැඩ කරන්නීය.+ ה [හේ] 14  ඇය වෙළඳ නැවක්+ මෙන් දුර ඈත ගමන් කර ආහාර මිල දී ගන්නීය. ו [වාව්] 15  ඇය පාන්දරින්ම නැඟිට+ ඇගේ ගෙයි වැසියන්ට ආහාර පිළියෙල කරන්නීය. ඇගේ සේවිකාවන්ටද ඇය කොටසක් වෙන් කර තබන්නීය.+ ז [ෂායින්] 16  ඇය ඉඩමක් ගැන හොඳින් සොයා බලා එය මිල දී ගනී.+ වෙහෙස මහන්සි වී උපයාගත් දෙයින් මිදිවත්තක් වවන්නීය.+ ח [චේත්] 17  ඇය තම දෑත් සවිමත් කරගනිමින් වෙහෙස මහන්සි වී වැඩ කරන්නීය.+ ט [ටේත්] 18  ඇගේ වෙළඳ කටයුතු සාර්ථක බව ඇයට පෙනී යයි. රාත්‍රියේදී ඇගේ පහන කිසිවිටකත් නිවී යන්නේ නැත.+ י [යෝද්] 19  ඇය නූල් ඔතන යන්ත්‍රය එක අතකින්ද නූල් ගොතන යන්ත්‍රය අනික් අතින්ද අල්ලාගනී.+ כ [කෆ්] 20  ඇය දුප්පතුන්ටද අසරණයන්ටද අතහිත දෙන්නීය.+ ל [ලාමෙද්] 21  ඇගේ සියලු ගෙයි වැසියන්ට ඇය වස්ත්‍ර දෙක බැගින් සාදා තිබේ.+ හිම වැටෙන කාලයේදී ඇය භය නොවන්නේ ඒ නිසාය. מ [මෙම්] 22  ඇය ඇඳ ඇතිරිලි+ සාදාගනී. ඇගේ ඇඳුම් ලිනන් රෙදිවලින්ද රත්නිල් පැහැගැන්වූ ලොම්වලින්ද නිමවා ඇත.+ נ [නුන්] 23  නුවර දොරටුව අසල+ වැඩිමහල්ලන් සමඟ අසුන්ගන්නා ඇගේ ස්වාමිපුරුෂයා+ ජනයාගේ ගෞරවය දිනාගෙන සිටියි. ס [සාමෙක්] 24  ඇය ඇතුල් වස්ත්‍ර සාදා+ ඒවා විකුණන්නීය. බඳපටි සාදා වෙළෙඳුන්ට දෙන්නීය. ע [ආයින්] 25  ඇය ශක්තියෙන්ද අලංකාරයෙන්ද සැරසී සිටින්නීය.+ අනාගතය ගැන කිසිදු බියක් සැකක් නොමැතිව ඇය සිනාසෙන්නීය.+ פ [පේ] 26  ඇය ඥානවන්තව කතා කරන්නීය.+ ප්‍රේමය* නමැති නීතිය රකිමින් ඇය වචන හසුරුවන්නීය.+ צ [ට්සාධේ] 27  ඇගේ ගෙයි වැසියන්ගේ ඕනෑ එපාකම් ගැන ඇය සෝදිසියෙන් සිටින්නීය. ඇය අලසකමින් කටයුතු කර කෑම කන්නේ නැත.+ ק [කෝෆ්] 28  ඇගේ පුත්‍රයෝ නැඟිට ඇයට ප්‍රශංසා කරති.+ ඇගේ ස්වාමිපුරුෂයාද නැඟිට ඇයට ප්‍රශංසා කරයි.+ ר [රේෂ්] 29  දක්ෂ කාන්තාවන් බොහෝදෙනෙකු+ සිටින බව ඇත්තයි. එහෙත් ඔබ ඒ සියල්ලන්ටම වඩා බොහෝ සෙයින් වටින්නෙහිය.+ ש [ෂින්] 30  රූමත්බව නිෂ්ඵලය.+ ප්‍රියමනාප පෙනුම රැවටෙනසුලුය.+ එහෙත් ප්‍රශංසාව ලබාගන්නේ යෙහෝවා දෙවිට ගරුබිය දක්වන කාන්තාවයි.+ ת [ටාව්] 31  ඇගේ දෑතේ උත්සාහයට සුදුසු ප්‍රතිඵල ලබා දෙන්න.+ ඇය කළ වැඩ වෙනුවෙන් නුවර දොරටුව අසලදී ඇයට ප්‍රශංසා කරනු ලැබේවා!+

පාදසටහන්

මූ.අ., “කොරල්වලටත් වඩා.”
හෝ, “ළැදි ප්‍රේමය.”