Privacy Settings

To provide you with the best possible experience, we use cookies and similar technologies. Some cookies are necessary to make our website work and cannot be refused. You can accept or decline the use of additional cookies, which we use only to improve your experience. None of this data will ever be sold or used for marketing. To learn more, read the Global Policy on Use of Cookies and Similar Technologies. You can customize your settings at any time by going to Privacy Settings.

දුරකථනය හරහා බයිබල් පාඩමක් කරන්න රැස් වෙලා ඉන්න කණ්ඩායමක්. හැමෝටම ඇහෙන්න පුළුවන් වෙන්න ෆෝන් එක ළඟ මයික් එකක් තියලා තියෙනවා.

එක් කෙනෙක් නිසා හුඟදෙනෙක්ට සත්‍යය ලැබෙයි

එක් කෙනෙක් නිසා හුඟදෙනෙක්ට සත්‍යය ලැබෙයි

 මාතා කියන්නේ ග්වාතමාලාවේ ජීවත් වෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක්. කෙක්චි භාෂාව කතා කරන මිනිසුන්ට බයිබලයේ තියෙන පණිවිඩය කියන්න කැමති නිසා එයා ඒ භාෂාව ඉගෙනගන්නවා. දවසක් එයා දැක්කා පිරිමි කෙනෙක් ඉස්පිරිතාලෙකින් එළියට එනවා. එයාව දැක්කාම මාතාට හිතුණා ඒ කෙනා සාක්ෂිකරුවන් කලාතුරකින් සේවේ යන කෙක්චි භාෂාව කතා කරන මිනිසුන් ඉන්න ගමකින් ආපු කෙනෙක් වෙන්න ඕනෙ කියලා. මාතා ඒ කෙනා ගාවට ගිහින් එයාට පුළුවන් විදිහට කෙක්චි භාෂාවෙන් පණිවිඩය කිව්වා.

 මාතා ඒ කෙනාගෙන් ඇහුවා බයිබලේ තියෙන දේවල් ගැන ඉගෙනගන්න කැමතිද කියලා. ඒකට ආස වුණත් ඒ වෙනුවෙන් ගෙවන්න සල්ලි නැහැ කියලා ඒ කෙනා මාතාට කිව්වා. එතකොට මාතා එයාට පැහැදිලි කළා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මිනිසුන් එක්ක බයිබල් පාඩම් කරන්න සල්ලි අය කරන්නේ නැහැ කියලා. ඒ වගේම මාතා කිව්වා ෆෝන් එක හරහා එයායි, එයාගේ පවුලේ අයයි එක්ක පාඩමක් කරන්න පුළුවන් කියලා. එයා ඒකට කැමති වුණා. ඒ පුද්ගලයාට ස්පාඤ්ඤ භාෂාව කතා කරන්න සහ කියවන්න පුළුවන් නිසා මාතා එයාට ස්පාඤ්ඤ භාෂාවෙන් ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනයේ’ පිටපතක් ලබා දුන්නා. ඒ වගේම කෙක්චි භාෂාවෙන් ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම් ගනිමු’ කියන පොතේ පිටපතකුත් ලබා දුන්නා. ඊළඟ සතියේ ඒ පුද්ගලයායි, එයාගේ බිරිඳයි, එයාගේ දරුවෝ දෙන්නායි මාතා එක්ක ෆෝන් එකෙන් බයිබලයේ තියෙන දේවල් ගැන ඉගෙනගන්න පටන්ගත්තා. සතියට දෙපාරක්ම එයාලා ඒ විදිහට පාඩම කළා. පාඩම කරපු විදිහ ගැන මාතා මෙහෙම කියනවා. “මට කෙක්චි භාෂාව එච්චර බැරි හින්දා අපි පාඩම කළේ ස්පාඤ්ඤ භාෂාවෙන්. දරුවන්ටත් මං කියන දේවල් තේරුණා. හැබැයි නෝනාට ස්පාඤ්ඤ භාෂාව තේරුණේ නැති නිසා මහත්තයා ඒ දේවල් එයාට පැහැදිලි කරලා දුන්නා.”

 ඒ පුද්ගලයා පල්ලියක පාස්ටර් කෙනෙක්. ඒ නිසා එයා ඉගෙනගත්ත දේවල් එයාගේ පල්ලියට එන අයට කියලා දුන්නා. ඉගෙනගත්ත දේවල් ගැන ආස හිතුණ නිසා එයාලා අහලා තියෙනවා කොහෙන්ද ඒ දේවල් ඉගෙනගත්තේ කියලා. මාතා එක්ක කරන බයිබල් පාඩම ගැන කිව්වාම එයාලත් ඒ පාඩමට ටික ටික එකතු වෙන්න පටන්ගත්තා. වැඩි කාලයක් යන්න කලින් ඒ පාඩමට 15දෙනෙක් විතර එකතු වුණා. ඒ නිසා හැමෝටම ඇහෙන්න පුළුවන් වෙන්න එයාලා ෆෝන් එක ළඟ මයික් එකකුත් තිබ්බා.

 මාතා එයාගේ සභාවේ ඉන්න වැඩිමහල්ලන්ට ඒ බයිබල් පාඩම ගැන කිව්වාට පස්සේ එක වැඩිමහල්ලෙක් ශිෂ්‍යයන්ව මුණගැහෙන්න ඒ ගමට ගියා. චාරිකා සේවක a ඉදිරිපත් කරන බයිබල් දේශනයකට එයා ඒ අයට ආරාධනා කළා. ඒ දේශනය දෙන ගම තිබුණේ හුඟක් දුරින්. එහෙට යන්න වාහනයකින් පැයක දුර ගිහිල්ලා ඊටපස්සේ පැය දෙකක් පයින් යන්න සිද්ධ වුණා. බයිබල් ශිෂ්‍යයන් 17දෙනෙක්ම ඒ දේශනය අහන්න ආවා.

 සති කිහිපයකට පස්සේ චාරිකා සේවක සහ තවත් සාක්ෂිකරුවන් කිහිපදෙනෙක් ඒ ශිෂ්‍යයන්ව බලන්න ගිහින් දවස් හතරක්ම එයාලත් එක්ක හිටියා. උදේ වරුවේ එයාලා jw.org වෙබ් අඩවියේ කෙක්චි භාෂාවෙන් තියෙන වීඩියෝ බැලුවා. ඒ වගේම එයාලා ‘දේවකැමැත්ත කරන්න සංවිධානය වුණු සෙනඟක්!’ කියන සඟරාවේ තියෙන තොරතුරු සාකච්ඡා කළා. දවල් වරුවේ එයාලා JW බ්‍රෝඩ්කාස්ටිං වැඩසටහනේ තිබුණු සමහර කොටස් බැලුවා. ඒ හැම ශිෂ්‍යයෙක්ටම වෙන වෙනම බයිබල් පාඩමක් කරන්න චාරිකා සේවක සැලසුම් යෙදුවා.

 එහෙ හිටපු දවස් හතරේදී සාක්ෂිකරුවන් ළඟපාත ගම්වලටත් සාක්ෂි දරලා ඒ අයට විශේෂ රැස්වීමකටත් ආරාධනා කළා. සහෝදරයන් ඒ රැස්වීමට ආපු 47දෙනාට බයිබලේ තියෙන දේවල් තවත් ඉගෙනගන්න කියලා දිරිගැන්නුවා. පවුල් 11ක්ම ඒකට කැමති වුණා.

 මාස කිහිපයක් ගියාට පස්සේ මාතා මුලින්ම බයිබල් පාඩමක් පටන්ගත්ත ගමේ හැම සති අන්තයකම රැස්වීම් පවත්වන්න වැඩිමහල්ලන් සැලසුම් කළා. මේ වෙද්දී හැම රැස්වීමකටම 40දෙනෙක් විතර සහභාගි වෙනවා. ඒ විතරක් නෙවෙයි යේසුස්ගේ මරණය සිහි කිරීමට 91දෙනෙක් සහභාගි වුණා.

 ඒ හැමෝටම සත්‍යය දැනගන්න ලැබුණු විදිහ ගැන මතක් කරමින් මාතා මෙහෙම කියනවා. “මං යෙහෝවා දෙවියන්ට අනේක වාරයක් ස්තුති කරනවා. සමහර වෙලාවට මට හිතෙනවා මට ඒ තරම් දෙයක් කරන්න බෑ කියලා. හැබැයි යෙහෝවා දෙවියන්ට පුළුවන් ඕනම කෙනෙක්ව ඕනම විදිහට පාවිච්චි කරන්න. ඒ ගමේ ඉන්න අයට සත්‍යය දැනගන්න ලොකු ආසාවක් තියෙනවා කියලා දෙවියන් දැක්කා. ඒ නිසා තමයි ඔහු සාක්ෂිකරුවන්ව එයාලට මුණගැස්සුවේ. එයාලා හැමෝටම යෙහෝවා දෙවියන් හුඟක් ආදරෙයි.”

a චාරිකා සේවක විදිහට හඳුන්වන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ දේවසේවකයෙක්වයි. එයා තමන්ට භාර දීලා තියෙන චාරිකාවට අයිති සභාවලට ගිහින් ඕන කරන මඟ පෙන්වීම් ලබා දෙනවා. සාමාන්‍යයෙන් චාරිකාවකට සභාවන් 20ක් විතර ඇතුළත් වෙනවා.