Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

නොපෙනෙන දෙවියන්ගේ ගුණාංග දකින්න ඔයා වෑයම් කරනවාද?

නොපෙනෙන දෙවියන්ගේ ගුණාංග දකින්න ඔයා වෑයම් කරනවාද?

පාට පාට මල්, තරු පිරුණු අහස නැත්නම් යෝධ දිය ඇලි වගේ දේවල් දකිද්දී ඒ හැම දේකම නිර්මාතෘ ගැන කල්පනා කරන්න ඔයා කාලය ගන්නවාද? දෙවියන්ගේ නිර්මාණ දිහා බලද්දී ඔහුගේ ගුණාංග ගැන අවබෝධයක් ලබාගන්න පුළුවන්. (රෝම 1:20) ඔහුගේ නිර්මාණ ගැන හොඳට හිතද්දී ඔහු මොන තරම් ආදරණීය, බලවත්, බුද්ධිමත්, යුක්තිගරුක, ත්‍යාගශීලී කෙනෙක්ද කියලා තේරුම්ගන්න පුළුවන්.—ගීතා 104:24.

හැම දවසකම ඔයා යෙහෝවා දෙවියන්ගේ නිර්මාණ ගැන කල්පනා කරනවාද? ඔයා නගරයක ජීවත් වෙන කෙනෙක් වුණත් ඔයාට ඒක කරන්න පුළුවන්. මොකද අඩුම තරමින් ඔයා කුරුල්ලන්ව හරි ගස් හරි දකිනවා ඇති. දෙවියන් නිර්මාණය කරලා තියෙන දේවල් ගැන හොඳින් කල්පනා කරනවා නම් කනස්සල්ල අඩු කරගන්න, වඩා වැදගත් දේට අවධානය දෙන්න සහ හැමදාටම අපිව බලාගන්න දෙවියන්ට පුළුවන් කියන විශ්වාසය වැඩි කරගන්න පුළුවන් වෙනවා. (මතෙ 6:25-32) යෙහෝවා දෙවියන්ගේ අනර්ඝ ගුණාංග ගැන හොඳින් කල්පනා කරන්න ඔයාගේ දරුවන්වත් පුහුණු කරන්න. දෙවියන්ගේ නිර්මාණයන් ගැන අපේ හිතේ තියෙන අගය වැඩි වෙන තරමටම ඔහුත් එක්ක තියෙන බැඳීම තව තවත් ශක්තිමත් වෙනවා.—ගීතා 8:3, 4.

‘දෙවිව ගෞරවයට පත් කරන විස්මිත නිර්මාණ - ආලෝකය සහ වර්ණ’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • වර්ණකවලින් වෙන කාර්යය මොකක්ද?

  • දිලිසෙන පාට හැදෙන්නේ කොහොමද?

  • අහසේ පාට වෙනස් වෙන්නේ ඇයි?

  • ඔයා ජීවත් වෙන ප්‍රදේශයේ තියෙන දෙවියන්ගේ නිර්මාණ දිහා බලද්දී ඔයාට දැකගන්න පුළුවන් ලස්සන පාට මොනවාද?

  • අවට ලෝකයේ තියෙන දේවල් හොඳින් නිරීක්ෂණය කරන්න අපි කාලය ගන්න ඕනෙ ඇයි?

ආලෝකය සහ වර්ණ ගැන කල්පනා කරද්දී යෙහෝවා දෙවියන් ගැන හෙළි වෙන්නේ මොනවාද?