ගීතාවලිය 104:1-35

104  මාගේ මුළු සිතින්ම යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්නෙමි.+මාගේ දෙවි යෙහෝවා, ඔබ ඉතා ශ්‍රේෂ්ඨය.+ගෞරවයෙන්ද තේජශ්‍රීයෙන්ද ඔබ සැරසී සිටින්නෙහිය.+   ඔබ ආලෝකය වස්ත්‍රයක් මෙන් පැළඳ සිටින්නෙහිය.+ඇතිරිල්ලක් මෙන් ඔබ අහස්තලය දිගහරින්නෙහිය.+   ඔබේ උඩුමහල් කාමර ඔබ අහස් වලාවන්ට ඉහළින් සෑදුවෙහිය.+වලාකුළු ඔබේ රථය ලෙස ඔබ යොදාගන්නෙහිය.+ඔබ සුළඟ මත පිය නඟන්නෙහිය.+   ඔබේ දූතයන්ව ඔබ බලවත්* කරන්නෙහිය.+ඔබේ සේවකයන් වූ ඔවුන්ව ඇවිළෙන ගින්නක් කරන්නෙහිය.+   ඔබ පොළොව ස්ථිර ලෙස පිහිටෙව්වෙහිය.+එය කිසිදා නොසෙල්වෙන අයුරින් සෑදුවෙහිය.+   සළුවකින් වසන්නාක් මෙන් මහා ජල කන්දරාවකින් ඔබ එය ආවරණය කළෙහිය.+කඳුවලටත් ඉහළින් ජලය තිබුණේය.+   ඔබේ තරවටුව නිසා ජලය පලා ගියේය.+ඔබේ ගිගුරුම් හඬ නිසා ජලය කැලඹුණේය. එය වේගයෙන් ගලා ගොස්   ඔබ නියම කළ ස්ථානයෙහි නතර වුණේය.එවිට කඳු මුදුන් මතු වුණේය.+නිම්නද දිස් වුණේය.   නැවතත් පොළොව ජලයෙන් වැසී නොයන පිණිස+ඔබ එයට සීමාවන් නියම කළෙහිය.+ 10  ජල ධාරාවන් නිම්න දෙසට ගලා යෑමට ඔබ සලස්වන්නෙහිය.+ඒවා කඳු අතරින් ගලා බසින්නේය. 11  ගලා බසින ජල ධාරාවන් වනයේ සියලු සත්වයන්ගේ පිපාසය සන්සිඳුවන්නේය.+සීබ්‍රාවෝද+ ඒවායින් පිපාසය සන්සිඳුවාගන්නෝය. 12  කුරුල්ලෝ ඒවා අද්දර ලැගුම්ගන්නෝය.+උන් වනළැහැබේ සිට ගී නාද නඟන්නෝය.+ 13  ඔබ ඔබේ උඩුමහලේ සිට කඳුකරයට වතුර වත් කරන්නෙහිය.+ඔබේ සැපයුම්වලින් පොළොව තෘප්තිමත් වන්නේය.+ 14  සතුන් සඳහා නිල් තණකොළද+මිනිසුන් සඳහා පලා වර්ගද ඔබ හටගන්වන්නෙහිය.+ඔබ පොළොවෙන් ආහාර උපදවා දෙන්නෙහිය.+ 15  සිත් සතුටු කරන වයින්ද+මුහුණු පැහැපත් කරන තෛලයද+පෝෂණය ලබා දෙන ආහාරද ඔබ සපයා දෙන්නෙහිය.+ 16  යෙහෝවා දෙවි වන ඔබට අයිති ගස්වලට එනම්, ඔබම පැළ කළලෙබනොන්හි දේවදාර ගස්වලට ජලයෙන් කිසිදු අඩුවක් නැත.+ 17  කුරුල්ලෝ ඒ ගස්වල කූඩු තනති.+මාන කොක්කු ජුනිපර් ගස් අතරේ තම නිවහන් සාදාගනිති.+ 18  උස් හෙල්,+ වල් එළුවන්ගේ වාසස්ථානයය.+පර්වත, බෙන්හාවුන්ගේ රැකවරණයය.+ 19  කාලය මැන බැලීමට ඔබ සඳ සෑදුවෙහිය.+බැස යා යුතු තැන හිරු නිවැරදිව දන්නේය.+ 20  රාත්‍රි කාලයක් ඇති කිරීම සඳහා ඔබ අඳුර ඇති කළෙහිය.+වනසත්තු අඳුරේ සැරිසරන්නෝය. 21  තරුණ, කේශර සිංහයෝ ගොදුරක් ඩැහැගැනීමට ගර්ජනා කරති.+ගොදුරක් ලැබෙන තෙක් උන් දෙවි දෙස බලා සිටිති.+ 22  හිරු උදා වීමත් සමඟම+ උන් සැඟවෙති.උන්ගේ ගුහාවලට ගොස් වැතිරී සිටිති. 23  නමුත් මිනිස්සු තමාගේ වැඩකටයුතු සඳහා පිටත්ව යති.+සවස් වන තුරුම තම ජීවනෝපායේ නියැලෙති.+ 24  යෙහෝවා දෙවියනි, ඔබ කොතරම් දේවල් නිර්මාණය කර ඇද්ද!+ඔබ ඒ සියල්ල ප්‍රඥාවෙන් සෑදුවෙහිය.+පොළොව ඔබේ නිර්මාණවලින් පිරී තිබේ.+ 25  ඉමක් කොනක් නොපෙනෙන මහ සයුරේ+ වෙසෙනජීවීන්ගේ ගණන අතිවිශාලය.+ලොකු කුඩා ජීවීහු එහි සැරිසරති.+ 26  නැව්ද එහි යාත්‍රා කරයි.+එය ලෙවීයාතන්ට*+ ක්‍රීඩා පිටියකි.+ 27  නිසි වේලාවට ඔබ ඔවුන්ට කෑම සපයන බැවින්+ඔවුහු සියල්ලෝ ඔබ දෙස බලා සිටිති.+ 28  ඔබ සපයන දෙයින් ඔවුහු පෝෂණය වෙති.+ඔබේ හස්තය විහිදුවා ඔබ ලබා දෙන යහපත් දෙයින් ඔවුහු තෘප්තිමත් වෙති.+ 29  ඔබ ඔබේ මුහුණ ඔවුන්ගෙන් ඉවතට හරවාගත්තොත් ඔවුහු කැලඹෙනු ඇත.+ඔවුන්ගේ හුස්ම ඔබ ඔවුන්ගෙන් ඉවත් කළොත් ඔවුහු මිය යනු ඇත.+නැවතත් ඔවුහු දූවිල්ලට හැරී යනු ඇත.+ 30  ඔබේ බලය එවා ඔබ ඔවුන්ට ජීවනය දෙන්නෙහිය.+ඔබ පොළෝතලය අලුත් කරන්නෙහිය. 31  යෙහෝවා දෙවිගේ තේජස සදහටම පවතින්නේය.+තමන් කළ නිර්මාණයන් ගැන යෙහෝවා දෙවි සතුටු වන්නේය.+ 32  ඔහු පොළොව දෙස බැලූ විට එය දෙදරුම් කන්නේය.+ඔහු කඳුවලට අත තැබූ විට ඒවායින් දුම් නඟින්නේය.+ 33  දිවි ඇති තුරා මම යෙහෝවා දෙවිට ගී ගයන්නෙමි.+ජීවත්ව සිටින තාක් කල් මාගේ දෙවිට මම ප්‍රශංසා ගී ගයන්නෙමි.+ 34  මම ඔහු ගැන ගැඹුරින් කල්පනා කරන්නෙමි. එවිට මා පවසන වදන් ගැන ඔහු සතුටට පත් වන්නේය.+මම යෙහෝවා දෙවි කෙරෙහි ප්‍රීති වන්නෙමි.+ 35  පව්කාරයෝ පොළොවෙන් තුරන් වනු ඇත.+දුෂ්ටයෝ තවදුරටත් පොළොවෙහි නොසිටිනු ඇත.+මාගේ මුළු සිතින්ම යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්නෙමි. ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+

පාදසටහන්

හෝ, “සුළඟ මෙන්.”
කිඹුලන්ට හෝ දැවැන්ත මුහුදු සත්වයන්ට මෙය යොමු දක්වනවා විය හැකියි.