Skip to content

පටුනට යන්න

අත්හදා බලන්න යෝජනා

අත්හදා බලන්න යෝජනා

‘මුරටැඹ’

ප්‍රශ්නය: දේවදූතයන් කියලා පිරිසක් ඇත්තටම ඉන්නවාද?

බයිබල් පදය: ගීතා 103:20

ඉදිරිපත් කිරීම: දේවදූතයන් ගැන බයිබලයේ කියන්නේ මොනවාද කියලා මේ සඟරාවේ තියෙනවා.

බයිබලයෙන් උගන්වන්න

ප්‍රශ්නය: බයිබලයේ තියෙන දේවල් විද්‍යාවට පටහැනියි කියලා ඔයා හිතනවාද?

බයිබල් පදය: යෙසා 40:22

බයිබලයේ කියන්නේ: විද්‍යාවට සම්බන්ධ කාරණා ගැන බයිබලයේ සඳහන් දේවල් නිවැරදියි.

අපේ රැස්වීම්වලට කරන ආරාධනාවයි! (inv)

ඉදිරිපත් කිරීම: නොමිලේ පවත්වන බයිබල් දේශනයකට ආරාධනා කරන්නයි මං ආවේ. ඒක තියෙන්නේ අපේ නමස්කාර මධ්‍යස්ථානයේ. [ආරාධනා පත්‍රිකාව දීලා සති අන්තයේ රැස්වීම පවත්වන වෙලාවත් තැනත් පෙන්වන්න. බයිබල් දේශනයේ මාතෘකාවත් කියන්න.]

ප්‍රශ්නය: ඔයා කවදා හරි අපේ නමස්කාර මධ්‍යස්ථානයකට ගිහින් තියෙනවාද? [නිවැසියා කැමති නම් ‘අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?’ වීඩියෝ එක පෙන්වන්න.]

ඔයාගේ යෝජනාව ලියන්න

ඔයාගේ යෝජනා හදාගන්න ඉහළ තියෙන යෝජනා උදව්වට ගන්න.