මුරටැඹ - පාඩම් කලාපය 2013 මාර්තු 

අපි හැමෝම යෙදිලා ඉන්න ධාවන තරඟයක ගැනත් අපේ හදවතේ තියෙන දේ දැනගන්න විදිහ හා දෙවිව අඳුරගන්න විදිහ ගැනත් මේ කලාපයෙන් අපිට දැනගන්න පුළුවන්.

වැටුණත් පුළුවන් ඔබට ආයෙත් නැඟිටින්න

යෙහෝවා දෙවිගේ නීතියට ප්‍රිය කරන අය ‘පය පැටලී වැටෙන්නේ නැහැ’ කියලා කියන්නේ ඇයි? දිගටම ධාවනයේ යෙදෙන්න අපිට උදව් වෙන්නේ මොනවද?

යෙහෝවා දෙවිව තේරුම්ගැනීමට හැකි හදවතක්!

සිත පවිත්‍ර කරගන්න ආකාරය ගැනත් පවිත්‍ර සිතක් පවත්වාගන්න ආකාරය ගැනත් අනාගතවක්තෘ යෙරෙමියා විස්තර කරයි.

යෙහෝවා දෙවිව තවත් හඳුනගන්න

අපේ විශ්වාසය ශක්තිමත්ද කියලා නිතරම සෝදිසි කරන එක අවශ්‍ය ඇයි කියලා දැනගන්න.

සැනසී සනසන්න!

අසනීප නිසා අපි හැමෝම පීඩා විඳලා තියෙනවා. ඒ වගේ වෙලාවලදී අපිට කරන්න පුළුවන් මොනවද?

යෙහෝවා දෙවි අපගේ වාසස්ථානයයි

අපි දුෂ්ට ලෝකයක ජීවත් වුණත් යෙහෝවා දෙවි අපිව ආරක්ෂා කරයි කියලා අපිට ස්ථිර වෙන්න පුළුවන් කොහොමද?

යෙහෝවා යන ශ්‍රේෂ්ඨ නාමය ගෞරවයට පත් කරමු!

දෙවිගේ නම භාවිත කරන එක ගැන ඔබට හැඟෙන්නේ කොහොමද? දෙවිගේ නම ගැන දැනගන්නවා කියන්නේ මොකක්ද? ඒ නම දරමින් ජීවත් වෙන්නේ කොහොමද?

ඒක ඇත්තටම ලිව්වේ ජොසීෆස්ද?

ටෙස්ටිමෝනියම් ෆ්ලාව්යානුම් කියන කොටස ලිව්වේ යුදෙව් ජාතික ඉතිහාසඥයෙක් වුණ ජොසීෆස්ද?

උත්සාහය අත්හරින්න එපා!

කාලයක් ගියත් කෙනෙක් සත්‍යය පිළිගන්න ඉඩ තියෙන නිසා උත්සාහය අත්හරින්න එපා. ඒ වගේ කිහිපදෙනෙක් ගැන කියවලා බලන්න.