මළවුන් පිළිබඳ දෙවිගේ දෘෂ්ටිය
මළවුන් පිළිබඳ දෙවිගේ දෘෂ්ටිය
ප්‍රේමණීය කෙනෙකුගේ වියෝව ඇත්තෙන්ම සෝච නීයයි. එයින් දැනෙන හිස්භාවය, තනිකම හා අහිමි වුණා යන හැඟීම මෙතෙක්යයි කියන්න බැරි තරම්. කෙනෙකුට කොතරම් ධනයක්, බලයක් හා බලපුළුවන්කාරකම් කිරීමේ හැකියාව තිබුණද තමන්ගේ ප්‍රේමණීය කෙනෙකුගේ වියෝව නිසා ඔහු අසරණ විය හැකියි. අද මේ ලෝකයේ කිසි කෙනෙකුට මළාවූ කෙනෙකුව නැවත ප්‍රකෘතිමත් තත්වයකට ගෙනෙන්න බැහැ.
කෙසේවෙතත් අපේ මැවුම්කරු කාරණා දෙස බලන්නේ වෙනස් ආකාරයකටයි. පොළොවේ දූවිල්ලෙන් පළමු මිනිස් යුවළ සෑදූ දෙවිට, මළාවූ කෙනෙකුව නැවත ප්‍රකෘතිමත් තත්වයට ගෙන ඒමේ හැකියාව තිබෙනවා. මේ හේතුව නිසා දෙවිට හැඟෙන්නේ මළාවූ අය තවමත් ජීවත්ව සිටිනවා කියායි. ජීවතුන් අතර නොසිටින දෙවිගේ පුරාණ පක්ෂපාත සේවකයන් ගැන යේසුස් පැවසුවේ “ඔහුගේ [දෙවිගේ] දෘෂ්ටියෙන් ඒ සියල්ලෝම ජීවමානව සිටිති” කියායි.—ලූක් 20:38, NW.
යේසුස් පොළොවේ සිටින කාලයේදී ඔහුට මළාවූ අයව නැවත නැඟිටවීමට අවශ්‍ය බලය දෙනු ලැබුවා. (යොහන් 5:21) ඔහුටත් තිබෙන්නේ ඇදහිලිවන්තව මළාවූ අය ගැන තම පියාට තිබෙන දෘෂ්ටියමයි. උදාහරණයකට ඔහුගේ මිත්‍ර ලාසරුස් මිය ගිය විට යේසුස් ඔහුගේ ගෝලයන්ට පැවසුවේ “මම ඔහුව නින්දෙන් අවදි කරන්න එතැනට යමි” කියායි. (යොහන් 11:11, NW) මනුෂ්‍ය දෘෂ්ටිකෝණයෙන් නම් ලාසරුස් මිය ගිහින්. නමුත් යෙහෝවාගේ සහ යේසුස්ගේ දෘෂ්ටිකෝණයට අනුව ලාසරුස් පසු වූයේ නින්දකයි.
යේසුස්ගේ රාජ්‍ය පාලනය යටතේදී “ධර්මිෂ්ඨ සහ අධර්මිෂ්ඨ යන දෙපිරිසගේම නැවත නැඟිටීමක් තිබෙන්න යන බව” කියැවේ. (ක්‍රියා 24:15, NW) කාලයාගේ ඇවෑමෙන් නැවත නැඟිටින්නන්ට දිව්‍ය අධ්‍යාපනයක් දෙනු ලැබේ. ඉන්පසු ඔවුන්ට මේ පොළොවේ සදාකාලිකව ජීවත් වීමේ අපේක්ෂාව හිමි වෙයි.—යොහන් 5:28, 29.
ඇත්ත වශයෙන්ම ප්‍රේමණීය කෙනෙකුගේ වියෝව ශෝචනීය හා දුක්ඛිත යමක් විය හැකි අතර එම හැඟීම් කාලාන්තරයක් තිස්සේ තිබෙන්න පුළුවන්. නමුත් දෙවිගේ දෘෂ්ටිකෝණයෙන් කාරණා දෙස බැලීමෙන් අපට මහත් සහනයක් ලැබෙනවා පමණක් නොව අපට පූර්ණ බලාපොරොත්තුවක් ඇතුව සිටීමටත් හැකි වන බවට කිසිම සැකයක් නැහැ.—2 කොරින්ති 1:3, 4.