Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | බයිබලය අදටත් ගැළපෙනවාද?

හැමදාටම ප්‍රයෝජනවත් ගුණාංග - විශ්වාසවන්තකම

හැමදාටම ප්‍රයෝජනවත් ගුණාංග - විශ්වාසවන්තකම

බයිබල් ප්‍රතිපත්තිය: “විවාහය සියලුදෙනා ගෞරවයෙන් සැලකිය යුතු දෙයකි. එලෙසම විවාහයට කිසිදු කැළැලක් සිදු වීමට ඉඩ නොදිය යුතුයි.”—හෙබ්‍රෙව් 13:4.

ප්‍රයෝජන: සමහරු හිතන්නේ ඒවා කෝපි කාලේ අදහස් කියලා. ඒත් බයිබලය ලියපු කාලේ හිටපු අයට තිබුණු හැඟිම්වලට සමාන හැඟීම් තමයි මේ කාලේ ඉන්න අයටත් තියෙන්නේ. කෙනෙක් අවිශ්වාසවන්ත වුණොත් එදා හිටපු අයට හැඟුණු විදිහටම තමයි අද ඉන්න අයටත් හැඟෙන්නේ.—හිතෝපදේශ 6:34, 35.

ජෙසේ, සැමියෙක් හා තාත්තා කෙනෙක්. ඔහු මෙහෙම කියනවා. “සැමියෙක් හා බිරිඳක් අතර විශ්වාසවන්තකම තියෙන්නම ඕනේ. අපි අතරේ ලොකු බැඳීමක් තියෙන්නෙත් අපි සතුටින් ඉන්නෙත් ඒ නිසයි.” අවිශ්වාසවන්තකම පවුල් ජීවිතයට විතරක් නෙමෙයි දරුවන්ගේ අනාගතයටත් බලපානවා.

ලීගායා * එයාගේ පවුල් ජීවිතය අවුල් වුණු විදිහ ගැන මෙහෙම කිව්වා. “මම නරක අයගේ ආශ්‍රයට වැටුණා. ක්ලබ් ගාණේ ගියා. වැරදි වැඩ කළා.” ඒ නිසා ඇයයි සැමියයි අතර නිතර සණ්ඩු සරුවල් ඇති වුණා. ජීවිතේ කිසිම සතුටක් තිබුණෙත් නැහැ. “‘නරක ආශ්‍රය නිසා හොඳ පුරුදු නැති වෙනවා’ කියලා මගේ අම්මයි තාත්තයි කියපු දේ මොන තරම් ඇත්තක්ද කියලා මට තේරුණේ මගේ ජීවිතේ අවුල් වුණාමයි” කියලා ඇය කිව්වා.—1 කොරින්ති 15:33.

“තත්වය තවත් දරුණු වෙන්න කලින් මම හැම දෙයක්ම නතර කරලා ආයෙත් බයිබලය ඉගෙනගන්න පටන්ගත්තා. මේ සැරේ මට ඕන වුණේ ඉගෙනගන්න දේවල් ඒ විදිහටම පිළිපදින්නයි” කියලා ලීගායා කිව්වා. ඇය වෙනස් වුණු නිසා සැමියා ඇයට කරුණාවන්තව හා ගෞරවයෙන් සැලකුවා. ඇයට ඇගේ පවුල් ජීවිතය රැකගන්නත් පුළුවන් වුණා. “බයිබලය නිසා මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මගේ පරණ ජීවිතය අත් හැරපු එක ගැනවත් මගේ වටේ හිටිය යාළුවන්ගෙන් අයින් වුණ එක ගැනවත් මට කිසිම දුකක් නැහැ” කියලා ඇය කියනවා.

^ 6 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.