Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

කැනඩාවේ හා ඇමරිකාවේ පරිසර හිතකාමීයයි සැලකුණු නිෂ්පාදන 5,296ක් පරීක්ෂණයට ලක් කළ අතර ඉන් සියයට 95ක්ම “පරිසරයට අහිතකර බව” හෙළි වී තිබෙනවා.—TIME, U.S.A.

බැංකොක් ගුවන්තොටුපොළේ ආරක්ෂක අංශය විසින් කාන්තාවකගේ ගමන් මල්ල X-කිරණ පරීක්ෂාවකට ලක් කරන විට එහි සැක සහිත දෙයක් තිබෙන බව ඔවුන් දුටුවා. නැවත එම මල්ල පරීක්ෂා කරන විට සිහිසුන් කර තිබූ කොටි පැටවෙක්ව ඔවුන්ට සම්බ වුණා.—WORLD WILDLIFE FUND, THAILAND.

ජීවීන්ගෙන් ගහන ඇමසන් වනය

ඇමසන් වනය ජෛව විවිධත්වයෙන් ගහන ප්‍රදේශයක් බව අපි කවුරුත් දන්නා කරුණක්. ලෝක වන සත්ව අරමුදල පවසන්නේ පසුගිය අවුරුදු දහය ඇතුළතදී විවිධ සත්ව හා ශාක විශේෂ 1200කටත් අධික සංඛ්‍යාවක් සොයාගත් බවයි. ලෝක වන සත්ව අරමුදලේ සාමාජිකාවක් වන සාරා හචිසන් මෙවැනි දෙයක් පැවසුවා. “මේ තරම් ශාක හා සත්ව විශේෂ ප්‍රමාණයක් සොයාගැනීම ගැන අපිට හරිම පුදුමයි. ඒ වගේම මෙම සංඛ්‍යාවට, දැනට සොයාගෙන තිබෙන කෘමි විශේෂ ඇතුළත් නැහැ.”

මතකයට බාධා කරන පීඩනය

ෆින්ලන්තයේ රැකියා කරන අයගෙන් පහෙන් එකකටම, තමා කරන වැඩයට අවධානය දීමට බැරි බවත් මතක ශක්තියේ දුර්වලතා තිබෙන බවත් එය ඔවුන්ගේ රැකියාවට බලපාන බවත් සොයාගෙන තිබෙනවා. එසේ පැවසුවේ රැකියාවල නියුතු අයගේ සෞඛ්‍යය පිළිබඳ අධ්‍යයනය කරන එක් ආයතනයක් විසිනුයි. ඔවුන් පවසන්නේ වයස අවුරුදු 35ට අඩු පුද්ගලයන්ට එම තත්වය දරුණු ලෙස බලපාන බවයි. එයට හේතු වී තිබෙන්නේ අධික ලෙස තොරතුරු මතක තබාගැනීමට සිදු වීම හා පරිගණක තාක්ෂණයේ නිතර ඇති වන වෙනස්කම්වලට හැඩගැසීමට සිදු වීමයි. ආචාර්යය කීටි මුලර් මෙවැනි දෙයක් පැවසුවා. “ඕනෑවටත් වඩා තොරතුරු තිබෙන නිසා තමන්ගේ කාර්යයට අත්‍යවශ්‍ය තොරතුරු පවා තෝරා බේරා ගන්න ඔවුන්ට අමාරුයි.” එක් පුවත්පතක සඳහන් වුණේ මෙසේයි. “දිගින් දිගටම පීඩනයට මුහුණ දීම නිසා අපේ මොළය ඊට හුරු වෙනවා. අවසානයේදී අපි නොදැනුවත්වම ලෙඩ වෙනවා.”

දාමරිකයන් බිහි කරන වීඩියෝ ක්‍රීඩා

වීඩියෝ ක්‍රීඩා කෙනෙකුට බලපාන ආකාරය දැනගැනීම සඳහා පර්යේෂකයන් විසින් යෞවනයන් පිරිසක්ව යොදාගත්තා. ඒ සඳහා ඔවුන් කළේ එක් කණ්ඩායමකට ප්‍රචණ්ඩකාරී වීඩියෝ ක්‍රීඩාද අනික් කණ්ඩායමට සාමාන්‍ය වීඩියෝ ක්‍රීඩාද ලබා දීමයි. පසුව ක්‍රීඩා කිරීම සඳහා විනාඩි 20ක කාලයක්ද පසුව ඒ ගැන සිතීමටද කාලය දුන්නා. පසු දිනයේදී ඔවුන්ට යම් තරඟයකට සහභාගී වීමට අවස්ථාව දුන්නා. ඉන් හෙළි වුණ් ප්‍රචණ්ඩකාරී ක්‍රීඩාවල නියැලුණු අය ඉතා කෝපයෙන් ක්‍රියා කළ බවයි. ඒ ගැන පර්යේෂකයන් මෙසේ පවසනවා. “පුරුද්දක් ලෙස ප්‍රචණ්ඩකාරී වීඩියෝ ක්‍රීඩාවල නියැලෙන අය සාමාන්‍යයෙන් විනාඩි 20කට වඩා ඒවායේ නියැලෙනවා. ඒ වගේම ඒ ගැන නිතරම කල්පනා කරනවා.”