පවුලේ සැමට

පවුලේ සැමට

පවුලේ සැමට

මේ රැකියාව කළේ කවුද?

1. සෙබදීගේ පුත්‍රයන් වූ, පසුව යේසුස්ගේ ගෝලයන් බවට පත් වුණ ධීවරයන් දෙදෙනා කවුද?

ඔබේ පිළිතුර පහත ලියන්න.

හෝඩුවාව: මතෙව් 4:21, 22 කියවන්න.

.....

2. යේසුස්ගේ ගෝලයන් වුණ අනික් ධීවරයන් දෙදෙනා කවුද?

හෝඩුවාව: මතෙව් 4:18 කියවන්න.

.....

සාකච්ඡා කිරීමට:

තම ගෝලයන්ව “මිනිසුන් අල්ලන්නන් කරනවා” කියා යේසුස් පැවසුවේ ඇයි? (මතෙව් 4:19) ඔබ සිතන ආකාරයට මසුන් ඇල්ලීම සහ මිනිසුන් ඇල්ලීම අතර තිබෙන සමානකම් සහ වෙනස්කම් මොනවාද?

යේසුස්ගේ නියෝජිතයෙක් වූ අන්දෘ ගැන ඔබ දන්නේ කුමක්ද?

3. යේසුස්ගේ ගෝලයෙක් වීමට පෙර අන්දෘ සිටියේ කාගේ ගෝලයෙක් ලෙසද?

හෝඩුවාව: මාක් 1:4; යොහන් 1:35-40 කියවන්න.

.....

4. යේසුස් ගැන අන්දෘ කතා කළේ කා සමඟද? ඉන් ඇති වුණ ප්‍රතිඵලය කුමක්ද?

හෝඩුවාව: යොහන් 1:40-42 කියවන්න.

.....

සාකච්ඡා කිරීමට:

යේසුස් ගැන ඔබ දන්නා දේවල් ඔබේ නෑදෑයන්ට පැවසීම හොඳ දෙයක් වන්නේ ඇයි? සමහර නෑදෑයන් මොන වගේ ප්‍රතිචාරයක් දක්වන්න පුළුවන්ද?

හෝඩුවාව: මතෙව් 10:32-37 දක්වා කියවන්න.

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) ලියන්න.

3වන පිටුව ඥානවන්ත කෙනෙක් කල්පනා කරන්නේ කුමක් ගැනද? හිතෝපදේශ 14:.....

8වන පිටුව දෙවි තමාවම හඳුන්වා දී තිබෙන නම කුමක්ද? ගීතාවලිය 83:.....

20වන පිටුව දෙවිට අකීකරු වූ දේවදූතයන්ට සිදු වුණේ කුමක්ද? යූද්:.....

26වන පිටුව “කෝපය පිට කිරීමෙන්” සිදු වන්නේ කුමක්ද? හිතෝපදේශ 30:.....

● පිළිතුරු 11වන පිටුවේ

31වන පිටුව සඳහා පිළිතුරු

1. යාකොබ් සහ යොහන්.

2. පේතෘස් සහ අන්දෘ.

3. යොහන් බව්තීස්තගේ.

4. ඔහුගේ සහෝදරයා වන පේතෘස්ට, ඔහු යේසුස්ගේ ගෝලයෙක් බවට පත් වුණා.