Skip to content

පටුනට යන්න

දුර ඈත පියඹා යන සමනලයෙකුගේ රහස

දුර ඈත පියඹා යන සමනලයෙකුගේ රහස

නිර්මාණයක්ද?

දුර ඈත පියඹා යන සමනලයෙකුගේ රහස

▪ පෑන් තුඩක් තරම් කුඩා මොළයක් ඇති මොනාක් සමනලයන් කැනඩාවේ සිට මෙක්සිකෝවේ පිහිටි කුඩා වනාන්තරයක් දක්වා කිලෝමීටර් 3,000ක් පමණ දුරක් පියඹා යනවා. එලෙස උන්ට තම ගමන් මඟ සොයාගත හැක්කේ කෙසේද?

මේ ගැන සිතා බලන්න: මාලිමාවකින් මඟ සොයාගත හැකි වෙනවා සේ සූර්යාගේ පිහිටීම ආධාරයෙන් උන්ට තම මඟ සොයාගැනීමට හැකියි. නමුත් සූර්යා දවස පුරා නිශ්චිත ස්ථානයක නොපිහිටන බැවින් මේ පුංචි සමනලයන් යායුතු දිශාව තීරණය කරගන්නේ කොහොමද? ඒ සඳහා උන්ට තිබෙන සහජ හැකියාවෙන් දවසේ ඒ ඒ වෙලාවන් තුළ හිරු පිහිටන ස්ථානය දැනගැනීමට හැකියි. එය හරියට උන්ගේ ඇඟ ඇතුළේ තිබෙන ඔරලෝසුවක් වගෙයි. ජීව විද්‍යාඥයෙක් වන ස්ටීවන් රෙපර්ට් මෙවැනි අදහසක් ඉදිරිපත් කළා. ‘දැනට අධ්‍යයනය කර ඇති වෙනත් සතුන් හා කෘමීන් සමඟ සසඳද්දී මොනාක් සමනලයන්ට තිබෙන වෙලාව දැනගැනීමේ හැකියාව හුඟක් වෙනස්.’

මොනාක් සමනලයන්ගේ මේ හැකියාව ගැන අධ්‍යයනය කිරීමෙන් මිනිසුන් සහ සතුන් තුළ තිබෙන එම හැකියාව ගැන වඩාත් හොඳින් අවබෝධ කරගැනීමට විද්‍යාඥයින්ට හැකි වී තිබෙනවා. එමගින් ස්නායු දුර්වලතාවන් සඳහා නව ප්‍රතිකාර ක්‍රම හඳුනාගැනීමටද හැකි වී තිබෙනවා. රෙපර්ට් ඒ ගැන මෙසේ පැවසුවා. ‘වෙලාව පිළිබඳව මොළයට තොරතුරු රැස් වෙන ආකාරය ගැන දැනගැනීමට මොනාක් සමනලයන් කදිම උදාහරණයක්.’

කල්පනා කර බලන්න. මොනාක් සමනලයන් තම ගමන් මඟ සොයාගන්නා ආකාරය දෙස බැලූ විට උන් අහම්බෙන් ඇති වූවක් කියා සිතිය හැකිද? නැත්නම් බුද්ධිමත් නිර්මාණයක ප්‍රතිඵලයක්ද?

[10වන පිටුවේ රූප සටහන⁄සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

මොනාක් සමනලයන් කැනඩාවේ සිට මෙක්සිකෝවේ පිහිටි කුඩා වනාන්තරයක් දක්වා කිලෝමීටර් 3,000ක් පමණ දුරක් පියඹා යනවා

[සිතියම]

කැනඩාව

ඇමරිකා එක්සත් ජනපදය

මෙක්සිකෝව

මෙක්සිකෝ නගරය

[10වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Background: © Fritz Poelking/​age fotostock