මුරටැඹ - පාඩම් කලාපය 2016 මැයි 

2016 ජූනි 27 සිට ජූලි 31 දක්වා සති සඳහා පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

මතභේද ආදරෙන් විසඳගන්න

ඔයාගේ අරමුණ වෙන්න ඕනෙ මොකක්ද? වාදයක් දිනන එකද, වරද පිළිගන්න කියලා බල කරන එකද නැත්නම් වෙන දෙයක්ද?

‘ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට දේශනා කරන්න’

යේසුස් කියපු අනාවැකිය අද ඉටු කරන්නේ කවුද කියලා තේරුම්ගන්න ප්‍රශ්න 4කට උත්තර දැනගන්න එක වැදගත්.

තීරණයක් ගන්න වෙද්දී ඔයා මොකක්ද කරන්නේ?

බයිබලේ නිශ්චිතව නීතියක් සඳහන් වෙන්නේ නැති අවස්ථාවලදී ඔයා මොනවද කරන්න ඕනේ?

පෞද්ගලිකත්වය වෙනස් කරන්න ඔයා තවමත් බයිබලේට ඉඩ දෙනවද?

බව්තීස්මයට කලින් සූදූව, දුම් බීම, බේබදුකම සහ මත්ද්‍රව්‍ය භාවිතය වගේ පුරුදු අත්හැරියත් ඊටත් වඩා අමාරු දේවල් තියෙනවා වෙනස් කරගන්න කියලා සාක්ෂිකරුවෙක් තේරුම්ගත්තා.

දෙවි ලබා දෙන හැම සැපයුමකින්ම ප්‍රයෝජන ගන්න

සමහර තොරතුරුවලින් ප්‍රයෝජන නොගන්න අපි පෙලඹෙන්න පුළුවන් මොකක් නිසාද?

අතීතයෙන් බිඳක්

“දේශනා සේවය පවරලා තියෙන්නේ කාටද?”

1919 ආරම්භ කරපු විශේෂ වැඩක් මුළු ලෝකෙටම බලපෑවා.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

රජයේ සේවකයෙකුට තෑග්ගක් හෝ සන්තෝසමක් දෙන එක සුදුසුද කියලා තීරණය කරන්න ක්‍රිස්තියානියෙක්ට උදව් වෙන්නේ මොනවද? කෙනෙක්ව සභා සාමාජිකයෙකු ලෙස නැවත පිළිගන්නවා කියලා නිවේදනය කළාම සභාවේ අයට සතුට ප්‍රකාශ කරන්න පුළුවන් කොහොමද? යෙරුසලමේ තිබුණ බෙත්සාතා පොකුණේ “වතුර කැලඹුණේ” කොහොමද?