Skip to content

පටුනට යන්න

මුරටැඹ 2023 අංක 1 | මානසික සෞඛ්‍යයට වටිනා ඔවදන්

මානසික සෞඛ්‍ය ගැටලු ලෝකේ පුරා මිලියන ගාණකට බලපාන ප්‍රශ්නයක්. වයස, ආගම, ජාතිය, සමාජ මට්ටම මොකක් වුණත් හුඟදෙනෙක්ගේ ජීවිතවල සතුට උදුරගන්න මේ රෝග අද සමත් වෙලා තියෙනවා. මානසික රෝග කියන්නේ මොනවාද? ඒවා මිනිසුන්ට බලපාන්නේ කොහොමද? වෛද්‍ය ප්‍රතිකාර ගන්න එක ඇත්තටම වැදගත්ද? ඒවා එක්ක සටන් කරන්න බයිබලය උදව් වෙන්නේ කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර මේ සඟරාවෙන් දැනගන්න පුළුවන්.

 

ලොවම වෙළාගත් මානසික රෝග

මානසික රෝග ඕනෙම වයසක ඕනෙම පසුබිමක කෙනෙක්ට බලපාන්න පුළුවන්. ඒ වගේ අයට බයිබලයෙන් දෙන සහනය ගැන දැනගන්න.

දෙවියන් ඔයාට ආදරෙයි

වෙන කාටවත් වඩා ඔයාට හැඟෙන දැනෙන විදිහ තේරුම්ගන්න යෙහෝවා දෙවියන්ට පුළුවන් කියලා විශ්වාස කරන්න පුළුවන් ඇයි?

1 | දැනෙන විදිහ දෙවියන්ට කියන්න

හිතට වද දෙන ඕනෙම දෙයක් ගැන දෙවියන්ට කියන්න පුළුවන්ද? කනස්සල්ලට මුහුණ දෙන්න යාච්ඤාව උදව් වෙන්නේ කොහොමද?

2 | බයිබලයෙන් සහනයක් ලබාගන්න

අපිට ජීවිතේ මුහුණ දෙන්න වෙන අමිහිරි දේවල් මතකයටවත් එන්නේ නැති ලස්සන කාලයක් ගැන බයිබලයේ පොරොන්දු වෙලා තියෙනවා.

3 | බයිබල් ආදර්ශවලින් සහනයක් ලබාගන්න

අපිට වගේම හැඟුණ දැනුණ හුඟක් අය ගැන බයිබලයේ තියෙනවා. අඳුරු සිතුවිලි එක්ක සටන් කරන්න ඒ කතා අපිට උදව් වෙයි.

4 | බයිබලයේ ප්‍රායෝගික යෝජනා අදාළ කරගන්න

මානසික රෝගවලට හොඳින් මුහුණ දෙන්න බයිබල් පද ගැන හිතන එකත් අත් කරගන්න පුළුවන් ඉලක්ක තියාගන්න එකත් කොච්චර වැදගත්ද කියලා බලන්න.

මානසික ගැටළු එක්ක සටන් කරන අයට අත දෙමු

මානසික රෝගයක් එක්ක සටන් කරන යාළුවාට ඔයාගේ උදව් ඕනෙමයි.