Skip to content

පටුනට යන්න

6වෙනි කොටස

යේසුස් අවසන් වරට කළ සේවය

‘ඔබේ රජ ඔබ වෙතට එන්නේය.’—මතෙව් 21:5

යේසුස් අවසන් වරට කළ සේවය

මේ කොටසේ

101වෙනි පරිච්ඡේදය

සීමොන්ගේ නිවසේ කෑම වේලක්

ලාසරුස්ගේ සහෝදරිය වන මරියා කරන දෙයක් නිසා හැමෝටම කේන්ති යනවා. ඒත් යේසුස් ඇය වෙනුවෙන් කතා කරනවා.

102වෙනි පරිච්ඡේදය

රජ බූරු නාම්බෙකු පිට යෙරුසලමට එයි

අවුරුදු පන්සියයකට කලින් පැවසූ අනාවැකියක් යේසුස් ඉටු කරයි.

103වෙනි පරිච්ඡේදය

දේවමාලිගාව නැවතත් පවිත්‍ර කරයි

යෙරුසලමේ වෙළෙන්දන් කරපු වෙළඳ කටයුතුවල වරදක් නැහැ වගේ පේන්න තිබුණත් යේසුස් ඔවුන්ව කොල්ලකරුවන් විදිහට හඳුන්වන්නේ ඇයි?

104වෙනි පරිච්ඡේදය

යුදෙව්වන්ට දෙවිගේ හඬ අසන්න ලැබෙයි

යේසුස් කෙරෙහි විශ්වාසය තියන එකත් ඒ විශ්වාසය ක්‍රියාවෙන් පෙන්වන එකත් අතර වෙනසක් තියෙනවාද?

105වෙනි පරිච්ඡේදය

අත්තික්කා ගස යොදාගෙන විශ්වාසය ගැන උගන්වයි

දෙවියන් ගැන විශ්වාසය මොන තරම් ප්‍රබලද කියලත් දෙවියන් ඊශ්‍රායෙල් ජාතියව ප්‍රතික්ෂේප කරන්නේ ඇයි කියලත් යේසුස් පැහැදිලි කළේ කොහොමද?

106වෙනි පරිච්ඡේදය

මිදිවතු ගැන නිදර්ශන දෙකක්

තම පුතුන්ට මිදිවත්තේ වැඩට යන්න කියා පැවසූ මිනිසා ගැන උපමාවේ සහ තම මිදිවත්ත දුෂ්ට වැවිලිකරුවන්ට භාර දුන් මිනිසා ගැන උපමාවේ අර්ථය දැනගන්න.

107වෙනි පරිච්ඡේදය

විවාහ උත්සවයට ආරාධනා ලැබූ අයව රජ කැඳවයි

යේසුස් කියපු නිදර්ශනය අනාවැකියක්.

108වෙනි පරිච්ඡේදය

යේසුස් ආගමික නායකයන්ට හසු නොවෙයි

යේසුස් මුලින්ම පරිසිවරුන්වත් ඊළඟට සද්දුසිවරුන්වත් අන්තිමට ඒ දෙගොල්ලන්ම එකතු වෙලා කණ්ඩායමක් වෙලා ආවාමත් ඔවුන්ව නිහඬ කළා.

109වෙනි පරිච්ඡේදය

ආගමික නායකයන්ව හෙළාදකියි

ආගමික නායකයන් මිනිසුන්ව පහත් කරලා සලකන එක යේසුස් හෙළාදැක්කේ ඇයි?

110වෙනි පරිච්ඡේදය

යේසුස් දේවමාලිගාවේ ගෙවන අවසන් දවස

දිලිඳු වැන්දඹුවකගෙන් යේසුස් වටිනා පාඩමක් උගන්වයි.

111වෙනි පරිච්ඡේදය

නියෝජිතයන් ලකුණක් ඉල්ලයි

ඔහු කියපු අනාවැකිය යම් තරමකට මුල් සියවසේ ඉටු වුණා. ඊටත් වඩා ලොකු ඉටු වීමක් ඒ අනාවැකියට තියෙනවාද?

112වෙනි පරිච්ඡේදය

සෝදිසියෙන් සිටීම ගැන පාඩමක්

ගෝලයන් අතරින් පිරිසක් නුවණ ඇතුවත් තවත් පිරිසක් අනුවණ විදිහටත් කටයුතු කරනවා කියලා යේසුස් කිව්වාද?

113වෙනි පරිච්ඡේදය

පැවරුම කඩිසරව ඉටු කිරීම ගැන පාඩමක්

“යමක් ඇති සෑම කෙනෙකුටම තවත් දෙනු ලබනවා” කියලා යේසුස් කියපු දෙයින් අදහස් වෙන දේ නිදර්ශනයෙන් දැනගන්න.

114වෙනි පරිච්ඡේදය

ක්‍රිස්තුස් බැටළුවන්ව සහ එළුවන්ව විනිශ්චය කරයි

යේසුස් සදහටම බලපාන විනිශ්චයක් ගැන නිදර්ශනයක් මාර්ගයෙන් පැහැදිලි කරයි.

115වෙනි පරිච්ඡේදය

යේසුස් අන්තිම පාස්කුවට සූදානම් වෙයි

යේසුස්ව පාවා දීම වෙනුවෙන් යූදස්ට රිදී කාසි 30ක් දෙන්න ආගමික නායකයන් එකඟ වෙන එකෙන් පැහැදිලි වෙන්නේ මොකක්ද?

116වෙනි පරිච්ඡේදය

පාස්කුව සමරන අතරතුරේදී නිහතමානිකම ගැන පාඩමක්

දාසයෙක් කරන්න ඕන දේ යේසුස් කරද්දී නියෝජිතයන් ඒ ගැන පුදුම වෙනවා.

117වෙනි පරිච්ඡේදය

ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය

හැම අවුරුද්දකම නීසාන් 14වෙනිදා අනුගාමිකයන් සැමරිය යුතු ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය යේසුස් හඳුන්වලා දෙනවා.

118වෙනි පරිච්ඡේදය

උතුම්ම කෙනා කවුද කියා විවාදයක් ඇති වෙයි

ටිකකට කලින් යේසුස් උගන්වපු පාඩම නියෝජිතයන්ට අමතක වෙලා.

119වෙනි පරිච්ඡේදය

මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්

පියාණන් ළඟට යන්න නම් කරන්න ඕන දේ යේසුස් උගන්වනවා.

120වෙනි පරිච්ඡේදය

පල දරන අතු සහ යේසුස්ගේ මිතුරන් වීම

යේසුස්ගේ ගෝලයන් ‘පල දරන්නේ’ කොහොමද?

121වෙනි පරිච්ඡේදය

‘අධෛර්යය වෙන්න එපා, මම ලෝකයෙන් ජය ගත්තා’

මිනිසුන් යේසුස්ව මරා දානවා නම් තමන් ලෝකයෙන් ජය ගත්තා කියලා යේසුස් කිව්වේ ඇයි?

122වෙනි පරිච්ඡේදය

උඩුමහල් කාමරයේදී යේසුස් කරන අවසන් යාච්ඤාව

මිනිසුන්ට ගැලවීම ලබා දෙනවාට වඩා වැදගත් දෙයක් තමා කළ බව යේසුස් පැහැදිලි කරනවා.

123වෙනි පරිච්ඡේදය

මහත් ශෝකයෙන් සිටි මොහොතක යාච්ඤා කරයි

‘මේ කුසලානය මගෙන් ඉවත් කරන්න’ කියලා යේසුස් යාච්ඤා කරන්නේ ඇයි? ජීවිතය පූජා කරන්න ඔහු අදිමදි කරනවාද?

124වෙනි පරිච්ඡේදය

ක්‍රිස්තුස්ව පාවා දීම සහ අත්අඩංගුවට ගැනීම

මධ්‍යම රාත්‍රියේදී වුණත් යූදස් යේසුස්ව හඳුනාගනියි.

125වෙනි පරිච්ඡේදය

යේසුස්ව අන්නස් වෙතටත් පසුව කායෆස් වෙතටත් ගෙන යයි

යේසුස්ගේ නඩු විභාගය සාධාරණ එකක් වෙයි කියලා හිතන්න බැහැ.

126වෙනි පරිච්ඡේදය

යේසුස්ව හඳුනන්නේ නැහැ කියා පේතෘස් පවසයි

දෙවියන් ගැන විශ්වාසයක් භක්තියක් තිබුණු පේතෘස් යේසුස්ට පිටුපෑවේ ඇයි?

127වෙනි පරිච්ඡේදය

මන්ත්‍රණ සභාවෙන් පසුව පිලාත් ළඟට ගෙන යයි

යුදෙව් ආගමික නායකයන්ගේ හිතේ තියෙන දේ හෙළි වෙයි.

128වෙනි පරිච්ඡේදය

පිලාත් සහ හෙරොද් යේසුස් නිර්දෝෂ බව පිළිගනියි

පිලාත් යේසුස්ව හෙරොද් ළඟට යවන්නේ ඇයි? යේසුස්ට තීන්දුවක් දෙන්න පිලාත්ට අයිතියක් නැද්ද?

129වෙනි පරිච්ඡේදය

“බලන්න! මේ තමයි ඒ මිනිසා”

යේසුස් හොඳ ගතිගුණ තියෙන කෙනෙක් කියලා පිලාත් තේරුම්ගත්තා.

130වෙනි පරිච්ඡේදය

යේසුස්ව මරා දමන්න ගෙන යයි

තමන් ගැන හඬා වැලපෙන ස්ත්‍රීන්ට ඔවුන් සහ ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් හඬා වැලපෙන්න කියා යේසුස් කියන්නේ ඇයි?

131වෙනි පරිච්ඡේදය

නිර්දෝෂ රජෙක් වධකණුවේ වේදනා විඳියි

තමන් ළඟ ඉන්න අපරාධකරුවෙක්ට යේසුස් පුදුම දනවන පොරොන්දුවක් දෙයි.

132වෙනි පරිච්ඡේදය

“ඇත්තෙන්ම මේ දෙවිගේ පුත්‍රයා”

දවාලේ ඇති වුණු අන්ධකාරයෙන්, මහත් භූමිකම්පාවෙන් සහ දේවමාලිගාවේ තිරය ඉරුණු එකෙන් එක දෙයක් හොඳින්ම පැහැදිලි වෙනවා.

133වෙනි පරිච්ඡේදය

යේසුස්ගේ දේහය තැන්පත් කරයි

හිරු බැස යන්න කලින් යේසුස්ව තැන්පත් කළේ ඇයි?

134වෙනි පරිච්ඡේදය

සොහොන් ගෙය හිස් වෙලා

නැවත නැඟිටුණු යේසුස් මුලින්ම මුණගැහුණේ ස්ත්‍රීන්වයි, නියෝජිතයන්ව නෙවෙයි.

135වෙනි පරිච්ඡේදය

බොහෝදෙනෙක් නැවත නැඟිටුණු යේසුස්ව දකියි

තමන් ඇත්තටම නැවත නැඟිටලා කියලා යේසුස් ගෝලයන්ට තහවුරු කළේ කොහොමද?

136වෙනි පරිච්ඡේදය

ගලීල මුහුදු වෙරළේ

යේසුස්ට ඇත්තටම ප්‍රේම කරන බව පෙන්වන්න පුළුවන් විදිහ ගැන පේතෘස්ට තුන් වතාවක්ම මතක් කරයි.

137වෙනි පරිච්ඡේදය

පෙන්තකොස්ත දවසට කලින් හුඟදෙනෙක් යේසුස්ව දකියි

නැවත නැඟිටුණු යේසුස් ස්වර්ගයට යන්න කලින් ගෝලයන්ට ලැබෙන්න යන දේ ගැනත් ඒක පාවිච්චි කරන්න ඕන විදිහ ගැනත් කිහිප වතාවක්ම කියනවා.

138වෙනි පරිච්ඡේදය

ක්‍රිස්තුස් දෙවිගේ දකුණු පැත්තේ

සතුරන්ව විනාශ කරන්න නියමිත කාලය එන කල් යේසුස් කරන්නේ මොනවාද?

139වෙනි පරිච්ඡේදය

යේසුස් පොළොව පාරාදීසයක් කර තම පැවරුම සම්පූර්ණ කරයි

තම රාජ්‍යය භාර දෙන්න කලින් යේසුස්ට කරන්න ලොකු වැඩ කොටසක් තියෙනවා.