Skip to content

දහස්වෙනි නමස්කාර මධ්‍යස්ථානයත් ඉදි කරයි!

දහස්වෙනි නමස්කාර මධ්‍යස්ථානයත් ඉදි කරයි!

පිලිපීනයේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 2013 අගෝස්තු මාසයේදී ඔවුන්ගේ 1,000වෙනි නමස්කාර මධ්‍යස්ථානයත් ඉදි කළා. ගොඩක් රටවල වගේ පිලිපීනයේ ඉන්න හුඟක් සාක්ෂිකරුවන්ටත් තමන්ගේම කියලා නමස්කාර මධ්‍යස්ථානයක් ඉදි කරන්න අවශ්‍ය මුදල්වත් ඉදි කිරීම් ගැන අද්දැකීම්වත් තිබුණේ නැහැ. ඒ නිසා අවුරුදු ගාණක් ඔවුන් රැස්වීම් පැවැත්තුවේ ඔවුන්ගේ ගෙවල්වල නැත්නම් උණ බටවලින් හදපු පොඩි මඩුවලයි.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සංඛ්‍යාව වැඩි වෙන්න වැඩි වෙන්න පිලිපීනයේ වගේම වෙනත් රටවලත් නමස්කාර මධ්‍යස්ථානවල අවශ්‍යතාව වැඩි වුණා. ඒ නිසා 1999දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය පහසුකම් අඩු රටවල නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීමේ වැඩසටහනක් පටන්ගත්තා. ඒ සඳහා ඒ ඒ රටවල ඉන්න සාක්ෂිකරුවන් වගේම අනික් රටවල ඉන්න සාක්ෂිකරුවනුත් තමන්ට පුළුවන් උපරිමයෙන් මුදලින් සම්මාදම් කළා. ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්න ඉදි කිරීම් ගැන අද්දැකීම් තියෙන සාක්ෂිකරුවන්ව කණ්ඩායම් විදිහට විවිධ රටවලට යැව්වා. 2001 නොවැම්බර් මාසයේදී ඒ වගේ කණ්ඩායමක් පිලිපීනයටත් ආවා.

මාරිලාඕ කියන්නේ පිලිපීනයේ හදපු 1,000වෙනි නමස්කාර මධ්‍යස්ථානයයි. ඒ සභාවේ සහෝදරයෙක් වන ඉලුමිනාඩෝ තමන්ගේ අද්දැකීම ගැන කිව්වේ මෙහෙමයි. “සහෝදර සහෝදරියන් එක්ක එකට වැඩ කරන්න ලැබුණ එක ගැන මට ගොඩක් සතුටුයි. ගැහැනු පිරිමි, බාල මහලු හැමෝම ස්වේච්ඡාවෙන් වැඩ කළා. අපිට වැඩ කරන්න වුණේ කට්ට අව්වේ. හවස් වෙද්දී අපි හැමෝටම ගොඩක් මහන්සි තමයි. හැබැයි අපි හැමෝම එකතු වෙලා කරපු වැඩ දිහා බලද්දී ලොකු සතුටක් දැනෙනවා.”

සාක්ෂිකරුවන් නොවන අය පවා මේ ස්වේච්ඡා සේවකයන්ගේ වැඩ ගැන පුදුම වෙනවා. ගල්, වැලි ගෙනාපු ට්‍රක් රථයේ අයිතිකාර කෙනා කිව්ව දේ බලන්න. “ඕගොල්ලන්ගේ කට්ටිය හරියට කඩියෝ වගේ. හැමෝම හරිම සහයෝගෙන් වැඩ කරනවා. මං කවදාවත් මේ වගේ දෙයක් දැකලා නෑ.”

ඉදි කර අවසන් කළ නමස්කාර මධ්‍යස්ථානය

ඒ ස්වේච්ඡා සේවකයන්, අත්තිවාරම දාපු දවසේ ඉඳලා සති හයකටත් වඩා අඩු කාලයක් ඇතුළත මේ නමස්කාර මධ්‍යස්ථානය හදලා ඉවර කළා. ඒ නිසා දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කිරීමේ වැඩයට වැඩි අවධානයක් දෙන්න ඒ සභාවේ අයට පුළුවන් වුණා.—මතෙව් 24:14.

මාරිලාඕ සභාවේ සහෝදරියක් වන එලන් කියපු දේ බලන්න. “කලින් තිබ්බ ශාලාව නං පොඩියි. ඒ නිසා රැස්වීම්වලදී ගොඩක් අයට ඉන්න වුණේ එළියේ. හැබැයි දැන් තියෙන අපේ අලුත් ශාලාව, පහසුකම් තියෙන ලස්සන ලොකු ශාලාවක්. ඒ නිසා රැස්වීම්වලට හොඳ අවධානයක් දෙන්න අපිට පුළුවන්.”