Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැම කෙනෙක්වම මුණගැහෙන්න යන්නේ ඇයි?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැම කෙනෙක්වම මුණගැහෙන්න යන්නේ ඇයි?

 සාමාන්‍යයෙන් වෙනත් ආගම් අදහන අයත් බයිබලයේ තියෙන දේවල් ගැන දැනගන්න කැමතියි කියලා අපි දන්නවා. හැබැයි අපි බලෙන් කියන්නේ නැහැ. මිනිසුන්ට තමන් කැමති ආගමක් අදහන්න නිදහසක් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා.

 අපි බයිබලය ගැන අනික් අයත් එක්ක කතා කරද්දී ඒ අයට “ගැඹුරු ගෞරවයක්” පෙන්වන්න සහ “මෘදුකමින්” එහෙම කරන්න කියලා තියෙන බයිබලයේ උපදෙස පිළිපදිනවා. (1 පේතෘස් 3:15) අපි කියන දේ හැම කෙනෙක්ම පිළිගනී කියලා අපි හිතන්නේ නැහැ. (මතෙව් 10:14) හැබැයි කෙනෙක් එක්ක කතා කරන කං අපි දන්නේ නැහැ එයා කොයි වගේ ප්‍රතිචාරයක් දක්වයිද කියලා. මිනිසුන්ගේ ජීවිත වෙනස් වෙනවා.

 අපිව මුණගැහෙන කෙනෙක් කාර්යබහුලකම නිසා අපිත් එක්ක කතා කරන්න අකමැති වෙන්න පුළුවන්. ඒත් එයා නිදහසේ ඉන්න වෙලාවක ගියොත් ඔහු අපිත් එක්ක කතා කරන්න පෙලඹෙන්න පුළුවන්. සමහර අය මුහුණ දෙන ප්‍රශ්න ගැටලු දිනෙන් දින වෙනස් වෙන නිසා බයිබලය ගැන ඉගෙනගන්න පෙලඹෙන්න පුළුවන්. කෙනෙක්ව කිහිප වතාවක් හමු වෙන්න අපි උත්සාහ කරන්නේ ඒ නිසයි.