1 පේතෘස් 3:1-22

3  එලෙසම+ භාර්යාවෙනි, ඔබේ ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටින්න.+ එවිට ඔවුන්ගෙන් සමහරෙකු දෙවිගේ පණිවිඩයට කීකරු වී නොසිටියත්+ ඔවුන්ට ඒ ගැන වචනයක්වත් නොපවසා ඔබේ ආදර්ශයෙන්+ ඔවුන්ව දිනාගැනීමට හැකි වේ.+  මන්ද ඔවුහු ඔබේ නිර්මල හැසිරීම+ සහ ඔබ දක්වන ගැඹුරු ගෞරවය දකිනු ඇත.  ඔබේ බාහිර අලංකාරයට එනම්, කොණ්ඩය ගෙතීමට,+ රන් ආභරණවලින්+ සහ වටිනා ඇඳුම් පැළඳුම්වලින් සැරසී සිටීමට මුල් තැන නොදෙන්න.  ඒ වෙනුවට ඔබේ හදවත එනම්, ඔබේ ඇතුළාන්තය+ අලංකාරවත් කරගන්න. කිසිදා දිරා නොයන+ තැන්පත් මෘදු ස්වභාවයකින් සැරසී සිටින්න.+ දෙවිට බොහෝ සෙයින් වටින්නේ ඒ ස්වභාවයයි.  මන්ද අතීත කාලවල දෙවි කෙරෙහි බලාපොරොත්තු තැබූ ශුද්ධ ස්ත්‍රීහුද තම ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටිමින් එසේ අලංකාරවත් වූහ.  එලෙසම සාරා ආබ්‍රහම්ට, “ස්වාමීනි” කියා පවසමින්+ ඔහුට කීකරු වූවාය. ඔබටත් සාරා මෙන් විය හැක. එසේ වීමට නම් කිසිම හේතුවක් නිසා බියපත් නොවී දිගටම යහපත් දේ කරන්න.+  එලෙසම+ ස්වාමිපුරුෂයෙනි, ඔබත් ඔබේ භාර්යාවන්ව හොඳින් තේරුම්ගෙන+ ඔවුන් සමඟ ජීවත් වන්න. කාන්තාවන් වන ඔවුන් ඔබට වඩා දුර්වල අය වන නිසාත් ඔවුන් ඔබ සමඟ ජීවනය නමැති මහත් වරප්‍රසාදයට උරුමකම් කියන නිසාත්+ ඔවුන්ට ගෞරවය දිය යුතුයි.+ එසේ කිරීමෙන් ඔබේ යාච්ඤාවලට කිසි බාධාවක් ඇති නොවේ.+  අවසාන වශයෙන් මා පවසන්නේ මෙයයි. සියලුදෙනාම එකඟතාවකින්ද+ එකිනෙකාට අනුකම්පාව පෙන්වමින්ද සහෝදර ස්නේහය ඇතුවද ගැඹුරු දයානුකම්පාවෙන් ක්‍රියා කරමින්ද+ නිහතමානීවද සිටිය යුතුයි.+  නපුරට නපුරවත්+ නින්දාවට නින්දාවවත්+ නොකරන්න. ඒ වෙනුවට එවැනි දේවල් කරන අයට ආශීර්වාද කරන්න.+ මන්ද මෙම ගමන් මඟෙහි යෑමට ඔබව කැඳවනු ලැබුවේ ආශීර්වාදයක් උරුම කර දීම සඳහාය. 10  “ජීවිතයට ආදරයක් ඇති, දීප්තිමත් අනාගතයක් දැකීමට කැමති තැනැත්තා+ නපුරු හා වංචනික දේවල් පැවසීමෙන් වැළකී සිටිය යුතුයි.+ 11  ඔහු නපුරට පිටු පා+ යහපත් දේ කළ යුතුයි. ඔහු නිරතුරුවම සමාදානය සොයා එය ලුහුබැඳිය යුතුයි.+ 12  මන්ද යෙහෝවා දෙවිගේ ඇස්+ ධර්මිෂ්ඨයන් දෙසටත් ඔහුගේ කන් ඔවුන්ගේ කන්නලව් වෙතටත් යොමු වී තිබේ.+ නමුත් යෙහෝවා දෙවි නපුරු දේවල් කරන අයව ප්‍රතික්ෂේප කරයි.”+ 13  ඇත්තෙන්ම ඔබ යහපත් දේවල් කිරීමට උද්‍යෝගයෙන් සිටිනවා නම් ඔබට අනතුරු කරන්නේ කවුද?+ 14  ඔබ ධර්මිෂ්ඨ දේ කරන නිසා ඔබ දුක් වින්දත් ඔබට ඒ ගැන සතුටු විය හැකියි.+ නමුත් ඔබ අවට සිටින අය බිය වන දේවලට බිය නොවන්න.+ ඒ දේවල් නිසා කලබල නොවන්න.+ 15  ඒ වෙනුවට ඔබේ හදවත්වලින් ක්‍රිස්තුස්ව ස්වාමීන් ලෙස පිළිගෙන ශුද්ධ කෙනෙකු ලෙස ඔහුට ගෞරවය දෙන්න.+ ඔබට තිබෙන බලාපොරොත්තුව ගැන විමසන සියලුදෙනාට පිළිතුරු දීමට ඔබ නිතරම සූදානම් වී සිටිය යුතුයි.+ එවැනි අවස්ථාවකදී මෘදුකමින්+ හා ගැඹුරු ගෞරවයක් පෙන්වමින් පිළිතුරු දීමට වගබලා ගන්න. 16  දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් පවත්වාගැනීමට උත්සාහ කරන්න.+ එවිට ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් ලෙස ඔබේ යහපත් හැසිරීමට අවමන් කරමින්, ඔබට විරුද්ධව කතා කරන අය+ ලැජ්ජාවට පත් වනු ඇත.+ 17  ඔබ කරන යහපත් දේවල් නිසා ඔබට දුක් විඳීමට සිදු වීම දෙවිගේ කැමැත්ත නම් එය දරාගෙන සිටින්න.+ මන්ද නපුරු දේවල් කර දුක් විඳිනවාට වඩා එය හොඳය.+ 18  ඇත්තෙන්ම ක්‍රිස්තුස් සියලුදෙනාගේ පව් උදෙසා මිය ගියේය. එසේ මිය යෑමට අවශ්‍ය වූයේ එක වරක් පමණි.+ ධර්මිෂ්ඨ කෙනෙකු වූ ඔහු මිය ගියේ අධර්මිෂ්ඨයන් වෙනුවෙනි.+ ඔහු ඒ දේ කළේ ඔබව දෙවි වෙතට යොමු කිරීම සඳහාය.+ ඔහු මිය ගියේ මිනිසෙකු ලෙසය.+ නමුත් ඔහුව නැවත ජීවත් කරනු ලැබුවේ ස්වර්ගයෙහි ජීවත් විය හැකි කෙනෙකු* ලෙසය.+ 19  ඉන්පසු ඔහු සිරභාරයේ සිටි භූතයන්ට දේශනා කළේය.+ 20  ඔවුන් නෝවාගේ කාලයේදී අකීකරුව ක්‍රියා කළ අයයි.+ දෙවි ඒ කාලයේදී ඉවසිල්ලෙන් බලා සිටියේ+ නැව සාදන තුරුය.+ ඒ නැවට ඇතුල් වී ස්වල්පදෙනෙක් එනම්, අටදෙනෙක් අනතුරක් නැතුව ජලයෙන් තම දිවි ගලවාගත්තෝය.+ 21  එම සිද්ධිය බව්තීස්මයට සංකේතයකි. ඔබ දැන් ගැලවෙන්නේ ඊට සමාන බව්තීස්මයක් මගිනි.+ (එය ශරීරයේ අපවිත්‍රකම් සෝදාහැරීමේ ක්‍රියාවක් නොවේ. ඒ වෙනුවට එය දෙවිගෙන් නිදොස් හෘදය සාක්ෂියක් සඳහා කරන ඉල්ලීමකි.)+ ඔබ එසේ බව්තීස්ම වන්නේ නැවත නැඟිටෙවූ යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි ඔබට තිබෙන විශ්වාසය නිසාය.+ 22  ස්වර්ගයට ගොස් සිටින ඔහු දැන් සිටින්නේ දෙවිගේ දකුණු පැත්තෙහිය.+ එලෙසම දේවදූතයන්වද+ බලධාරීන්වද අධිකාරීන්වද ඔහුට යටත් කරන ලදි.+

පාදසටහන්

ග්‍රීක බසින්, නියුමා. උපග්‍ර. 3 බලන්න.