Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

කනස්සලු වෙන්න එපා

කනස්සලු වෙන්න එපා

මේ දුෂ්ට ලෝකයේ ජීවත් වෙද්දී අපිට කනස්සල්ලට හේතු වෙන දේවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි කන්ද උඩ දේශනයේදී යේසුස් කිව්වා ‘ඔබේ ජීවිත ගැන තවදුරටත් කනස්සලු නොවන්න’ කියලා. (මතෙ 6:25) ඔහු ඒකෙන් අදහස් කළේ කිසිම දෙයක් ගැන ඕනෑවට වඩා කනස්සලු වෙන්න එපා කියලයි. (ගීතා 13:2) එහෙම කිව්වේ ඇයි? එදිනෙදා අවශ්‍යතා ගැන වුණත් අනවශ්‍ය විදිහට කනස්සලු වුණොත් රාජ්‍යයට මුල් තැන දෙන්න අපිට බැරි වෙන නිසයි. (මතෙ 6:33) කනස්සලු නොවී ඉන්න අපිට උදව් වෙන තවත් දේවල් යේසුස් කිව්වා.

  • මතෙ 6:26—කුරුල්ලන් දිහා බලලා අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (w16.07 9-10 11-13¶)

  • මතෙ 6:27—අනවශ්‍ය විදිහට කනස්සලු වෙද්දී කාලයත්, ශක්තියත් නාස්ති වෙනවා කියන්නේ ඇයි? (w05 11/1 22 5¶)

  • මතෙ 6:28-30—තණබිම්වල වැවෙන ලිලී මල්වලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (w16.07 10-11 15-16¶)

  • මතෙ 6:31, 32—ක්‍රිස්තියානීන් වෙනත් ජාතීන්ට වඩා වෙනස් වෙන්නේ කොහොමද? (w16.07 11 17¶)

තවදුරටත් කනස්සලු වෙන්න එපා කියන උපදෙස මට අදාළ කරගන්න පුළුවන් කොහොමද?